BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

'සටන් නතර කරන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නේ නෑ' - හමාස් සංවිධානය

T

The Leader Desk

November 21, 2024 • 12:25 PM

'සටන් නතර කරන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නේ නෑ' - හමාස් සංවිධානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ සටන් නතර කරන තෙක් තම භාරයේ සිටින එකද ප්‍රාණ ඇපකරුවකු මින් මතු නිදහස් නොකරන බව හමාස් සංවිධානයේ වැඩ බලන නායක ඛලීල් අල්හයියා පවසයි.
  •   හමාස් සංවිධානයේ වැඩ බලන නායක ඛලීල් අල්හයියා ඊශ්‍රායලය, තම පීඩනය නිම නොකරන්නේ නම්, එවැනි හුවමාරුවකින්ද ඵලක් නොවන බව අල්හයියා, පලස්තීන අලඛ්සා  රූපවාහිනිය සමග සිදු කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
  • යුද්දය නතර කරන තෙක්, 'තුරුම්පු' විසි නොකරන බව ඔහු එහිදී පැවසීය.
  • ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු   හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 101 දෙනා ඉන් මුදා ගන්නා ප්‍රයත්න නතරව නැතැයි, අඟහරුවාදා (19) ගාසා තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

එතෙක්, එම ප්‍රාණ ඇපකරුවන්, ඊශ්‍රායල හමුදා භාරයේ පසුවන පලස්තීන සිරකරුවන් හා හුවමාරු නොකෙරෙන බව ද ඔහු අවධාරණය කර සිටී. 

සටනේ අවසානයක් නොදැක, එම ජීවිත හුවමාරු කිසිත් සිදු නොකිරීමට හමාස් සංවිධානය තීරණය කර ඇත.

 

senior hamas leader khalil al hayya speaks 440nw 8613824eහමාස් සංවිධානයේ වැඩ බලන නායක ඛලීල් අල්හයියා

ඊශ්‍රායලය, තම පීඩනය නිම නොකරන්නේ නම්, එවැනි හුවමාරුවකින්ද ඵලක් නොවන බව අල්හයියා, පලස්තීන අලඛ්සා  රූපවාහිනිය සමග සිදු කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. යුද්දය නතර කරන තෙක්, 'තුරුම්පු' විසි නොකරන බව ඔහු එහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය නෙතන්යාහු ගාසා සංචාරයක - අදත් එහි දරුණු ඊශ්‍රායල ප්‍රහාරඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු

 

හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 101 දෙනා ඉන් මුදා ගන්නා ප්‍රයත්න නතරව නැතැයි, අඟහරුවාදා (19) ගාසා තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය. ප්‍රාණ ඇපකරුවකු ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා රැගෙන එන ඕනෑම අයකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5 බැගින් ත්‍යාග පිරිනමන බවද ඔහු එහිදී, ප්‍රකාශ කළේය. කිසිවකු එම ප්‍රාණ ඇපකරුවන්ට හිංසා කෙරේ නම්, ඒ අයට,  ඊට ලෙයින් වන්දි ගෙවීම හැර අන් විකල්පයක් නැතැයි ද ඔහු දන්වා සිටියේය. ප්‍රාණ ඇපකරුවන් හමාස් ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා රැගෙන එන, එම ඕනෑම අයකුට ආරක්ෂාකාරීව ගාසා තීරයෙන් පලා යාමට පූර්ණ අවස්ථාව සහ ඉඩ ප්‍රස්තා  ලබා දෙන බවට ද අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූයේය. 

ගාසා සටන් විරාමයක් පිලිබඳ සාකච්ඡා මේ වන විට ඇණහිට ඇත.

 

උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් 72ක් නසිති

ඊයේ (20) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල හමුවකදී, ඇමෙරිකාව, ගාසා තීරයේ කොන්දේසි විරහිත තිරසර සටන් විරාමයක් පිණිස යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. එහෙත්, එක්සත් ජනපදය ඉන් අදහස් කරන්නේ, එවැනි සටන් විරාමයකට එකඟත්වය පළ කරනුයේ, සටන් විරාමයට පෙර, හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කෙරෙන්නේ නම්, පමණක් බව ඒ පිලිබඳ වැඩි දුර අදහස් දැක්වූ වොෂින්ටනයේ, එක්සත් ජාතීන්ගේ සංවිධාන තානාපති කියා සිටී.

කටාර් සහ ඊජිප්තු රාජ්‍ය මැදිහත්වීමෙන්, මීට පෙර පැවති ඊශ්‍රායල-හමාස් සටන් විරාම සාකච්ඡා වලදී, හමාස් සංවිධානය වෙනුවෙන් නායකත්වය ගෙන ඊට සහභාගී වූ අල්හයියා, සටන් විරාම සාකච්ඡා, අඩාල කිරීම සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දෝෂාරෝපණය කළේය. ඔහු එම සාකච්ඡා කඩාකප්පල් කළා පමණක් නොව, හමාස් සංවිධානය ඊට වගකිවයුතු බවට පෙරලා වහසි බස් දොඩන බව ද අල්හයියා පැවසීය. 

 



ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, යළි සාම කතාබහට නතු වන තෙක් සටන් විරාම සාකච්ඡා පිණිස මැදිහත් නොවන බව එහි ප්‍රධාන භූමිකාවක නිරත වූ කටාර් රාජ්‍යය පසු ගිය දා නිවේදනය කළේය.

සාම කතා නොපැවෙත්වෙන පසු බිමෙක, හමාස් නායකයින් තව දුරටත් කටාර් රාජ්‍ය තුළ එහි ආගන්තුක සත්කාර විඳිමින් රැඳී නොසිටිය යුතු බවට එක්සත් ජනපදය සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු පසුගිය දා තරයේ කියා සිටියහ.  

එහෙත්, කටාර්හි දෝහා අගනුවර පිහිටි හමාස් දේශපාලන කාර්යාලය පූර්ණ වශයෙන් වසා දැමීමට කටයුතු කර නැතැයි, කටාර් විදේශ අමාත්‍යංශ ප්‍රකාශක මජීඩ් අල්-අන්සාරි පැවසීය. එය, එහි ස්ථාපිත කර ඇත්තේ සටන් විරාම සාකච්ඡාවල පහසුව පිණිසැයි, හෙතෙම කියා සිටී.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහරදුන්නේ ඇයි?

හමාස් සංවිධානය වෙතින් සටන් විරාමයකට යම් නම්‍යශීලී බවක් ප්‍රකාශ වුව, දැන්, එම ත්‍රස්ත සංවිධානය මුලිනුපුටා දැමීමෙන් තොර, අන් විකල්පයක් නැතැයි, අග්‍රාමාත්‍ය නෙතන්යාහු ඉකුත් දා ප්‍රකාශ කළේය. 

යුද්ධයෙන් පසු ගාසා තීරයේ පාලනය උදෙසා, ජනපති මහ්මුද් අබ්බාස් ගේ ෆාටා (Fatah) සංවිධානය හා හමාස් සංවිධානය එක්ව පරිපාලන කමිටුවක් පත් කිරීම පිලිබඳ ඉදිරිපත් වූ ඊජිප්තු යෝජනාවකට, හමාස් සංවිධානය කැමැත්ත පල කර ඇතැයි ද, අල්හයියා පැවසීය. එහෙත්, තවමත් ඒ පිලිබඳ අවසන් විසඳුමකට පැමිණ නැතැයි වාර්තා වේ.

 

ඊශ්‍රායල ප්‍රහාර තීව්‍ර වෙයි: 'පලස්තීනයට ජීවත් වීමට ඉඩදෙනු' ! -පෙසප

පසුගිය වසරේ ඔක්තෝබර 7 දා, මෑත කාලීන ඊශ්‍රායල ඉතිහාසයේ අඳුරුතම දිනය උදාකරමින්, එරට වැසියන් 1200ක් ඝාතනය කර තවත් 250 ක ට අධික සංඛ්‍යාවක් ප්‍රාණ ඇපයට ගනිමින් හමාස් සංවිධානය විසින් සිදුකළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට, වසරක් තිස්සේ ඊශ්‍රායලය ලබා දුන් පිළිතුරු හමුවේ, මේ වන විට, ගාසා තීරයේ, 50,000කට ආසන්න පලස්තීනුවන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව, 103,898කට අධික පිරිසක් තුවාළ ලබා සිටිති.


(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...