BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ජපානයේ ෆුජියාමා ගිනි කඳු තරණයට චීනයේ නිෂ්පාදිත ට්‍රෑම් පද්ධතියක්

T

The Leader Desk

November 17, 2024 • 3:03 PM

ජපානයේ ෆුජියාමා ගිනි කඳු තරණයට චීනයේ නිෂ්පාදිත ට්‍රෑම් පද්ධතියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ ෆුජියාමා ගිනි කන්ද වෙත කාබන් පා සටහන් අවම කිරීමේ පියවරක් ලෙස, එය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස්
  • ගිනි කඳු මුදුන තෙක් ඉදි කිරීමට යෝජිතවූ එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මගින් පරිසරයට එල්ල විය හැකි බලපෑම සහ අධික පිරිවැය පිලිබඳ අවධානය යොමුකර නව පියවර ගත් බව ජපන් බලධාරීහු පවසති.
  •  මීටර 3,776ක උසින් යුත් ගිනි කඳු තරණයට සංචාරකයින් අනුදත් ජනප්‍රියම මාවත එරට යමනෂි පළාත ඔස්සේ වැටී තිබේ.
  • නව සංචාරක මගී ප්‍රවාහන පද්ධතියද ඒ ඔස්සේම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සංචාරකයින්ගේ පහසුව පිණිස, නව රබර් ටයර් ට්‍රෑම් ප්‍රවාහන පද්ධතියක් හඳුන්වා දීමට එරට රජය සැරසේ.

එය, චීනයේ CRRC සමාගම විසින් නිෂ්පාදනය කර තිබේ. නව පද්ධතිය මගින් සංචාරකයින්, ගිනිකඳු නැරඹුම් කලාප වෙත ප්‍රවාහනය කෙරේ.

යෝජිත නව සැලැස්ම මගින්, මීට පෙර ගිනි කඳු පාමුල සිට එහි පස්වන අදියර නැරඹුම් මධ්‍යස්ථානයේ යොෂිදා මංපෙත (Yoshida Trail) දක්වා ඉදිකිරීමට නියමිත ව තිබූ, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේ. ගිනි කඳු මුදුන තෙක් ඉදි කිරීමට යෝජිතවූ එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මගින් පරිසරයට එල්ල විය හැකි බලපෑම සහ අධික පිරිවැය පිලිබඳ අවධානය යොමුකර නව පියවර ගත් බව ජපන් බලධාරීහු පවසති.

 මීටර 3,776ක උසින් යුත් ගිනි කඳු තරණයට සංචාරකයින් අනුදත් ජනප්‍රියම මාවත එරට යමනෂි පළාත ඔස්සේ වැටී තිබේ.

rte453

නව සංචාරක මගී ප්‍රවාහන පද්ධතියද ඒ ඔස්සේම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම  පද්ධතිය හඳුන්වා දීමත් සමග, පෙර සැලසුම් කිරීමට අපේක්ෂිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට වැය වෙතැයි ගණන් බලා තිබූ, ජපන් යෙන් බිලියන 140 (ඩොලර් මිලියන 895ක)  ක මූල්‍ය පිරිවැය, 40%කින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.  

ඒ අනුව ස්ථාපිත කෙරෙන, චීනයේ නිෂ්පාදිත නව සීඝ්‍රගාමී ස්වයංක්‍රීය ට්‍රෑම් ප්‍රවාහන පද්ධතිය, මාර්ගය මත චුම්බක ක්ෂේත්‍ර ධාවන පථයක් ඔස්සේ රියදුරකු රහිතව ක්‍රියාත්මක කෙරෙන්නකි. එය හයිඩ්‍රජන් මගින් බල ගැන්වේ. ඊට අවශ්‍ය හයිඩ්‍රජන් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන බව ජපානය පවසයි.

නව ප්‍රවාහන පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමග ගිනි කන්ද වෙත සිදු කෙරෙන සියලු පෞද්ගලික මෝටර් රථ සහ බස් රථ ප්‍රවාහනය තහනම් කෙරේ. එහි  නියමු පරීක්ෂණ ලබන වසරේ අප්‍රේල් මස සිදු කිරීමට නියමිතය.

 යමනෂි සහ ෂිසුඕකා පළාත් මධ්‍යයේ පිහිටි ෆුජි යමහළ එරට පූජනීය සහ ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. එය 2013 වසරේ, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කෙරිණි.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Japan's Mount Fuji eyes China-made tram to transport hikers, source says

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...