සහ ආරක්ෂාව භාර නව පුද්ගලයින් තීරණය කිරීමේ කටයුත්තේ 'හැල්මේ' නිරත ව සිටී.
ඩොලර් බිලියනපතියකු සහ බැංකු කරුවකුද වන හොවාර්ඩ් ලුට්නික් (Howard Lutnick), ට්‍රම්ප් රජයේ භාණ්ඩාගාර ලේකම් ලෙස තෝරා ගනු ඇතැයි, එරට පරිපාලන ව්‍යුහයේ මානව සම්පත තීරණය කරමින් සිටින 'සංක්‍රාන්ති කණ්ඩායම' පවසයි.
නව රජයේ ඉහළම භාණ්ඩාගාර තනතුර වන එම ධුරයට පත් වීමට ඇමෙරිකානු ආයෝජකයකු වන ස්කොට් බෙසෙන්ට් (Scott Bessent) ද අපේක්ෂාවෙන් සිටී.
එහෙත්, ට්‍රම්ප් ගේ දිගු කාලීන මිත්‍රයකු මෙන්ම, සංක්‍රාන්ති කණ්ඩායමේ සම සභාපතිවරයකුද වන ලුට්නික්, තරගයේ ඉදිරියෙනි. බෙසෙන්ට් ද ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය භාර ආර්ථික උපදේශකයා සහ අරමුදල් රැස්කරන්නා ලෙස වෙසෙස් කාර්ය භාරයක් ඉටු කළ අයෙකි.
චීනය පිලිබඳ දැඩි මතධාරී මාර්කෝ රුබියෝ (Marco Rubio) සිය රාජ්‍ය ලේකම් ධුරය සඳහා ට්‍රම්ප් විසින්ම යෝජනා කර තිබේ.
ෆොක්ස් (Fox) රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශකයකු වූ පීට් හැග්සෙත් (Pete Hegseth), ට්‍රම්ප් රජයේ ආරක්ෂක ලේකම් ධුරයට තෝරාගැනීමට නියමිතය. මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය මෙන්ම, දැවැන්ත චරිතයක් වන ඔහු, රාජ්‍ය ක්ෂේත්‍රයේ අල්ප මාත්‍ර අත්දැකීම් ඇත්තෙකි. ඔහු, කළු ජාතිකයින් රජයේ ඉහළ තනතුරු දැරීම පිළිබඳව, ට්‍රම්ප් සේම විවේචනයේ යෙදෙන්නෙකි. 44 හැවිරිදි ඔහු, එම ධුරය සඳහා නම් කිරීම, පෙන්ටගනයේ ද දැඩි විමතියට හේතු වී තිබේ.
ට්‍රම්ප් විසින් අඩු අත්දැකීම් සහිත හිතෛශීන් රජයේ ඉහළම තනතුරුවලට තෝරා ගනිමින් සිටීම පිලිබඳ මේ දිනවල වැඩි කතාබහක් සිදුවෙමින් පවතී. ඔහුගේ රජය යටතේ, 42 හැවිරිදි මැට් ගැට්ස් (Matt Gaetz) එරට නීතියේ උපරිම ආධිපත්‍ය සතු නීතිපති ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටී. වෘත්තීය නීතිඥයකු වන ඔහු, එරට අධිකරණ අමාත්‍යංශයේ කිසි දා සේවය නොකළ, කිසිදු නඩු පැවරුම් කටයුත්තකට ද සහභාගී නොවූ තැනැත්තෙකි. ඔහුට එරෙහි ලිංගික ජාවාරම් චෝදනා පිලිබඳ, එරට අධිකරණ අමාත්‍යංශය විසින් විශේෂ විමර්ශනයක් ද සිදු කර තිබේ.
ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස ට්‍රම්ප්ගේ තේරීම ටුල්සි ගබ්බාර්ඩ් ( Tulsi Gabbard) ය. හිටපු ප්‍රජාතන්ත්‍රවාදී කොන්ග්‍රස් සාමාජිකාවක වන ඇය, පසුව ට්‍රම්ප් හිතවාදියකු බවට පත්වූවාය. ඇය, බැරක් ඔබාමා සමයේ, සිරියානු යුද්ධයට ඇමෙරිකාව, හමුදාමය වශයෙන් අත පෙවීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පෑ කාන්තාවකි.
ඇමෙරිකානු මිත්‍ර සන්ධානයේ පසුවන යුක්‍රේනය ආක්‍රමණයට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ට සහේතුක කරුණු පැවති බවට ද අතීතයේ ඇය විසින් මත පල කර තිබේ. සිය දේශයේ ජාතික ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට පුටින්ට අයිතියක් ඇතැයි ඇය පවසයි. ටුල්සි, බිය යනු කුමක්දැයි නොහඳුනන ශක්තිමත් අධ්‍යාත්මයකින් හෙබි තැනැත්තියක බව ට්‍රම්ප් කියා සිටී.
ඇය 2004 සිට 2005 දක්වා කාලයේ, ඉරාකය තුළ, හවායි ජාතික ආරක්ෂක සේවයේ මේජර් වරියක ලෙස කටයුතු කළ අතර, වත්මන, එක්සත් ජනපද හමුදාවේ ලුතිනන් කර්නල් වරියකකි. ඇමෙරිකානු ජාතික බුද්ධි සේවය යටතේ, ඊට සම්බන්ධ ඔත්තු සේවා 18ක් පමණ ක්‍රියාත්මකය. බුද්ධි සේවය පිලිබඳ එතරම් අත්දැකීම් සහ දැනුම රහිත ටුල්සි ගබ්බාර්ඩ් වැනි තැනැත්තියක එහි ඉහළම ධුරය පිණිස ට්‍රම්ප් විසින් තෝරා ගැනීම ද එහි අභ්‍යන්තරයේ දැඩි විමතියට හේතු වී තිබේ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Trump taps loyalists with few qualifications for top jobs
Trump's Treasury pick: Lutnick now a top contender alongside Bessent, sources say
Trump taps firebrand congressman Matt Gaetz for attorney general



