BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

දකුණු කොරියා විපක්ෂ නායක සහ බිරියත් මහජන මුදලින් සැප අරන් - මිත්‍ර සංග්‍රහයත් ජයටම කරලා

T

The Leader Desk

November 19, 2024 • 3:15 PM

දකුණු කොරියා විපක්ෂ නායක සහ බිරියත් මහජන මුදලින් සැප අරන් - මිත්‍ර සංග්‍රහයත් ජයටම කරලා  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද, දකුණු කොරියානු ප්‍රධාන විපක්ෂ නායක ලී ජේ-ම්යොන්ග් (Lee Jae-myung) ට එරෙහි වැඩි දුර මූල්‍ය වංචා චෝදනා
  • ඔහු ආණ්ඩුකාර ධුරයෙක නිරතව සිටි කාලයේ, එම මුදල් පුද්ගලික පරිහරණය වෙනුවෙන් අවභාවිත කළ බව එම චෝදනා මගින් ප්‍රකාශ කර තිබේ.
  • මේ වන විට, ඔහුට එරෙහි, අල්ලස් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක දේපල වංචාවක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.
  • එම සියලු චෝදනා හේතුවෙන්, දකුණු කොරියාවේ මීළඟ ජනපතිවරණයට තරග කිරීමේ ඔහුගේ අපේක්ෂා සුන් වනු ඇතැයි, එරට දේශපාලන විචාරකයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

එල්ල කෙරිණි.

ඇමෙරිකානු ඩොලර් 71,900 කට අධික මහජන මුදල් අවභාවිතය ඔහුට එරෙහි නව චෝදනා වේ.

ඔහු ආණ්ඩුකාර ධුරයෙක නිරතව සිටි කාලයේ, එම මුදල් පුද්ගලික පරිහරණය වෙනුවෙන් අවභාවිත කළ බව එම චෝදනා මගින් ප්‍රකාශ කර තිබේ.

ලී, එරට ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ නායකයා ය. මේ වන විට, ඔහුට එරෙහි, අල්ලස් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක දේපල වංචාවක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

එම සියලු චෝදනා හේතුවෙන්, දකුණු කොරියාවේ මීළඟ ජනපතිවරණයට තරග කිරීමේ ඔහුගේ අපේක්ෂා සුන් වනු ඇතැයි, එරට දේශපාලන විචාරකයෝ පවසති.

මහජන විශ්වාසය පළුදු කිරීමේ චෝදනා මත ඔහුට එරෙහි නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමට නීතිවේදීහු කටයුතු කරමින් සිටිති.

 2018-21 කාලයේ, ඔහු සියොල් අගනුවර නුදුරේ පිහිටි, ජ්යොන්ගි (Gyeonggi) පළාත් භාර ආණ්ඩුකාර ධුරය හෙබවූ සමයේ, ඔහු විසින් එම මූල්‍ය වංචා සිදු කොට තිබේ.

එකල සිය බිරිඳට රාජ්‍ය වැය ශීර්ෂ යටතේ, රජයේ වහනයක් පෞද්ගලික පරිහරණයට ලබා දීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇත.  

සිය පවුලේ සාමාජිකයින් වෙනුවෙන් තරු අවන්හල් වෙතින් මිල අධික ආහාර පාන මිලදී ගැනීම, සුපිරි වෙළඳසල් සහ සුපිරි ඇඟලුම් වෙළඳසල් වෙතින්,මිල අධික භාණ්ඩ සහ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම පිණිස ඔහු විසින් මහජන අරමුදල් අවභාවිතා කළ බවට දැන්, අනාවරණය වී තිබේ.

එම වියදම් රාජ්‍ය නිලධාරී හමුවීම් සහ කාර්ය මණ්ඩල අතිකාල වේතන වැය ශීර්ෂ යටතේ දක්වමින් අදාල පෞද්ගලික වියදම් වෙනුවෙන් යොදා ගෙන ඇත.

2022 පැවති දකුණු කොරියානු ජනපතිවරණයෙන් ලී, වත්මන් ජනපති, යූන් සුක් යියොල් (Yoon Suk Yeol) ට පරාජය වූයේ අතිශය සුළු  ඡන්ද  ප්‍රතිශයකිනි.

2027 පැවැත්වීමට නියමිත එරට මීළඟ ජනපතිවරණයට ද ඔහු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වනු ඇතැයි, බොහෝ දෙනා අපේක්ෂා කළහ.

තමාට එරෙහි චෝදනා, දේශපාලන හේතූන් මත එල්ල කර ඇතැයි ඔහු පවසයි.

සිය ප්‍රතිවාදියා දේශපාලනිකව ඝාතනය කිරීමේ නිහීන අරමුණින් වත්මන් ජනපති සිය විපක්ෂ නායකයාට එම චෝදනා එල්ල කර ඇතැයි, එරට ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය අද නිවේදනය කළේය.

දකුණු කොරියාවේ, මහජන විශ්වාසය පළුදු  කිරීමේ චෝදනාවට වැරදිකරු වුවහොත් ලී, වසර 10ක සිර දඬුවමකට හෝ එරට වොන් මිලියන 30ක දඩයකට යටත් කෙරේ.  

ඒ කිනම් ආකාර දඬුවමක් හෝ ලද තැනැත්තකුට, එළඹෙන පස්වසර තුළ  එරට පාර්ලිමේන්තු ආසනයක් හෝ ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් තරග කිරීමට ව්‍යවස්ථාවෙන් ද ඉඩක් නැත.  

2021 වසරේ, සිය ස්වාමියාගේ ජනපති අපේක්ෂකත්වයේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති මැතිවරණ ව්‍යාපාරයේදී, ඔහුට හිතවත් දේශපාලකයින්ගේ බිරින්දන්ට සුඛෝපභෝගී ආහාර පාන සංග්‍රහ පැවැත්වීම වෙනුවෙන්, ඔහු ආණ්ඩුකාර ධුරය දැරූ ජ්යොන්ගි පළාත් අරමුදල් යොදා ගනිමින්, මූල්‍ය අවභාවිතාවක් සිදු කර  මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ වරදට, පසුගිය සතියේ එරට දිස්ත්‍රික් අධිකරණයක් මගින්, ලී ගේ බිරිඳට වොන් මිලියන 1.5 ක දඩයක් ද නියම කෙරිණි.

මැතිවරණ නීති උල්ලංඝනය වෙනුවෙන් ඉකුත් සිකුරාදා (15) එරට අධිකරණයක්  ඔහුට වසරක කාලයක් වෙනුවෙන් දෙවසරක අත්හිටවූ  සිර දඬුවම් නියම කළේය. ඊට එරෙහිව අභියාචනා  ගොනු කරන බව ඔහු කියා සිටී.

(ඇමෙරිකානු ඩොලර් 1ක් දකුණු කොරියානු මුදල් එකක, වොන් 1,391.7400කි).

 (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර:

South Korea opposition leader indicted for misuse of public funds, Yonhap says


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...