BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

යුක්‍රේනය මුල් වරට ඇමෙරිකානු මිසයිල යොදා රුසියාවට පහර දෙයි

T

The Leader Desk

November 20, 2024 • 10:00 AM

යුක්‍රේනය මුල් වරට ඇමෙරිකානු මිසයිල යොදා රුසියාවට පහර දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු-යුක්‍රේන යුද්ධයට දින 1000ක් සපිරෙන ඊයේ (19), යුක්‍රේනය ප්‍රථම වරට, රුසියාවේ අභ්‍යන්තරයට දිගු දුර මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඒ සඳහා, ඇමෙරිකාවේ නිෂ්පාදිත ATACMS මිසයිල භාවිතා කර තිබේ.
  • ගුවනේදී විනාශ කරන ලද එක් මිසයිලයක කොටසක් රුසියානු හමුදා කඳවුරක් වෙත පතිත වීමෙන් හටගත් ගින්නක් සැණින් නිවා දැමීමට කටයුතු කළ බව ඔවුහු පවසති.
  • රුසියාවේ කිලෝ මීටර 110ක් අභ්‍යන්තරයට වන්නට පිහිටි එරට අවි ගබඩාවක් වෙත මිසයිල ප්‍රහාරය එල්ල කළ බව යුක්‍රේනය ප්‍රකාශ කරයි.
  • යුක්‍රේන ප්‍රහාරය, රුසියාවේ, වෙඩි බෙහෙත් ගබඩාවක් ඉලක්ක කර සිදු කර ඇතැයි එක්සත් ජනපද ආරංචි මාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වත්මන් ඇමෙරිකානු ජනපති, ජෝ බයිඩන් සිය ධුරයෙන් සමු ගැන්මට 'ඔන්න මෙන්න' කියා තිබියදී, ඇමෙරිකානු අවි යොදා ගනිමින් රුසියාවට පහර එල්ල කිරීමට යුක්‍රේනයට අවසර දුන් බව පසු ගිය දා වාර්තා විය. 

ඊයේ, රුසියාවේ බ්ර්යන්ස්ක් (Bryansk) ප්‍රදේශය වෙත එල්ල කෙරුණු යුක්‍රේන මිසයිල හයෙන් පහක් සාර්ථකව ව්‍යර්ථ කළ බව රුසියානු හමුදා පවසති.

 

w1280 p16x9 2024 11 18T135055Z 1606483963 RC2O7BATDN34 RTRMADP 3 UKRAINE CRISIS ATTACK ODESA

රුසියානු හමුදා මර්මස්ථානයක් වෙත මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත. ගුවනේදී විනාශ කරන ලද එක් මිසයිලයක කොටසක් රුසියානු හමුදා කඳවුරක් වෙත පතිත වීමෙන් හටගත් ගින්නක් සැණින් නිවා දැමීමට කටයුතු කළ බව ඔවුහු පවසති. ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැතැයි වාර්තා වේ.

රුසියාවේ කිලෝ මීටර 110ක් අභ්‍යන්තරයට වන්නට පිහිටි එරට අවි ගබඩාවක් වෙත මිසයිල ප්‍රහාරය එල්ල කළ බව යුක්‍රේනය ප්‍රකාශ කරයි. එම මිසයිල පුපුරා යාමත් සමග එහි, දෙවන වටයේ පිපිරීම් සිදු වූ ද බව යුක්‍රේනය පවසයි. 

ප්‍රහාරය පිණිස කුමන වර්ගයක මිසයිල භාවිතා කළේ දැයි යුක්‍රේන හමුදා නිල වශයෙන් අනාවරණය කර නැතත්, ඒ සඳහා භාවිතා කරන ලද්දේ, අමෙරිකානු ATACMS මිසයිල බව යුක්‍රේන සහ එක්සත් ජනපද නිල ආරංචි මාර්ග කියා සිටී. 

ඊයේ ප්‍රහාරයේදී එල්ල කෙරුණු යුක්‍රේන මිසයිල අටකින්, දෙකක් රුසියාව විසින් ගුවනේ දී විනාශ කළ බව ඇමෙරිකානු රාජ්‍ය නිලධාරියකු පැවසී යැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. යුක්‍රේන ප්‍රහාරය, රුසියාවේ, වෙඩි බෙහෙත් ගබඩාවක් ඉලක්ක කර සිදු කර ඇතැයි එක්සත් ජනපද ආරංචි මාර්ග පවසයි.

ATACSM

රුසියාවට පහර දීම පිණිස, ඇමෙරිකාව විසින් මෙතෙක්, යුක්‍රේනයට සපයා ඇති වැඩිම දුරක් ගමන් ගන්නා මිසයිල ATACMS වර්ගයට අයත් ඒවාය. රුසියාවට එරෙහිව, ඇමෙරිකානු අවි භාවිතයට බයිඩන් රජය අවසර දීමෙන් පෙනී යන්නේ, එක්සත් ජනපදයට යුද්ධය නතර කිරීමේ අවශ්‍යතාවක් නොපවතින බව යැයි, රුසියානු විදේශ අමාත්‍ය, සර්ජි ලැව්රොව් (Sergei Lavrov) ගේ  අදහසයි. 

ඇමෙරිකාවේ මග පෙන්වීම් රහිතව, යුක්‍රේනයට එම මිසයිල භාවිතයට ශක්තියක් නැතැයි රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පවසයි. ඇමෙරිකාව දැන් රුසියානු-යුක්‍රේන යුද්ධයට සෘජුව 'අත  පොවා' ඇති බව ඉන් පෙනී යන්නේ යැයි මොස්කව් රජය කියා සිටී. 

ඒ අනුව, ඇමෙරිකාවට ද රුසියානු  ප්‍රති ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි, ඔවුහු කියා සිටිති. 

යුක්‍රේනය, ඇමෙරිකානු අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළහොත්, තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුම නතර කිරීමට මිහිපිට 'ජගතෙක්' නොවනු ඇතැයි, රුසියානු උත්තරීතර මණ්ඩලයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ කමිටුවේ, පළමු නියෝජ්‍ය ප්‍රධානී, ව්ලැඩිමීර් ද්සබරොව් (Vladimir Dzhabarov) පසුගිය දා ප්‍රකාශ කළේය. 

 



යුක්‍රේන භූමියෙන් පහෙන් කොටසක් මේ වන විට රුසියානු හමුදා විසින් ආක්‍රමණය කර ඇත. ඇමෙරිකාවේ, බයිඩන් රජය කෙළවර, ට්‍රම්ප් නව රජය බිහි වීමත් සමග, යුක්‍රේනයට, බටහිර  සහ ඇමෙරිකානු සහාය අවම වනු ඇති බවටද එරට ජනපති සෙලෙන්ස්කි සැක පළ කරයි.

ඊයේ, යුක්‍රේනය දෙසින් එල්ල කෙරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් ද ව්‍යර්ථ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එරට දක්ෂිණ සහ මධ්‍යම ප්‍රදේශ අටක් වෙත පහර දීමට පැමිණි, යුක්‍රේන ඩ්‍රෝන 42ක්, රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කළ බව එම හමුදා පවසති. රුසියාවේ අභ්‍යන්තර ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කිරීම පිණිස යුක්‍රේනය මුල සිටම ඩ්‍රෝන යානා යොදා ගත්තේය. බොහෝ විට, රුසියානු ගුවන් හමුදා මධ්‍යස්ථාන සහ බලශක්ති සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන එම ප්‍රහාරවල ඉලක්ක විය.

යුක්‍රේන භූමිය රුසියාවට ඈඳා ගැනීමේ අනීතික ප්‍රයත්නයෙන් බැහැරව, වහා සිය හමුදා යුක්‍රේන දේශයෙන් ඉවත් කර ගන්නා ලෙස එක්සත් ජාතීන් විසින් ද, රුසියාවට දන්වා තිබේ. 

යුක්‍රේනය, ඊයේ භාවිතා කරන ලද ATACMS වර්ගයට අයත් ඇමෙරිකානු මිසයිලයකට සාමාන්‍යයෙන් කිලෝ මීටර 300 ක දුරක් අහසේ ඉලක්ක ගතව පියාසර කළ හැකි වුවද, ඊට වඩා දිගු දුර මිසයිල රුසියාව සතු බව යුද විශේෂඥයෝ පෙන්වා දෙති. රුසියානු හයිපර්සොනික් (Kinzhal) කින්සාල් මිසයිලයට කිලෝ මීටර 2000ක වාර්තා ගත දුරක් ගමන් කිරීමේ හැකියාව පවතී. 

 



ඊයේ, රුසියානු ජනපති, ව්ලැඩිමීර් පුටින්, එරට නව න්‍යෂ්ටික ප්‍රකාශනයකට ද අත්සන් තැබීය. එය වොෂින්ටනයට අනතුරු ඇඟවීමකැයි එරට රජය පවසයි. රුසියාවේ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවක, සතුරු මූලයන් වෙත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම් ඉන් අනුමත කර තිබේ. එවැනි, 'වැදගැම්මකට' නැති දැනුවත් කිරීම් මීට පෙර ද රුසියාව විසින් සිදු කළ බව එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. 

රුසියාව, න්‍යෂ්ටික ප්‍රඥප්ති පසෙක තබා සාම ප්‍රඥප්තියකට නොඑලඹෙන්නේ මන්දැයි, යුක්රේන ජනපති සෙලෙන්ස්කි අසා සිටී.

මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යුක්‍රේනය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක හදිසි අවි සහ යුද සේවා විකිණුම් ගිවිසුමක් ද අනුමත කර තිබේ. යුක්‍රේනයේ අවි නිෂ්පාදනය ප්‍රවර්ධනයට ඩෙන්මාර්කය ද ඇමෙරිකානු ඩොලර් මිලියන 138ක ප්‍රදානයක් සිදු කිරීමට අපේක්ෂා කරයි.

ca times.brightspotcdn

 

එහෙත්, යුක්‍රේනය වෙත විශාල වශයෙන් යුදාධාර ලබා දීම පසු ගියදා ඇමෙරිකානු ජනපතිවරණ ජය තහවුරු කරගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. බලයට පැමිණි වහා රුසියානු-යුක්‍රේන යුද්ධය නතර කරන බව ඔහු පවසයි. 

මේ වන විට, රුසියාව විසින් උතුරු කොරියානු හමුදා භටයින්ද යුක්‍රේනයට එරෙහි ප්‍රහාර සඳහා අනුයුක්ත කර තිබේ. 11,00ක පමණ උතුරු කොරියානු හමුදා බල ඇණියක් ඒ සඳහා යොදවා ඇත. එම, ඇතැම්, උතුරු කොරියානු හමුදා අනුඛණ්ඩ සහ යුක්‍රේන හමුදා අතර මුහුණට මුහුණ ගැටුම් පැවති  බවද පසු ගිය දා වාර්තා විය. 

උතුරු කොරියාව විසින් 100,000 කට ආසන්න හමුදා භට පිරිසක් ඉදිරියේ දී රුසියාවේ සහාය පිණිස එවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...