BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

ප්‍රංශය; සැබෑ සෙනෙහසට නිගා කළ ඛේදවාචකයක නඩු විමසුමක් ඇරඹේ

T

The Leader Desk

November 19, 2024 • 4:41 PM

ප්‍රංශය; සැබෑ සෙනෙහසට නිගා කළ ඛේදවාචකයක නඩු විමසුමක් ඇරඹේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව අතිශය අමානුෂික මෙන්ම, ආන්දෝලනාත්මක ස්ත්‍රී දූෂණ නඩු විභාගයක් මේ දිනවල ප්‍රංශ අධිකරණයක දී පැවැත්වේ.
  • එය නවතම, සමූහ ස්ත්‍රී දූෂණ නඩුවක් ලෙස එරට අධිකරණයේ විභාගයට ගැනෙමින් පවතී.
  • සිය බිරිඳට සිහි සුන් වන තෙක් මත් ද්‍රව්‍ය භාවිතා කිරීමට සලස්වා, සිය නිවෙසට ආගන්තුකයින් රැගෙන විත්, එම අපරාධ සිදු කළ බවට චෝදනා, ඔහු විසින් අධිකරණයේදී පිළිගෙන ඇත.
  •   අපරාධය සම්බන්ධයෙන් 50කට අධික චූදිතයින් පිරිසක්, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට, 71 හැවිරිදි කාන්තාවක් දස වසරක් තිස්සේ ඇගේ ස්වාමි පුරුෂයා විසින්, නන්නාඳුනන පුද්ගලයන් ලවා දූෂණය කර ඇතැයි එහිදී අනාවරණය වී තිබේ.

එය නවතම, සමූහ ස්ත්‍රී දූෂණ නඩුවක් ලෙස එරට අධිකරණයේ විභාගයට ගැනෙමින් පවතී.

ප්‍රංශයේ දරදඬු පීතෘ මූලික සමාජය දැන්වත් වෙනස් විය යුතුයැයි අධිකරණය ඉදිරියේ අද එම වින්දිත කාන්තාව, ප්‍රසිද්ධියේ කියා සිටියාය.

සීසෙල් ප්හෙලිකොහ් ( Gisele Pelicot) නම් ඇය, ඩොමිනික් ප්හෙලිකොහ් ( Dominique Pelicot ) වන ඇගේ සැමියා විසින් වසර 10ක් තිස්සේ, වරින් වර අධික මත්  ද්‍රව්‍ය මාත්‍රා මගින් සිහිසුන් කොට, ආගන්තුකයන් ගෙන්වා දූෂණය කිරීමට සලස්වා ඇතැයි අධිකරණයේදී අනාවරණය විය.

සිය බිරිඳට සිහි සුන් වන තෙක් මත් ද්‍රව්‍ය භාවිතා කිරීමට සලස්වා, සිය නිවෙසට ආගන්තුකයින් රැගෙන විත්, එම අපරාධ සිදු කළ බවට චෝදනා, ඔහු විසින් අධිකරණයේදී පිළිගෙන ඇත.  

අපරාධය සම්බන්ධයෙන් 50කට අධික චූදිතයින් පිරිසක්, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඔවුන් බහුතරය තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර සිටිති.

තමාට සිදු කළ ලිංගික අපරාධ සම්බන්ධයෙන් වින්දිත කාන්තාව දැනුවත්ව ඇත්තේ, ඇගේ සැමියා සන්තකයේ තිබූ, එම ස්ත්‍රී දූෂණ සම්බන්ධ වීඩියෝ දර්ශන සහ ඡායාරූප පොලිසියට හසුවීමෙන් අනතුරුව, ඒ පිළිබඳව ඇගෙන් කළ විමසීමේදී බව ද අනාවරණය වේ.

මෙය අතිශය බියගුළු සහ ජුගුප්සා ජනක පුද්ගලයින් සම්බන්ධයෙන් වන අධිකරණයේ නඩු විමසීමක් බවත්, ඉන් ඔබ්බට එය විග්‍රහ කළ හැකි අන් මගක් නැති බවත්, චූදිතයින් ඉදිරියේ ඇය අධිකරණයේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය.  

දකුණුදිග ප්‍රංශයේ ඇවිනියොන් (Avignon) හි පිහිටි අධිකරණයකදී නඩු විභාගය පැවැත්වේ.  

නඩු තීන්දුව ලබන දෙසැම්බර් මස 20 වනදා හෝ ඊට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

වයස අවුරුදු 26 සිට 74 දක්වා විවිධ තරාතිරමේ පුද්ගලයින් 50 කට අධික සංඛ්‍යාවක් විසින් වරින් වර, මත් ද්‍රව්‍යයෙන් සිහි විකල් වූ මහළු ස්ත්‍රියක් කෙසේ දූෂණය කළේදැයි මේ වනවිට, සමස්ත ජාත්‍යන්තර සිවිල් සමාජයේම කතා බහට ලක්වී තිබේ. එබැවින්, මෙය හුදු  අධිකරණමය කටයුත්තක් පමණක් නොව, සාමාන්‍ය සිවිල් සමාජයේ මනුෂ්‍යත්වය කණපිට පෙරළූ, බරපතල ලිංගික  හිංසන සමාජ අපචාරයක්  පිලිබඳ පැහැදිලි නෛතික විභාගයක් ද වන බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

වින්දිත කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින්, වරින් වර ඔහු විසින් සිදු කරන ලද අපරාධය සම්බන්ධයෙන්, එම අවස්ථාවන් හිදී  පටිගත කළ වීඩියෝ දර්ශන ඉකුත් සතිවල අධිකරණයේ නිරීක්ෂණයට ලක් කෙරිණි. ඇතැමෙක්, ඇයට එම බිහිසුණු අපරාධය සිදු කරන අවස්ථාවල ඇය දැඩි නින්දේ පසු වූ බව එහිදී අනාවරණය වී තිබේ.

චූදිතයින් බහුතරය, ඔවුන් විසින් සිදු කළ සාපරාධී ක්‍රියාව අවබෝධයෙන් තොරව සිදු කරන ලද්දකැයි අධිකරණයේදී ප්‍රකාශ කළහ. ඇයව දූෂණය කිරීමට කිසිසේත්  අදහස් නොකළ බව ඉන් ඇතැමෙක් විසින් ප්‍රකාශ කර තිබේ. එම අපරාධයට තමන් පෙළඹ වූයේ ඇගේ ස්වාමියා ය‍යි, ඇතැම් චූදිතයෝ ප්‍රකාශ කළහ.  

සල්ලාල පීතෘ මූලික සමාජය, ස්ත්‍රී දූෂණය විමසන ආකාරය මුළුමනින්ම වෙනස් කිරීමට කාලය එළැඹ ඇතැයි, ඇය අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළාය.

ප්‍රංශයේ නෛතික ප්‍රතිපාදන යටතේ, සංවෘත අධිකරණයක දී නඩු විභාගය සිදු කරන ලෙස ඉල්ලීමට ඇයට පූර්ණ අයිතිය පැවතියද, එය විවෘත අධිකරණයේ විභාග කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.

ඇය වැනි වින්දිත කාන්තාවන් කිසිත් නොසඟවා සත්‍යය හෙළි කිරීමට තවදුරටත් ලජ්ජා නොවිය යුතු බව පසක් කරනුවස්, එසේ කළ බව ඇය විසින් ප්‍රකාශ කර තිබේ.

"ස්ත්‍රී දූෂණය යනු, ස්ත්‍රී දූෂණය මිස අන් කිසිවක් නොවේ," යි ඇය අද අධිකරණයේදී කියා සිටියාය.  

" නිදන කාමරයට පිවිසෙන ඔබ එහි සිහි සුන් සිරුරක් දුටු විට, ඊට ප්‍රතිචාර නොදක්වා සිටීමට තීරණය කරන්නේ කුමන මොහොතකදැ"යි, ඇය, චූදිතයින්ගෙන් ප්‍රශ්න කළාය.

"තමා එම වරද නොකළේ නම්, ඒ අවස්ථාවේ වහා පොලිසියට පැමිණිලි නොකළේ මන්දැ"යි ඇය සිය සැමියාගෙන් ද අසා සිටියාය. ඔහුට තමා වෙතින්, කිසිදා, කිසිදු සමාවක් නැතැයි ඇය කීවාය.

ඊයේ  (18) පැවති නඩු වාරයේදී, සිය පියාට දැඩි දඬුවම් පමුණුවන ලෙස  ප්හෙලිකොහ් දෙපළගේ පුතුන් දෙදෙනා අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

තම පියා තව දුරටත්, ජීවත්ව සිටියකු සේ නොසලකන බවද ඔවුහු පැවසූහ. සිය පියා විසින් තමාවද, මත්ද්‍රව්‍ය ලබා දී සිහි සුන් කොට දූෂණය කර ඇතැයි, සිතෙන්නේ යැයි, ඩොමිනික් ප්හෙලිකොහ් ගේ දියණිය ද අධිකරණය ඉදිරියේ කියා සිටියාය.    

සිය සේවා දායකයා දැන්, ඉමහත් කම්පනයට පත්ව සිටිතැයි, චූදිත ඩොමිනික් ප්හෙලිකොහ් ගේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.

"ඔහු කළ දේ කළා. එහි, සැකයක් නැහැ. එහෙත්, අප එක් දෙයක් මතක තබා ගත යුතුයි. එනම්, මෙතැන් සිට ඔහු හුදෙකලා වූවෙක්. ඔහු හැම විටම අත්‍යන්තයෙන් ම හුදෙකලා වූවෙක්," ඇය කියා සිටියාය.  

 (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)


මුලාශ්‍රය :
 Mass rape victim Gisele Pelicot condemns cowardice of accused abusers


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...