BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ලෙබනනයට සැනසීම අත ළඟ

T

The Leader Desk

November 15, 2024 • 4:46 AM

ලෙබනනයට සැනසීම අත ළඟ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සටන් විරාමයක් පිණිස රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය සාර්ථක වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඊයෙත් (14), ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන සොයා
  •   සිය ප්‍රහාරක යානා, හිස්බුල්ලා සංවිධානයේ අවි ගබඩා, හමුදා මූලස්ථාන සහ වෙනත් 'තිප්පොල' ඉලක්ක කර එම ප්‍රහාර සාර්ථකව සිදු කළ බව ඊශ්‍රායල හමුදා පවසති.
  • ඊට අමතරව නැගෙනහිර බාල්බෙක් නගරයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
  • දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් තවත් 11 දෙනෙක් මිය ගියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

දරුණු ගුවන් ප්‍රහාර එල්ල කළේය.

බීරුත් අගනුවර දකුණුබද ප්‍රදේශ කිහිපයක් එම ප්‍රහාරවලට ලක් විය.

අඛණ්ඩව තෙවන දිනටත්  බීරුත් වෙත එල්ල වූ එම ප්‍රහාරවලින් දහියේ හි පිහිටි ගොඩනැගිලි රැසක් 'බිමට සමතලා' විය.

 

images 52

සිය ප්‍රහාරක යානා, හිස්බුල්ලා සංවිධානයේ අවි ගබඩා, හමුදා මූලස්ථාන සහ වෙනත් 'තිප්පොල' ඉලක්ක කර එම ප්‍රහාර සාර්ථකව සිදු කළ බව ඊශ්‍රායල හමුදා පවසති.

ඊට අමතරව නැගෙනහිර බාල්බෙක් නගරයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් තවත් 11 දෙනෙක් මිය ගියහ.

ලෙබනනයේ, එක්සත් ජනපද තානාපති, ලෙබනන කථානායක නබිහ් බෙරී  (Nabih Berri) වෙත ඊයේ, නව සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කළේය. අවම වශයෙන් පසුගිය සති කිහිපය පුරාවට, වොෂින්ටනය විසින් ඊශ්‍රායල-හිස්බුල්ලා ගැටුම් නතර කිරීම  පිණිස ඉදිරිපත් කළ එකම ලිඛිත සටන් විරාම යෝජනාව එයයි.

images 53

ඊයේ, එය ලෙබනනයේ 'අනුදැනුම' පිණිස ඉදිරිපත් කළ බව එක්සත් ජනපදය පවසයි.

ඒ අනුව, රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් පිණිස අවශ්‍ය සියළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ලෙබනනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රොයිටර්ස් පුවත් සේවය වෙත පවසා තිබේ.

මීට පෙර, ඔක්තෝබර්  මස අවසන් වීමට මත්තෙන්, සටන් විරාමයක් පිණිස ලෙබනනය දෑස් දල්වා සිටියේය. මුලින්ම, එය, දින 60 ක සටන් විරාම  යෝජනාවකි. එහි, පළමු සතිය තුළ, ඊශ්‍රායල හමුදා මුළුමනින්ම ලෙබනනයෙන් ඉවත් විය යුතු බවට යෝජනා විය. අනතුරුව, එක්සත් ජාතීන්ගේ නියාමනයන්ට අනුව තිරසර සටන් විරාමයකට පියවර ගැනීමට නියමිතව තිබිණි. 

W4GCLRRN45OPNKIK4XP26KCCFEඊශ්‍රායලය සහ ජිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් ඇවිළි තැන් සිට මෙතෙක් යෝජිත අපේක්ෂා සහගතම සටන් විරාම යෝජනාව මෙය බව එලී කොහෙන් (Eli Cohen) පවසයි


ඊශ්‍රායලය සහ ජිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් ඇවිළි තැන් සිට මෙතෙක් යෝජිත අපේක්ෂා සහගතම සටන් විරාම යෝජනාව මෙය බව ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය සහ එරට ආරක්ෂක කැබිනට් මණ්ඩල සාමාජික එලී කොහෙන් (Eli Cohen) පවසයි. එය අන් කවරදාකටත් වඩා වඩා සාර්ථක එකක් වනු ඇතැයි හෙතෙම කියා සිටී.  

එක්සත් ජනපද ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ ප්‍රබල හිතවාදියෙකි. ඔහුගේ ජයග්‍රහණයට පෙර ඊශ්‍රායල-හිබුල්ලා ඉක්මන් සටන් විරාමයක් පිණිස, අග්‍රාමාත්‍ය නෙතන්යාහු වෙහෙසී කටයුතු කරමින් සිටි බවක් ද පෙනෙන්නට විය.  


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Lebanese ceasefire efforts inch ahead as Israel keeps up fierce bombardment

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෙබනනයට සැනසීම අත ළඟ | The Leader