BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

යුක්‍රේනයට අදත් රුසියානු මිසයිල ප්‍රහාර - පෝලන්තය සෝදිසි මෙහෙයුම්වලට එක්වේ

T

The Leader Desk

November 17, 2024 • 11:45 AM

යුක්‍රේනයට අදත් රුසියානු මිසයිල ප්‍රහාර - පෝලන්තය සෝදිසි මෙහෙයුම්වලට එක්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද උදෑසන රුසියාව යළිත් වරක් යුක්‍රේනයේ කිව් අගනුවරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයත් සමග අසල්වැසි පෝලන්තය සිය ගුවන් හමුදා සීරුවෙන් තබා තිබේ.
  •   අද උදෑසන රුසියානු මිසයිල ප්‍රහාරයට පෙර, ඊයේ (16) මධ්‍යම රාත්‍රිය පුරාවට කිව් අගනුවර වෙත අඛණ්ඩ රුසියානු ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙමින් පැවතිණ.
  • ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමග නේවාසික ගොඩනැගිල්ලක් මතට පතිත වූ ඩ්‍රෝන සුන්බුන් හේතුවෙන් එහි වහල මුළුමනින්ම ගින්නෙන් දැවී ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
  • ඉන් එක් පුද්ගලයකු තුවාළ ලබා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

රුසියාව විසින් කෲස් සහ බැලස්ටික් මිසයිල මෙන්ම නියමුවන් රහිත යානා මගින් දිගින් දිගටම පහර දෙන බවත්, ඒ හේතුවෙන් පෝලන්තය සහ නැටෝ මිත්‍ර සන්ධාන රටවල ගුවන් හමුදා යානා අවට අහස පීරමින් සෝදිසි හි නිරතව සිටින බවත්, පෝලන්තයේ හමුදා අණ දෙන මූලස්ථානය එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා ඇත.

 

පෝලන්තයේ සියලු ගුවන් ආරක්ෂක මෙහෙයුම් සහ මිසයිල නාශක භූමි රාඩාර් පද්ධතීන් ද උපරිම සූදානම් තත්ත්වයේ රඳවා ඇතැයි එම පණිවුඩයේ සඳහන්ය. 

අද උදැසන ප්‍රහාරයත් සමග යුක්‍රේනයේ දකුණුදිග සැපොරිස්සියා (Zaporizhzhia) නගරයෙන් සහ ඔඩෙසා කළු මුහුදු වරාය නගරය දෙසින් විශාල පිපුරුම් හඬ වාර්තා වේ. 

යුක්‍රේන අහස පුරා, විවිධ වර්ගයට අයත් කෲස් මිසයිල ගුවනේ හඹා යමින් පවතින මොහොතක, ඉක්මන් ආරක්ෂාව පතා වහා ක්‍රියාත්මක වන ලෙස හමුදාව එරට ජනතාවට දැනුම් දුන්නේය. ආරක්‍ෂිත පියවරක් ලෙස, කිව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර ඇත.

 

අද උදෑසන රුසියානු මිසයිල ප්‍රහාරයට පෙර, ඊයේ (16) මධ්‍යම රාත්‍රිය පුරාවට කිව් අගනුවර වෙත අඛණ්ඩ රුසියානු ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙමින් පැවතිණ. ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමග නේවාසික ගොඩනැගිල්ලක් මතට පතිත වූ ඩ්‍රෝන සුන්බුන් හේතුවෙන් එහි වහල මුළුමනින්ම ගින්නෙන් දැවී ගිය බව ප්‍රදේශවාසීහු පවසති. ඉන් එක් පුද්ගලයකු තුවාළ ලබා සිටී.

ප්‍රහාරවලින් හානියට පත් ප්‍රදේශ වෙත කඩිනම් සහන සේවා ක්‍රියාත්මක කර තිබේ.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Blasts shake key Ukraine cities, Poland scrambles air force after Russian missile attack


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...