පොලිස් කටයුතු වලට අනිසි අතපෙවීම ඔහුට එරෙහි චෝදනා වේ. ඊශ්‍රායල නීතිපතිනි, ගාලි බහරාව්-මියරා (Gali Baharav-Miara ) ලිපියක් මගින් ඒ බැව් අග්‍රාමාත්‍යවරයාට දන්වා යැවීය.
ඊශ්‍රායල නීතිපතිනි, ගාලි බහරාව්-මියරා
සිය රාජකාරි යටතේ, අමාත්‍යවරයාට පැවරී ඇත්තේ ජාතික ආරක්ෂාව පිලිබඳ සාමාන්‍ය ප්‍රතිපත්ති සම්පාදනය බවත්, එහෙත්, එය නොතකා පොලිස් මෙහෙයුම් පිණිස උපදෙස් නිකුත් කිරීම මගින්, ඔහු විසින් පොලිස් සේවයේ දේශපාලන අපක්ෂපාතී භාවය පළුදු කර ඇති බවත්, නීතිපතිවරිය සිය ලිපිය මගින් දන්වා යවා තිබේ.
පොලිස් රාජකාරියට එමගින් බාධා සිදුවන බවත්, පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් වෙනුවෙන් අමාත්‍යවරයාගේ මැදිහත්වීම, පොලිසිය පිලිබඳ මහජන විශ්වාසය බිඳ දැමීමක් බවත් එහි වැඩි දුරටත් සඳහන්ය.
අග්‍රාමාත්‍ය නෙතන්යාහු
අමාත්‍ය බෙන්-ගිවියර්, එරට සන්ධාන රජයේ සුළුතර පක්ෂ සාමාජිකයෙකි. දීර්ඝ කාලයක සිට නීතිපතිවරිය, අර ඇන්දේ තමාට එරෙහි කුමන්ත්‍රණයකට බව දැන් එලි වී ඇතැයි, සමාජය මාධ්‍යයේ පණිවුඩයක් තබමින් ඔහු ප්‍රකාශ කරයි. සත්‍ය වශයෙන්ම එලියට විසිවිය යුත්තේ තමා නොව, නීතිපතිවරිය බව බෙන්-ගිවියර් එහි සඳහන් කරයි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israel's attorney general tells Netanyahu to reexamine police minister's role



