BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

ඔස්ට්‍රේලියාවේ කාලගුණ විපර්යාසයට එරෙහි මහජන උද්ඝෝෂණ - නිව්කාසල් වරායට ලඟා වූ නැවක් හරවා යැවේ

T

The Leader Desk

November 24, 2024 • 8:27 AM

ඔස්ට්‍රේලියාවේ කාලගුණ විපර්යාසයට එරෙහි මහජන උද්ඝෝෂණ - නිව්කාසල් වරායට ලඟා වූ නැවක් හරවා යැවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාවේ අද පැවති, කාලගුණ විපර්යාසයන්ට එරෙහි මහජන උද්ඝෝෂණයක් හමුවේ, එරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වරායක් වෙත පැමිණෙමින් තිබූ නෞකාවක් ආපසු හරවා යැවීමට සිදු විය.
  •   ඒ අනුව, නිව්කාසල් වරායේ (Port of Newcastle) පිවිසුම් ඇල මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නියැලි 138 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
  •   ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි අගනුවරට කිලෝ මීටර 170ක් දුරින් පිහිටි එම වරාය, එරට නැගෙනහිර වෙරළේ පිහිටි විශාලතම, තොග අපනයන වරාය වේ.  මහජන විරෝධතා පැවතියද, වරාය ප්‍රමාදයන් අවම අවදානමක පවතින බව නිව්කාසල් වරාය පවසයි.
  • ආපසු හරවා ගිය නෞකාව, ප්‍රති-කාලසටහන් ගත කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ හරවා යවා ඇත්තේ, එරට පිහිටි විශාලතම ගල් අඟුරු අපනයන පර්යන්තය වෙත ලඟා වූ නෞකාවකි.  

ඒ අනුව, නිව්කාසල් වරායේ (Port of Newcastle) පිවිසුම් ඇල මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නියැලි 138 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

coal1

 

ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි අගනුවරට කිලෝ මීටර 170ක් දුරින් පිහිටි එම වරාය, එරට නැගෙනහිර වෙරළේ පිහිටි විශාලතම, තොග අපනයන වරාය වේ. 

මහජන විරෝධතා පැවතියද, වරාය ප්‍රමාදයන් අවම අවදානමක පවතින බව නිව්කාසල් වරාය පවසයි. ආපසු හරවා ගිය නෞකාව, ප්‍රති-කාලසටහන් ගත කර තිබේ. පොලිස් මැදිහත්වීම් මත වරාය ප්‍රවිෂ්ට ඇල මාර්ගය නිදහස් කර ගත හැකි වුවහොත්, වරාය මෙහෙයුම් ඉක්මනින් යළි යථා තත්ත්වයට පත් වනු ඇතැයි, වරාය පරිපාලනය පවසයි. 

 

කාලගුණ විපර්යාසයට එරෙහි, 'නැගෙන රළ' (Rising Tide) නම් සමාජ ක්‍රියාකාරීන් පිරිසක්, එහි පැය 50 ක සිය විරෝධතාව පසුගිය සිකුරාදා (22) ආරම්භ කළහ. විරෝධතා හමුවේ අද හරවා යැවුණු නෞකාව, ගල් අඟුරු අපනයනය පිණිස පැමිණෙමින් තිබූ නෞකාවකි. කාලගුණ විපර්යාස, එරට ඉමහත් මත භේදාත්මක අභියෝගයක් බවට පත්ව ඇත.

r0 0 800 600 w800 h600 fmax

 

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම තාප ගල් අඟුරු සහ අගය එකතු නොකළ ගල් අඟුරු අපනයනකරුවා ය. 

පසු ගිය වසරේ නොවැම්බර් මස එම වරායේ පැවති මෙවැනිම මහජන උද්ඝෝෂණයක් හේතුවෙන්, වරාය වෙත පැමිණෙමින් තිබූ සියලු නෞකා ආපසු හරවා යැවීමට සහ වරාය මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට සිදු විය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...