පසුගිය දා පැවති එරට පාර්ලිමේන්තු මැතිවරණයේ, ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් මහජන නොසන්සුන්තා ඇති වීමත් සමග අද, රට පුරා වීරෝධතා හට ගැනිණි.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ දරමින් සිටී. එහෙත්, පොලිස් අණ නොතකා ඔවුහු දිගින් දිගටම විරෝධතාවල නිරත වෙමින් ඇතැයි, රුසියාවේ ටාස් (TASS), රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරයි.
විරෝධතාකරුවෝ පොලිසිය දෙසට ගල් මුල් දමා ගසමින් ඇතැයි ද, ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ යැයි ද, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
එරට නවතම තත්ත්වය පිලිබඳ ජෝර්ජියානු රජය මෙතෙක්, කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Police, protesters clash in Georgia's Tbilisi, Russia's TASS agency reports
පාර්ලිමේන්තු ඡන්ද ප්‍රතිඵලවලට එරෙහිව ජෝර්ජියාවේ මහජන උද්ඝෝෂණ
T
The Leader Desk
November 19, 2024 • 8:50 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇවිලේ.
- එහෙත්, පොලිස් අණ නොතකා ඔවුහු දිගින් දිගටම විරෝධතාවල නිරත වෙමින් ඇතැයි, රුසියාවේ ටාස් (TASS), රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරයි.
- විරෝධතාකරුවෝ පොලිසිය දෙසට ගල් මුල් දමා ගසමින් ඇතැයි ද, ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ යැයි ද, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
- එරට නවතම තත්ත්වය පිලිබඳ ජෝර්ජියානු රජය මෙතෙක්, කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


