BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

හිස්බුල්ලා සමග සටන් විරාමයකට ඊශ්‍රායලයේ අමුතු ඉල්ලීම

T

The Leader Desk

November 14, 2024 • 8:50 AM

හිස්බුල්ලා සමග සටන් විරාමයකට ඊශ්‍රායලයේ අමුතු ඉල්ලීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිස්බුල්ලා සංවිධානය සමග සටන් විරාමයකට යන්නේ නම්, ලෙබනනය වෙත ඕනෑම අවස්ථාවක ඇතුළු වීමේ සහ ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව තමන් සතු විය යුතු බවට ඊශ්‍රායලය විසින් නව කොන්දේසි එක් කර ඇතැයි, ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් (Jean-Noel Barrot) පවසයි.
  •   ලෙබනනය සහ සිරියාව අතර පවතින මිත්‍රත්වය ඊශ්‍රායලයට තර්ජනයක් බැවින්, සටන් විරාමයක් අතරතුර වුව, ඕනෑම අවස්ථාවෙක, ලෙබනනයට ඇතුළු වීමේ සහ ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව තමන් සතු විය යුතු යැයි, ඊශ්‍රායල රජය තමන් හා පවසූ බව බැරට් සඳහන් කළේය.
  • ඊශ්‍රායලය ඒ පිලිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
  • යුද ජයග්‍රහණ පිණිස හේතුවන ඉලක්ක ගත අරමුණින් තොර කිසිවක් සිය කිසිදු සටන් විරාම ගිවිසුමක  ඇතුළත් නොකෙරෙන බව එරට ආරක්ෂක අමාත්‍ය කාට්ස් මීට පෙර කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායලයේ ජෙරුසෙලමේදී එරට රජය සමග පැවති සාකච්ඡා වලින් අනතුරුව ඔහු ඊයේ (13)  විශේෂ ප්‍රංශ පාර්ලිමේන්තු සැසියකදී ඒ බව ප්‍රකාශ කළේය.

 

4544671 736261642

ලෙබනනය සහ සිරියාව අතර පවතින මිත්‍රත්වය ඊශ්‍රායලයට තර්ජනයක් බැවින්, සටන් විරාමයක් අතරතුර වුව, ඕනෑම අවස්ථාවෙක, ලෙබනනයට ඇතුළු වීමේ සහ ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව තමන් සතු විය යුතු යැයි, ඊශ්‍රායල රජය තමන් හා පවසූ බව බැරට් සඳහන් කළේය.

ඊශ්‍රායල උපායමාර්ගික කටයුතු පිලිබඳ අමාත්‍ය, රොන් ඩර්මර් (Ron Dermer) සහ නව ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කාට්ස් (Israel Katz) සමග ප්‍රංශ විදේශ අමාත්‍යවරයා පසුගිය සතියේ මේ පිලිබඳ දීර්ඝ සාකච්ඡා පැවැත්වීය. 

 



එහෙත්, ඊශ්‍රායලයේ නව යෝජනා කිසිදු රාජ්‍යයක ස්වෛරීභාවයට තරම් නොවන බවත්, එබැවින්ම ලෙබනනයේ රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම උදෙසා තව දුරටත් සහාය අවශ්‍ය බවත් බැරට් පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊශ්‍රායලය ඒ පිලිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත. යුද ජයග්‍රහණ පිණිස හේතුවන ඉලක්ක ගත අරමුණින් තොර කිසිවක් සිය කිසිදු සටන් විරාම ගිවිසුමක  ඇතුළත් නොකෙරෙන බව එරට ආරක්ෂක අමාත්‍ය කාට්ස් මීට පෙර කියා සිටියේය. ඕනෑම අවස්ථාවෙක එරටට එල්ල වන ත්‍රස්ත තර්ජනයකට පූර්ණ හමුදා බලය මුදා හැරීමේ ඒකළ ශක්තිය සහ ඒ පිලිබඳ අභිලාශය තමන් සතු බව ඔහු අවධාරණය කරයි.

 

ප්‍රංශය සහ ලෙබනනය අතර ඓතිහාසික ද්වීපාර්ශ්වීය සබඳතා වර්ධනය කර තිබේ. ලෙබනනය ආරක්ෂා කිරීම පිණිස, ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කරුවන් අතර සටන්විරාම සාකච්ඡා උදෙසා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට ප්‍රංශය ඉදිරිපත්ව සිටී. එක්සත් ජනපදය සමග එක්ව ප්‍රංශය ඒ වෙනුවෙන් දැරූ මූලික ප්‍රයත්න පසුගිය සැප්තැම්බරයේදී බිඳ වැටිණි. 

ලෙබනනය තුළ  සටන් විරාමයක් වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කිරීමට ප්‍රංශය සතු හැකියාව අල්ප බවත්, සටන් විරාමයක් පිණිස, එක්සත් ජනපදය ඊශ්‍රායලය වෙත මීට වඩා දැඩි බලපෑමක් සිදු කළයුතු බවත් ප්‍රංශ විදේශ අමාත්‍ය බැරට් කියා සිටී.
   
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israel wants freedom to strike Lebanon even after ceasefire, France says


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...