BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ෆිලිපීනයට දරුණු සුළි කුණාටුවක්

T

The Leader Desk

November 17, 2024 • 4:12 AM

ෆිලිපීනයට දරුණු සුළි කුණාටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළඟ එන මැන්-යී ( Man-Yi) සුපිරි සුළි කුණාටුවෙන් දිවි ගලවා ගැනීමට ෆිලිපීනයේ පහත් බිම් සහ වෙරළබඩ නගරාශ්‍රිත පදිංචිකරුවන්ට වහා ඉන් ඉවත්වන ලෙස එරට රජය අද (16) විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
  • මසක් ඇතුළත එරටට බලපෑ සය වන සුළි කුණාටුව එය වේ.
  • සුලඟේ වේගය පැයට සැතපුම් 121 ක් බව කාලගුණ ඒජන්සිය පවසයි.
  • එරට පළාත් රැසකට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.  කුණාටුව පතිත වීමත් සමග තද වැසි සහිත සුළං සහ හදිසි ජල ගැලීම් අපේක්ෂාවෙන් සිටින ලෙස මහජනතාව දැනුම්වත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සුළි කුණාටුව එරට ලුසොන් ( Luzon) දිවයින වෙත ලඟා වෙමින් පවතී. මසක් ඇතුළත එරටට බලපෑ සය වන සුළි කුණාටුව එය වේ.

සුලඟේ වේගය පැයට සැතපුම් 121 ක් බව කාලගුණ ඒජන්සිය පවසයි. එරට පළාත් රැසකට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.  කුණාටුව පතිත වීමත් සමග තද වැසි සහිත සුළං සහ හදිසි ජල ගැලීම් අපේක්ෂාවෙන් සිටින ලෙස මහජනතාව දැනුම්වත් කර ඇත. නාය යාම් පිලිබඳ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ. සුළි කුණාටුව හේතුවෙන්, මේ වන විටත් බයිකොල් (Bicol) ප්‍රදේශයේ ප්‍රාන්ත පහක පුද්ගලයින් 500,000 කට අධික සංඛ්‍යාවක් ආරක්‍ෂිත පෙදෙස් කරා ඉවත් කොට ඇත.

 

හදිසි මෙහෙයුම් පිණිස 40,000ක බල ඇණියක් සූදානමින් පසුවන බවත්, ඒ වෙනුවෙන්, ගිලන් රථ සහ නාවුක යාත්‍රා ඇතුළු තවත් මෝටර් රථ 2000ක්  ස්ථාන ගත කර ඇති බවත් රජය පවසයි. 


සුළි කුණාටුවෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවීමට වග බලා ගැනීම පිණිස එම සියළු පූර්ව විපත් කළමනාකරණ පියවර ගෙන ඇතැයි රජය කියා සිටී.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Philippines urges residents to flee as super typhoon Man-Yi strengthens on approach


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෆිලිපීනයට දරුණු සුළි කුණාටුවක් | The Leader