BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

නවසීලන්තයේ නව පනතකට එරෙහිව පාර්ලිමේන්තුවේ 'හකා' නටති

T

The Leader Desk

November 15, 2024 • 8:27 AM

නවසීලන්තයේ නව පනතකට එරෙහිව පාර්ලිමේන්තුවේ 'හකා' නටති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවසීලන්තය ප්‍රතිෂ්ඨාපනය කිරීම පිලිබඳ වසර 184 ක් පැරණි ලේඛනයක් ප්‍රතිනිර්වචනය පිණිස ඉදිරිපත් කරන ලද මතභේදාත්මක නව පනතකට එරට ආදී වාසීන්ගේ විරෝධය පළවේ.
  • දින නවයක විරෝධතා පාගමනක් වන එය ලබන අඟහරුවාදා (19) අගනුවරට ලඟා වීමට නියමිතය.
  •     සාම්ප්‍රදායික ආදිවාසී ඇඳුමින් සැරසී පැමිණෙන විරෝධතාකරුවන්, වීදී දෙපස 'මව්රි' ධජ වනමින් ජයඝෝෂා නඟන නරඹන්නන් ගේ ඉමහත් පිළිගැනීමට ලක්වී ඇතැයි වාර්තා වේ.
  • වෙලින්ටන් අගනුවරට කිලෝමීටර 450ක් පමණ එපිට රොටොරුවා (Rotorua) සිට දහස් ගණන් ජනතාව පා ගමනින් අගනුවර වෙත ලඟා වෙමින් ඇතැයි, එරට පොලිසිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


 ඊයේ (14) එය පාර්ලිමේන්තුවේ මුල්වර කියවීමෙන් සම්මත වීමත් සමග අද, දහස් ගණන් ජනතාව එරට, වෙලින්ටන් අගනුවර වෙත පාගමනින් සිදු කෙරෙන විරෝධතා  පෙලපාලිවලට එක් වූහ. දින නවයක විරෝධතා පාගමනක් වන එය ලබන අඟහරුවාදා (19) අගනුවරට ලඟා වීමට නියමිතය.

නව පනත් කෙටුම්පතට එරෙහි ජනහමු ගණනාවක් ද රට පුරා නගර රැසක ආරම්භ කර තිබේ.  

 

2184426370සාම්ප්‍රදායික ආදිවාසී ඇඳුමින් සැරසී පැමිණෙන විරෝධතාකරුවන්, වීදී දෙපස 'මව්රි' ධජ වනමින් ජයඝෝෂා නඟන නරඹන්නන් ගේ ඉමහත් පිළිගැනීමට ලක්වී ඇතැයි වාර්තා වේ.

වෙලින්ටන් අගනුවරට කිලෝමීටර 450ක් පමණ එපිට රොටොරුවා (Rotorua) සිට දහස් ගණන් ජනතාව පා ගමනින් අගනුවර වෙත ලඟා වෙමින් ඇතැයි, එරට පොලිසිය පවසයි. සාම්ප්‍රදායික ආදිවාසී ඇඳුමින් සැරසී පැමිණෙන විරෝධතාකරුවන්, වීදී දෙපස 'මව්රි' ධජ වනමින් ජයඝෝෂා නඟන නරඹන්නන් ගේ ඉමහත් පිළිගැනීමට ලක්වී ඇතැයි වාර්තා වේ.

ඊයේ, එරට ආදිවාසී මව්රි නායකයෝ, සාම්ප්‍රදායික 'හකා' නර්තනයේ යෙදෙමින් සිය විරෝධතාවය පළ කළහ. නවසීලන්තයේ ආදීවාසී 'හකා' නර්තනය, විරෝධතාකරුවන් අබියස, ඔවුන්ට අභියෝග  පිණිස රඟ දැක්වෙන්නකි.

hqdefault 1731612119008 1731631047734

ඊයේ, එරට පාර්ලිමේන්තුවේදී පනත මුල්වර කියවීමෙන් සම්මත වීමෙන් පසු, විසි දෙහැවිරිදි නීතිවේදී, මව්රි ගෝත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රිනී, හැනා-රව්හිටී මෙයිපී-ක්ලාර්ක් (Hana-Rawhiti Maipi-Clarke), එහි පිටපතක් ඉරා දමමින් 'හකා' නර්තනයේ යෙදුනාය. අනෙකුත් පාර්ලිමේන්තු මව්රි සභිකයින් සහ ගැලරියේ සිටි ඇතැම් නරඹන්නෝද ඇයට එක්වූහ.

1840 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ මව්රි නායකයින් 500කට අධික පිරිසක් අතර අත්සන් කෙරෙනු එම ඓතිහාසික ගිවිසුමින්, දෙපාර්ශ්වය විසින් රාජ්‍ය පාලනය කෙසේ  අනුදැන කටයුතු කළයුතු දැයි විග්‍රහ කෙරේ. එහි, අන්තර්ගතය අදටත්, නවසීලන්ත රාජ්‍ය ව්‍යවස්ථාවේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රධාන තැනක් ගනී.  

එම පනතේ ඇතැම් වගන්ති මගින් රජය සහ මව්රි ජන කොටස් අතර අනවශ්‍ය බැඳීමක් නිර්මාණය කර ඇති බවත්, එමගින් එරට ආදී වාසී නොවන ජනකොටස් කෙරෙහි අනිසි බලපෑම් එල්ල කෙරෙන  බවත්, ප්‍රකාශ කරමින් එරට මධ්‍ය-දක්ෂිණාංශික පාලක සන්ධානය විසින් නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

 

QmkHO0Uu 720

නව පනත මගින් මව්රි සහ වෙනත් ආදිවාසී ජනකොටස්වල අයිතීන් සුළුකොට, අවමානයට ලක් කර ඇතැයි මව්රි පාක්ෂිකයෝ පවසති.   

නව පනතට සිය සහාය හිමි වන්නේ, එය පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමේදී පමණක් බවත්, එහි දෙවන සහ තෙවනවර කියවීම් වලදී පනත නීතිගත කිරීමට  සහාය නොදක්වන බවත්, සන්ධාන රජයේ ජාතික පක්ෂය (National Party) සහ 'පළමුව නවසීලන්තය' (New Zealand First) පක්ෂය පවසයි.

images 54

ජාතික පක්ෂ සාමාජික, නවසීලන්ත අග්‍රාමාත්‍ය, ක්‍රිස්ටෆර් ලක්සන් (Christopher Luxon) ද, සිය පක්ෂය පනත දෙවන සහ තෙවනවර කියවීමේදී ඊට  සහාය නොදක්වන බව තහවුරු කළේය.  

ඒ අනුව, නව පනත නීතිගත කිරීම පිණිස සම්මත නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවසීලන්තයේ මිලියන 5.3 ක ජනගහනයෙන් 20%ක්  ආදිවාසී ජනතාවගෙන් සමන්විත වේ.

 


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Maori protesters march on New Zealand capital over contentious bill

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...