(Bunker Buster) වර්ගයේ බෝම්බ ප්‍රහාරයකි.
එම ප්‍රහාරයෙන්, මෙතෙක්, සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක් වෙත එල්ල කළ එම ප්‍රහාරයෙන්, දැනට වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි ජීවිත හානි සංඛ්‍යාවක් සිදු වී ඇති බවට ද සැක කෙරේ.
ප්‍රහාරයත් සමග, ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ විශාල ආවාටයක් සැදී ඇත. ප්‍රදේශය වෙඩි ලුණු සැරින් සහ එහි දුගඳින් ගහනව පවතී.
එරට වේලාවෙන් අද අළුයම 4 ට පමණ එල්ල වූ එම ප්‍රහාරයෙන්, බීරුත් අගනුවර දෙදරා ගිය බව රොයිටර්ස් පුවත් වාර්තා සඳහන් කරයි.
අසල දුම්රිය ස්ථානයකට ද බරපතල හානි සිදු වී තිබේ.
ලෙබනනය වෙත මෙම සතිය තුළ එල්ල කරන ලද සිව් වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය මෙය වේ.
ඉකුත් ඉරිදා (17) එල්ල වූ තවත් මෙවැනිම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියකු ඝාතනය කෙරිණි.
ඊශ්‍රායලය දකුණු ලෙබනනයට ඊයේත් (22) ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර එල්ල කෙරුණේ ද බීරුත් අගනුවර අවට කලාපය වෙතය.
ඊයේ ප්‍රහාරවලින් වෛද්‍ය වෘත්තිකයෝ 5 දෙනෙක් මිය ගියහ.
භූමිය මත ක්‍රියාන්විතයේ නිරත ඊශ්‍රායල හමුදා, ඊයේ දකුණුබද ප්‍රදේශයන්හිදී හිස්බුල්ලා සටන් කාමීන් සමග මුහුණට මුහුණ ගැටුණු බව රොයිටර්ස් පැවසීය.
මෙම ප්‍රහාර මධ්‍යයේ, ඊශ්‍රායලය ඉක්මන් සටන් විරාමයක් ද අපේක්ෂා කරයි.
නවතම ගැටුම්, ඒ පිලිබඳ ජාත්‍යන්තර මැදිහත්වීම් සහ අවධානය වර්ධනය කරනු ඇති බව එරට රජයේ විශ්වාසයයි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
අද අළුයම ලෙබනනයට ඊශ්‍රායල බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක්
T
The Leader Desk
November 23, 2024 • 3:42 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊශ්‍රායලය ලෙබනන වේලාවෙන් අද අළුයම බීරුත් අගනුවර වෙත දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එය බංකර් බස්ටර්
- එම ප්‍රහාරයෙන්, මෙතෙක්, සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
- මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක් වෙත එල්ල කළ එම ප්‍රහාරයෙන්, දැනට වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි ජීවිත හානි සංඛ්‍යාවක් සිදු වී ඇති බවට ද සැක කෙරේ.
- ප්‍රහාරයත් සමග, ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ විශාල ආවාටයක් සැදී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


