අවසර දී ඇතැයි වාර්තා වේ.
නව නියාමනය, යුක්‍රේන-රුසියා ගැටුම සම්බන්ධයෙන් වොෂින්ටනයේ ප්‍රතිපත්තිය පූර්ණ වශයෙන් ආපසු හැරවීමක් යැයි විචාරකයෝ පෙන්වාදෙති.
ඒ අනුව, යුක්‍රේනය, තවත් නොබෝ දිනෙකින් රුසියාව වෙත, සිය ප්‍රථම දිගු දුර ප්‍රහාරය දියත් කරනු ඇතැයි විශ්වාස කෙරේ.
එහෙත්, එම ක්‍රියාන්විතවල ආරක්ෂාව පතා ඒ පිළබඳ කිසිදු වැඩි විස්තරයක් අනාවරණය නොකෙරේ.
ඇමෙරිකාවේ නිෂ්පාදිත අවි යොදා ගනිමින් දේශ සීමාවෙන් එපිට සිට රුසියාවේ අභ්‍යන්තර ඉලක්ක වෙත පහර දීමට යුක්‍රේනය දිගු කලෙක සිට එක්සත් ජනපද අවසරය ඉල්ලා සිටියේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණයට පෙර සිටම යුක්‍රේනය විසින් එම ඉල්ලීම දිගින් දිගටම සිදු කෙරිණි.
උතුරු කොරියානු හමුදා, රුසියාවේ සහායට පිටත් කර හැරීමත් සමග ඉල්ලීම් වඩාත් තීව්‍ර විය.
යුද්ධයට උතුරු කොරියානු හමුදා සම්බන්ධ වීම ඇමෙරිකාවේ පමණක් නොව යුක්‍රේනයේද දැඩි නොසතුටට හේතු වී තිබේ.
මේ වන විට උතුරු කොරියානු හමුදා භටයින් 10,000කට අධික පිරිසක් රුසියාවේ සහායට පිටත් කර යාවා ඇති බවට අනාවරණය වී තිබේ.
ළඟ එන යුක්‍රේන මිසයිල ප්‍රහාර ඒ සියල්ලන්ටම අවශ්‍ය පිළිතුර ලබා දෙනු ඇතැයි, යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) පවසයි.
"සුදුසු පියවර ගැනීමට අපට අවසර ලැබී ඇති බව මාධ්‍ය පවසනවා. අපි කටින් ගහන්නේ නෑ . ගහන හැටි කියන්නෙත් නෑ," යි ඔහු කියා සිටී.
ධවල මන්දිරය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ පිලිබඳ තවමත් කිසිත් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිති.
රුසියාව ද ඒ පිලිබඳ මෙතෙක්, වැඩි දුර කිසිත් ප්‍රකාශ කර නැතත්, යුක්‍රේනය තමන්ට පහර දීමට ඇමෙරිකානු අවි භාවිතා කළහොත්, අනිවාර්යයෙන්ම, තමන් ද සීමා අතික්‍රමණය කරන බවත්, එවිට යුද්ධය කිසිවකුටත් සිතා ගැනීමට පවා නොහැකි මානයකට එකෙනෙහි ගමන් කරනු ඇති බවත්, පවසයි.
යුක්‍රේනය ඇමෙරිකානු අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළහොත්, තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුම නතර කිරීමට මිහිපිට 'ජගතෙක්' නොවනු ඇතැයි, රුසියානු උත්තරීතර මණ්ඩලයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ කමිටුවේ, පළමු නියෝජ්‍ය ප්‍රධානී, ව්ලැඩිමීර් ද්සබරොව් (Vladimir Dzhabarov ) ප්‍රකාශ කරයි.
යුක්‍රේනය එවැනි පිබිදීමකට පියවර තැබුවහොත්, පසු දින අළුයම වන විට සමස්ත යුක්‍රේනය ම එකම 'අළු ගොඩක්' බව මතක තබා ගන්නැයි රුසියානු පාර්ලිමේන්තුවේ ෆෙඩරේෂණ කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සභික අන්ද්‍රෙයි ක්ලිෂාස් (Andrei Klishas) ද තරයේ අනතුරු අඟවා සිටී.
කෙසේ වුවත්, රුසියාවට එරෙහි යුක්‍රේනයේ ප්‍රථම දිගු දුර ප්‍රහාර සැතපුම් 190ක් පමණ ගමන් කළ හැකි ATACMS රොකට් මිසයිල භාවිතා කර සිදු කෙරෙනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි. රුසියාව, යුක්‍රේනයට එරෙහි සිය 'අවි හරඹ' උත්සන්න කර ඇති මොහොතක, යුක්‍රේනයේ නව සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළ එල්ල කෙරෙන ප්‍රතිරෝධයේ ප්‍රමාණාත්මක බව මත, දෙරට අතර සාම කතා බහට හෝ ඉක්මන් සටන් විරාමයකට මග පෑදෙනු ඇතැයි ද ඇතැම්හු විශ්වාසයෙන් පසුවෙති.
ඩොනල්ඩ් ට්‍රම්ප්, නව ජනපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, බයිඩන් විසින් ගත් මෙම ක්‍රියාමාර්ගය ආපසු හැරවීමට කටයුතු කෙරේ දැයි තවමත් නිශ්චිතව ප්‍රකාශ නොවේ. දැනටමත්, යුක්‍රේනය වෙත සිදු කෙරෙන මහා පරිමාණ යුද වියදම් සහ වෙනත් හමුදාමය සහාය, ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට හෙට්ග්හු වී ඇත.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Biden allows Ukraine to use US arms to strike inside Russia
'යුක්‍රේනය, ඇමෙරිකා අවි භාවිතා කළහොත් තෙවන ලෝක යුද්ධය අරඹනවා' - රුසියාව
T
The Leader Desk
November 18, 2024 • 4:38 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඇමෙරිකාවේ නිෂ්පාදිත අවි යොදාගනිමින් රුසියාවේ අභ්‍යන්තරයටම ප්‍රහාර එල්ල කිරීමට ජනපති ජෝ බයිඩන් යුක්‍රේනයට
- ඒ අනුව, යුක්‍රේනය, තවත් නොබෝ දිනෙකින් රුසියාව වෙත, සිය ප්‍රථම දිගු දුර ප්‍රහාරය දියත් කරනු ඇතැයි විශ්වාස කෙරේ.
- මේ වන විට උතුරු කොරියානු හමුදා භටයින් 10,000කට අධික පිරිසක් රුසියාවේ සහායට පිටත් කර යාවා ඇති බවට අනාවරණය වී තිබේ.
- ළඟ එන යුක්‍රේන මිසයිල ප්‍රහාර ඒ සියල්ලන්ටම අවශ්‍ය පිළිතුර ලබා දෙනු ඇතැයි, යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


