සැතපුම් දහස් ගණනක් දුර පිහිටි ඉලක්කයක් හඹා යා හැකි, න්‍යෂ්ටික ප්‍රහාරයකට වුව සුදුසුකම් කියන, එවැනි අතිශය දරුණු සහ බරපතල අවියක්, රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව භාවිතා කළ පළමු අවස්ථාව මෙය වේ.
මෙම සතිය මුල, යුක්‍රේනය, ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාව අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කළේය. එසේ ප්‍රහාර එල්ල කළහොත්, තෙවන ලෝක යුද්ධයක් හට ගැනීම වළකාලිය නොහැකි බවට රුසියාව විසින් සිදු කළ පූර්ව අනතුරු ඇඟවීම් ද නොතකා, යුක්‍රේනය එම ප්‍රහාර එල්ල කළේය.
න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය රැගෙන යාහැකි ශීර්ෂයක් සහිත අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල, රුසියාවේ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමේ උපායශීලී ක්‍රියාන්විතයේ ප්‍රධාන අංගයක් කොට සැලකේ.
රුසියාව විසින් අද එල්ල කරන ලද අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ශීර්ෂයේ කුමන වර්ගයක පුපුරන ද්‍රව්‍ය අඩංගු වී දැයි යුක්‍රේනය විසින් මෙතෙක් අනාවරණය කර නොමැත. කෙසේ වෙතත්, එහි න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය අඩංගු වූ බවට කිසිදු ප්‍රකාශයක් කුමන පාර්ශ්වයකින් හෝ නොපැවසේ.
යුක්‍රේනයේ මධ්‍යම-නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දිනිප්‍රෝ ( Dnipro) නගරයේ ආර්ථික මර්මස්ථාන සහ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කර මෙම රුසියානු මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් කාර්මික පරිශ්‍රයකට හානි සිදු වී, ගිනි ගෙන ඇතැයි වාර්තා වේ. ඉන් දෙදෙනෙක් තුවාළ ලැබූහ.
අද, රුසියානු මිසයිල ප්‍රහාරයට එරට, කින්සාල් හයිපර්සොනික් මිසයිලයක් සහ Kh-101 වර්ගයට අයත් කෲස් මිසයිල 7ක් ද භාවිතා කර තිබේ. ඉන්, මිසයිල හයක් වෙඩි තබා බිම හෙළූ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි. අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය එල්ල කර ඇත්තේ, රුසියානු ෆෙඩරේෂණයට අයත් අස්ට්‍රඛාන් (Astrakhan) ප්‍රදේශය සිටය.
ප්‍රහාරය පිලිබඳ එක්සත් ජනපදය පූර්ව දැනුවත් වීමක පසු වීදැයි යන්න ද මෙතෙක් අනාවරණය වී නැත.
මේ වන විට රුසියානු-යුක්‍රේන අර්බුදයට මාස 33කි. 2022 වසරේ පෙබරවාරි මස රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කළේය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
රුසියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලකින් යුක්‍රේනයට පහර දෙයි
T
The Leader Desk
November 21, 2024 • 2:30 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රුසියාව අද, යුක්‍රේනය වෙත අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
- එසේ ප්‍රහාර එල්ල කළහොත්, තෙවන ලෝක යුද්ධයක් හට ගැනීම වළකාලිය නොහැකි බවට රුසියාව විසින් සිදු කළ පූර්ව අනතුරු ඇඟවීම් ද නොතකා, යුක්‍රේනය එම ප්‍රහාර එල්ල කළේය.
- කෙසේ වෙතත්, එහි න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය අඩංගු වූ බවට කිසිදු ප්‍රකාශයක් කුමන පාර්ශ්වයකින් හෝ නොපැවසේ.
- ප්‍රහාරයෙන් කාර්මික පරිශ්‍රයකට හානි සිදු වී, ගිනි ගෙන ඇතැයි වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


