BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

පුටින්ට මරු ඉල්ලා රුසියානු නාට්‍ය අධ්‍යක්ෂිකාවක් හිරේ

T

The Leader Desk

November 15, 2024 • 2:50 PM

පුටින්ට මරු ඉල්ලා රුසියානු නාට්‍ය අධ්‍යක්ෂිකාවක් හිරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොස්කව් හමුදා අධිකරණයක් ඊයේ (14) එරට 43 හැවිරිදි කාන්තාවකට අට වසරක සිර දඬුවම් නියම කළාය.
  • ඇය විසින් රුසියානු හමුදා අපකීර්තියට පත්වන අයුරින් සාවද්‍ය ප්‍රකාශ සිදු කරමින්, ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීම, යුද වාරණ නීති උල්ලංඝනය කෙරෙන සාපරාධී ක්‍රියාවක් බව අධිකරණය සිය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළේය.
  • යුක්‍රේන යුද්ධයට එරෙහිව මත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට, 1000කට අධික රුසියානු පුරවැසියන් සංඛ්‍යාවකට අපරාධ නීතිය යටතේ වරින්වර සිර දඬුවම් පමුණුවා තිබේ.
  • යුද විරෝධතාවන්ට එක් වූ තවත් 20,000කට අධික පිරිසක් රුසියානු රජයේ රැඳවුම් භාරයේ පසුවෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

අන්තර්ජාලය ඔස්සේ යුද-විරෝධී මත පළකරමින්, ජනපති ව්ලැඩිමිර් පුටින් ඝාතනය කළ යුතු බවට ඇය විසින් සිදු කරන ලදැයි පැවසෙන ප්‍රකාශයන් කිහිපයක් සම්බන්ධයෙන් එම දඬුවම් නියම විය.


 දෙදරු මවක වන ඇනස්ටාසියා බෙරෙසින්ස්කායා (Anastasia Berezhinskaya) නම් එම කාන්තාව, මොස්කව් නෘත්‍ය අධ්‍යක්ෂිකාවකි. ඇය විසින් රුසියානු හමුදා අපකීර්තියට පත්වන අයුරින් සාවද්‍ය ප්‍රකාශ සිදු කරමින්, ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීම, යුද වාරණ නීති උල්ලංඝනය කෙරෙන සාපරාධී ක්‍රියාවක් බව අධිකරණය සිය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළේය.

යුක්‍රේන යුද්ධයට එරෙහිව මත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට, 1000කට අධික රුසියානු පුරවැසියන් සංඛ්‍යාවකට අපරාධ නීතිය යටතේ වරින්වර සිර දඬුවම් පමුණුවා තිබේ. යුද විරෝධතාවන්ට එක් වූ තවත් 20,000කට අධික පිරිසක් රුසියානු රජයේ රැඳවුම් භාරයේ පසුවෙති.

සිය රෝගියකුගේ මව විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්, මොස්කව් අධිකරණයක් විසින් පසුගිය අඟහරුවාදා (12) එරට 68 හැවිරිදි ළමා විශේෂඥ වෛද්‍යවරියකට වසර පහකුත් මාස හයක සිර දඬුවම් පැනවිණි. යුක්‍රේනයේ රැඳී සිටින රුසියානු හමුදා සම්බන්ධයෙන් එම වෛද්‍යවරිය විවේචනාත්මක අදහස් පළ බවට, අදාළ කාන්තාව විසින් එම වෛද්‍යවරිය හෙළා දකිමින් ප්‍රකාශ කර තිබේ.

2022 වසරේ පෙබරවාරි මස රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළ මුල් කාල වකවානුවේ සිටම බෙරෙසින්ස්කායා රුසියානු හමුදා විවේචනයට ලක් කරමින් අන්තර්ජාලයේ මත පළ කළාය. රුසියානු හමුදා, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සහ ජනපති පුටින් එක්ව යුක්‍රේනයේ ජන සංහාරයක් සිදු කරමින් සිටින බව එම ප්‍රකාශයන්හි සඳහන් විය.

 රුසියානු හමුදා ප්‍රහාරවලින් විනාශයට පත් යුක්‍රේනයේ ගොඩනැගිලි සුන්බුන් අතරින් හමු වූ කාන්තා, ළමා හා පිරිමි මළ සිරුරු සියල්ලට පුටින් පෞද්ගලිකවම වගකිව යුතු බව ඇය 2022 මැයි 14 දා රුසියානු සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම චෝදනා කළාය. 18 වන සියවසේ රුසියාව පාලනය කළ කැතරින් අධිරාජිනියගෙන් පසු, දීර්ඝතම රාජ්‍ය නායක ධුර කාලයක් පතා වැජඹෙන, යුක්‍රේනයේ සියලු යුද අපරාධවලට වගකිව යුතු ජනපති පුටින් ඝාතනය කළ යුතු බවද ඇය විසින් එහි ප්‍රකාශ කර තිබේ.

"පුටින් නම්, අමන අවජාතකයා වහා වෙඩි තබා නසනු. ඔහු තව තවත් සිවිල් මිනිස් ඝාතන කෙතෙක් සිදු කරන තෙක් අප ඉවසා බලා ඉන්නද? ඔහු මේ පොළෝ තලයෙන් අතුගා දමව්..!" යනුවෙන් ඇය අන්තර්ජාලයේ පළ කළාය.

අධිකරණයේදී, රුසියානු හමුදා පිලිබඳ සාවද්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් තමා වරදකරු බව ඇය පිළිගත්තද, ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීමේ චෝදනා වලට එකහෙළා වැරදි කරු නොවේ යැයි ප්‍රකාශ කළ බව රුසියානු ස්වාධීන මාධ්‍ය ජාලයක් වන මෙඩියාසෝනා (Mediazona) වාර්තා කරයි.  

බෙරෙසින්ස්කායා මිශ්‍ර පෞරුෂ ආබාධ තත්ත්වයෙන් පෙළෙන තැනැත්තියක බවත්, ඇය වයස අවුරුදු අටක සහ දහයක කුඩා දරුවන් සිටින දෙදරු මවක බවත්, ඇගේ   සැමියා අපස්මාර රෝගියකු බවත්, එම මාධ්‍ය වාර්තාවල දැක්වේ. අධිකරණ තීන්දුවට එරෙහිව ඇය අභියාචනා ගොනු කරන්නේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.  

ගරු විනිසුරු තුමනි, මට පැවසීමට කිසිත් නොමැත. අළුතින් එක්  කිරීමට ද යමක් නැත. ඔබ විසින් ගන්නා ඔනෑම තීන්දුවක් මම පිළිගනිමි," යනුවෙන්  ඇය අධිකරණයේදී අවසන් වරට පැවසී යැයි මාධ්‍ය වාර්තා කරයි.  

රුසියානු ප්‍රහාර හමුවේ මේ වන විටත්, යුක්‍රේනයේ දහස් ගණනක් මිනිස් ජීවිත විනාශයට පත්වුවද, එම විශේෂ හමුදා ක්‍රියාන්විතවලදී සිවිල් වැසියන් ඝාතනය වූ බවට නැගෙන සියළු චෝදනා මොස්කව් පාලනය ප්‍රතික්ෂේප කරයි.  

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Russian woman jailed for 8 years for demanding Putin's death over Ukraine war


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...