BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ට්‍රම්ප් දියණියගේ ලෙබනන් ජාතික මාමණ්ඩි ජය පතා බොරු කියලා

T

The Leader Desk

November 17, 2024 • 7:57 AM

ට්‍රම්ප් දියණියගේ ලෙබනන් ජාතික මාමණ්ඩි ජය පතා බොරු කියලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් තේරීම් පිලිබඳ, ඔහුට සහාය දැක්වූ එරට මුස්ලිම් සහ ඇමෙරිකානු අරාබි නායකයින් ඇතුළු මුස්ලිම් ප්‍රජාව දැඩි නොසතුටට පත්ව සිටිති.
  • එහෙත්, ජනපතිවරයාගේ කැබිනට් තේරීම්, බයිඩන්ගේ සේම, ඊශ්‍රායල ගැති බව එරට මුස්ලිම් නායකයෝ රොයිටර්ස් පුවත් සේවයට පැවසූහ.
  •   මිචිගන් ප්‍රාන්තය ඇතුළු තවත් පාවෙන ඡන්ද සහිත ප්‍රාන්ත කිහිපයකම ට්‍රම්ප් ජයග්‍රහණය කළේ, මුස්ලිම් ඡන්ද හේතුවෙනි.
  • ඊශ්‍රායල හමුදා, හමාස් ත්‍රස්තවාදීන්ව සහමුලින්ම විනාශ කළ යුතු බවද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගාසා තීරයේ සහ ලෙබනනයේ සිදු කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරවලට, ජෝ බයිඩන් ජනපතිවරයා සහාය දැක්වීමට විරෝධය පිණිස ඔවුහු රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප්ට මෙවර ජනපතිවරණයේදී සහාය දැක්වූහ. එහෙත්, ජනපතිවරයාගේ කැබිනට් තේරීම්, බයිඩන්ගේ සේම, ඊශ්‍රායල ගැති බව එරට මුස්ලිම් නායකයෝ රොයිටර්ස් පුවත් සේවයට පැවසූහ.

 

2180450087

"ට්‍රම්ප් දිනුවේ අපි නිසා. එහෙත්, ඔහුගේ නව රාජ්‍ය ලේකම් පත් කිරීම ඇතුළු අනෙකුත් කිසිදු තේරීමක් ගැන අපට 'අබ මල් රේණුවක' විශ්වාසයක් නෑ," යි පෙන්සිල්වේනියාවේ ට්‍රම්ප්ගේ ජනපතිවරණ ව්‍යාපාරයේ නායකත්වය ගත්, "ට්‍රම්ප් වෙනුවෙන් මුසල්මානුවෝ" පදනමේ සම කැඳවුම්කරු, රබියුල් චව්ධරී ( Rabiul Chowdhury ) පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප් ට

 

මිචිගන් ප්‍රාන්තය ඇතුළු තවත් පාවෙන ඡන්ද සහිත ප්‍රාන්ත කිහිපයකම ට්‍රම්ප් ජයග්‍රහණය කළේ, මුස්ලිම් ඡන්ද හේතුවෙනි. ඔහු, ජයග්‍රහණය කළ සැණින්, දැඩි ඊශ්‍රායල හිතවාදී මාර්කෝ රුබියෝ (Marco Rubio), ඇමෙරිකාවේ මීළඟ රාජ්‍ය ලේකම් ධුරයට තෝරා ගත්තේය. ගාසා තීරයේ සටන් විරාමයක් කැඳවීමට අදහසක් නැතැයි, රුබියෝ මේ වසර මුලදීම අවධාරණය කළේය. ඊශ්‍රායල හමුදා, හමාස් ත්‍රස්තවාදීන්ව සහමුලින්ම විනාශ කළ යුතු බවද ඔහු පැවසීය. හමාස් යනු සාහසික මෘගයන් කොටසක් බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය. 

ට්‍රම්ප් සිය ඊශ්‍රායල තානාපතිවරයා ලෙස තෝරාගෙන ඇත්තේ, පලස්තීනයේ ද්වී රාජ්‍ය විසඳුම් සංකල්පය 'වැඩකට නැති' බව පවසා ඉවත ලූ මෙන්ම, ගාසා තීරයේ, බටහිර ඉවුරේ ඊශ්‍රායල අත්පත්කර ගැනීම් අතිශය සාධාරණීකරණය කළ, හිටපු අර්කන්සාස් ආණ්ඩුකාර මයික් හකබී (Mike Huckabee) ය. 

ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති ධුරයට ට්‍රම්ප්ගේ තේරීම එලීස් ස්ටෙෆනික්  (Elise Stefanik) වේ. ඇය, වරක්, එක්සත් ජාතීන් යනු යුදෙව් විරෝධී කල්ලියක් ලෙස හැඳින්වූවාය. 

 

trumppoeq9e8q

එහෙත්, ට්‍රම්ප් සිය ජයග්‍රහණයෙන් පසු, සාමය උදෙසා කැප වී ක්‍රියා කළ හැකි පිරිසක් සිය කැබිනට් ධුර සඳහා පත් කරගනු ඇතැයි උදක්ම අපේක්ෂා කළ බවත්, එහෙත්, දැන් එය ඊට ප්‍රතිවිරුද්ධව සිදු කෙරෙමින් ඇති බවත්,  ඇමෙරිකානු මුස්ලිම් සබඳතා සහ බලගැන්වීමේ ජාලයේ විධායක අධ්‍යක්ෂ රෙක්ස්හිනාල්ඩෝ නසර්කෝ ( Rexhinaldo Nazarko) පවසයි. "අපි ඉන් දැඩි  නොසතුටට පත්ව සිටින්නෙමු," යි ඔහු කියයි. නව, සමස්ත එක්සත් ජනපද ට්‍රම්ප් කැබිනට්ටුව ඊශ්‍රායල හිතවාදී සහ යුදකාමීන්ගෙන් සැදුම්ලද්දක් බව ද ඔහු කියා  සිටී. ගාසා තීරයේ සටන් නතර කිරීම වෙනුවෙන්  තවදුරටත් සිය හඬ අවදිව තබා කටයුතු කරන බව ඔහු පවසයි.

grenwell4ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ එරට ජාතික බුද්ධි සේවයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ, රිචර්ඩ් ග්‍රෙනෙල් (Richard Grenell) ට, නව ට්‍රම්ප් රජයේ ප්‍රබල තනතුරක් හිමි වෙතැයි ට්‍රම්ප්ට සහාය පලකළ එරට බොහෝ මුස්ලිම් සහ අරාබි ජාතිකයෝ අපේක්ෂා කළහ.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ එරට ජාතික බුද්ධි සේවයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ, රිචර්ඩ් ග්‍රෙනෙල් (Richard Grenell) ට, නව ට්‍රම්ප් රජයේ ප්‍රබල තනතුරක් හිමි වෙතැයි ට්‍රම්ප්ට  සහාය පලකළ එරට බොහෝ මුස්ලිම් සහ අරාබි ජාතිකයෝ අපේක්ෂා කළහ. ට්‍ර්ම්ප්ගේ ජයග්‍රහණය පිණිස, ග්‍රෙනෙල්, එරට මුස්ලිම් ප්‍රජාව හා එක්ව  වෙසෙස් කාර්යභාරයක් සිදු කළේය. 

ට්‍රම්ප් දියණිය, ටිෆනි ගේ ලෙබනන් ජාතික මාමණ්ඩිය මසාද් බෞලොස් (Massad Boulos) ද එවැන්නෙකි. ජනපති සටන පුරා ඔහු එක්සත් ජනපදයේ මුස්ලිම් සහ අරාබි නායකයින් හමුවී සාකච්ඡා කළේය. 

එම දෙදෙනාම, ට්‍රම්ප් යනු "සාමයේ දූතයා" යැයි එරට මුස්ලිම් සහ ඇමෙරිකානු අරාබි ප්‍රජාව හමුවේ "බොරු බේගල්" ඇද බෑහ. දැන්, ඔවුන් දෙදෙනා සිටින මානයකුදු සොයා ගැනීමට නැතැයි රොයිටර්ස් කියයි.

 

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනපති වීම ලෝක ක්‍රීඩාවට බලපාන හැටි

සිය ජනපතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් එරට විශාල මුස්ලිම් ප්‍රජාවන් සහිත ප්‍රදේශ රැසක් වෙත ජය ඉල්ලා ගමන් කළේය. බහුතර ඇමෙරිකානු අරාබි ජාතිකයින් වෙසෙන දෙර්බෝර්න් (Dearborn) එවැන්නකි. තමා මුස්ලිම් වරුන්ට 'ස්නේහවන්ත' යැයි එහිදී ඔහු ප්‍රකාශ කළේය. පිට්ස්බර්ග් වෙත පැමිණි ඔහු, 'ට්‍රම්ප් වෙනුවෙන් මුසල්මානුවෝ' යනු, සිය මැතිවරණ ව්‍යාපාරයේ 'සුන්දරම' අවස්ථාවකැයි කීවේය. "ඔවුන්ට අවශ්‍ය සාමයයි. ඔවුන්ට අවශ්‍ය ස්ථාවර භාවයයි," ඔහු කියා සිටියේය.

ඔහුගේ ඊශ්‍රායල හිතවාදී නව තේරීම් පසෙක තිබියදී,  ට්‍රම්ප් ගාසා තීරයේ ගැටුම අවසන් කිරීමට කැප වී කටයුතු කරනු ඇතැයි ට්‍රම්ප් හිතවාදීහු තවමත් පවසති. ට්‍රම්ප්ගේ නව තේරීම් දෙස නොව සැබෑ ප්‍රතිඵලය දෙස විග්‍රහාත්මකවන ලෙස ඔවුහු ඉල්ලා  සිටිති. 

මේ වන විට ගාසා තීරයේ යුද ගැටුම්වලින් පුද්ගලයින් 50,000කට අධික පිරිසක් මරු වැළඳ සිටිති. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ ජීවිතක්ෂට පත් පිරිස 3000කට අධිකය. ඒ සියල්ල සිදු කෙරුනේ වත්මන් ඇමෙරිකානු රජය ඒ දෙස 'ඔහේ" බලා සිටිමින් "දිය යටින් සහ උඩින්ද" යුද්ධය ඇවිලීමට ගින්දර  දුන් හේතුවෙනි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Trump's pro-Israel cabinet picks upset Muslims who voted for him


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...