BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

ඉන්දියාවේ අදානිට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ආදීවාසීන් මානව හිමිකම් නඩු මගට

T

The Leader Desk

November 22, 2024 • 12:26 PM

ඉන්දියාවේ අදානිට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ආදීවාසීන් මානව හිමිකම් නඩු මගට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියානු අදානි සමූහයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් නඩු පැවරේ.
  • එම සංස්කෘතික හිමිකම සහ ඒ ඔස්සේ දැනුම් හුවමාරුව වළකාලමින් අදාළ සමාගම් සේවකයෝ ක්‍රියා කර ඇතැයි එකී චෝදනාවේ  සඳහන්වේ.
  • තමන් පසුගිය වසර කිහිපය තිස්සෙම, අදානි සමාගමේ අපවාදයට සහ අවමානයට ලක් වූ බවද ඔවුහු පවසති.
  • මේ පිළිබඳව සිය නීතිඥයින් මගින් අදානි සමූහය දැනුම්වත් කිරීමට කටයුතු කළ මුත්, එම සමාගම ඒ පිලිබඳ කිසිදු  තැකීමකින් තොරව කටයුතු කරමින් ඇතැයි ආදිවාසීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සමාගමට අයත් ඔස්ට්‍රේලියාවේ පිහිටි ගල් අඟුරු සමාගමක්, ජාතිවාදී චෝදනාවන්ට ලක් කරමින්, ඇබොර්ජීනියානු ආදිවාසී කණ්ඩායමක් විසින්, එරට මානව හිමිකම් කොමිසම ඉදිරියේ එම නඩු පැවරීම් සිදු කර තිබේ.

අදානි සමූහයට අයත්, ඔස්ට්‍රේලියාවේ පිහිටි කාර්මයිකල් (Carmichael) ගල් අඟුරු ආකරයේ පිහිටි දිය උල්පත් වෙත ඇබොර්ජීනියානු ආදිවාසීන් පැමිණීම වළකාලමින්, එම ආකාර සේවකයෝ වාචිකව සහ ශාරීරිකවද බාධා කර, බලපෑම් එල්ල කළ බව ආදිවාසීන් විසින් ගොනුකළ පැමිණිල්ලේ සඳහන්ය.

The Leader | We Lead the Nation

එම උල් පැන් හල් වෙත පැමිණ වතාවත් සිදු කිරීම, ඇබොර්ජීනියානු ආදිවාසීන්ගේ සංස්කෘතික අංගයකි. එම සංස්කෘතික හිමිකම සහ ඒ ඔස්සේ දැනුම් හුවමාරුව වළකාලමින් අදාළ සමාගම් සේවකයෝ ක්‍රියා කර ඇතැයි එකී චෝදනාවේ  සඳහන්වේ. තමන් පසුගිය වසර කිහිපය තිස්සෙම, අදානි සමාගමේ අපවාදයට සහ අවමානයට ලක් වූ බවද ඔවුහු පවසති. මේ පිළිබඳව සිය නීතිඥයින් මගින් අදානි සමූහය දැනුම්වත් කිරීමට කටයුතු කළ මුත්, එම සමාගම ඒ පිලිබඳ කිසිදු  තැකීමකින් තොරව කටයුතු කරමින් ඇතැයි ආදිවාසීහු පවසති.

ක්වීන්ස්ලන්ත සහ ඔස්ට්‍රේලියානු නීති ප්‍රතිපාදන වලට පූර්ණ පක්ෂපාතිත්වය සහිතව, එරට පිහිටි සිය සමාගම, වගකීමෙන් කටයුතු කරන බව අදානි සමූහය දන්වා සිටී.

පසුගිය දෙවසර තුළ, එම ආකාර ප්‍රදේශයේ වෙසෙන සාම්ප්‍රදායික ආදිවාසී බහුතරය සමග 'හොඳ හිතින්', අනුමත දේශීය ඉඩම් පරිහරණ ගිවිසුම් සහ සංස්කෘතික උරුමයන් පිලිබඳ කළමනාකරණ සැලසුම් මත පදනම්ව කටයුතු කර ඇතැයි ද එම සමාගම ප්‍රකාශ කරයි. ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම මගින් සමාගමට කිසිදු දැනුම් දීමක් සිදු කර නැතැයි ද අදානි සමූහය කියයි.

carmichael

 

නඩු පැවරීම ඔස්සේ ආදිවාසීහු, අදානි සමූහයෙන් වන්දි ඉල්ලා සිටිති. ඊට අමතරව, ඇබොර්ජීනියානු ආදිවාසීන්ගෙන් සමාව යද සිටින ලෙසත්, සමාජ මාධ්‍යයෙහි පළකර ඇති ඔවුන්ට එරෙහි ද්වේශ සහගත ප්‍රචාර ඉවත් කර වහා නිවැරදි කරන ලෙසත් එහි ඉල්ලා තිබේ. 

අදානි සමාගමේ අධ්‍යක්ෂවරුන්ට, කළමනාකරුවන්ට සහ සේවකයින්ට, ජාතිවාදයෙන් සහ වර්ගවාදයෙන් තොරව කෙසේ කටයුතු කළයුතු දැයි යන්න පිලිබඳ සංස්කෘතිකමය වශයෙන් අවබෝධාත්මක පුහුණුවක් ලබා දෙන ලෙසද ඔවුහු වැඩි දුරටත් ඉල්ලා සිටිති.

2021 වසරේ දෙසැම්බර් මස අදානි සමූහයට අයත් ඔස්ට්‍රේලියාවේ කාර්මයිකල් ගල් අඟුරු සමාගම, සිය ප්‍රථම ගල් අඟුරු නැව්ගත කිරීම සිදු කළේය. ඊට පෙර,  වසර හතක්  මුළුල්ලේ, ඔවුන්ට එරෙහිව එරට  පරිසර කණ්ඩායම් සහ ආදිවාසීහු අඛණ්ඩ අරගලයේ නිරත වූහ.  අල්ලස් සහ දූෂණ චෝදනා මත, ඉන්දියානු අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිට එරෙහිව එක්සත් ජනපදයේ නඩු පැවරීමත් සමග, අද දින ද, ලෝක කොටස් වෙළඳපොළ එම සමාගමට අයත් කොටස් මිල සීඝ්‍රයෙන් පහත වැටිණි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියාවේ අදානිට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ආදීවාසීන් මානව හිමිකම් නඩු මගට | The Leader