BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

ඝාතනය කළ ඊශ්‍රායල-මෝල්ඩෝවා ද්විත්ව පුරවැසියකුගේ මළ සිරුර හමුවේ

T

The Leader Desk

November 24, 2024 • 3:25 PM

ඝාතනය කළ ඊශ්‍රායල-මෝල්ඩෝවා ද්විත්ව පුරවැසියකුගේ මළ සිරුර හමුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අතුරුදන් වූ ඊශ්‍රායල-මෝල්ඩෝවා ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයකුගේ මළ සිරුර අද හමු වූ බව
  •  එය අතිශය බියගුළු ත්‍රස්තවාදී ඝාතනයක් බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.
  •   සිවි කොගන් (Zvi Kogan) නම් එම පුද්ගලයා ඉකුත් බ්‍රහස්පතින්දා (21) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අතුරුදන් වී ඇතැයි, මීට පෙර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
  • චබාද් නිකායේ මූලස්ථානය එක්සත් ජනපදයේ පිහිටා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

 එය අතිශය බියගුළු ත්‍රස්තවාදී ඝාතනයක් බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.  

සිවි කොගන් (Zvi Kogan) නම් එම පුද්ගලයා ඉකුත් බ්‍රහස්පතින්දා (21) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අතුරුදන් වී ඇතැයි, මීට පෙර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ඝාතනය වූ පුද්ගලයා, චබාද් (Chabad) නම්, ලොව පුරා ක්‍රියාත්මක යුදෙව් ආගමික නිකායක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශාඛාවක සාමාජිකයකි. ලොව පුරා,  එම ආගමික නිකාය මගින්, විවිධ යුදෙව් ආගමික කණ්ඩායම් අතර සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කෙරේ.

xsdgtw45

චබාද් නිකායේ මූලස්ථානය එක්සත් ජනපදයේ පිහිටා ඇත.

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යංශය එම පුද්ගල ඝාතනය පිලිබඳ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

එරට පිහිටි චබාද් ආගමික නිකාය ශාඛාව, එහි සහ අනෙකුත් ගල්ෆ් රටවල වෙසෙන සහ ඒ වෙත පැමිණෙන යුදෙව්වන්ගේ ආගමික, සාමාජික අවශ්‍යතා සහ සේවා සම්පාදනයේ මෙන්ම, සම්බන්ධීකරණයේ නිරතව සිටී.

2020 වසරේ එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් අත්සන් තැබුණු ඒබ්‍රහම් ගිවිසුම (Abraham Accords) මගින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතාන්ත්‍රික හා ද්වීපාර්ශ්වීය සබඳතා තර කෙරිණි.

කොගන් ගේ ඝාතකයින්, නීතිය හමුවට ඉදිරිපත් කිරීමට ඊශ්‍රායලය සිය උපරිම ශක්තියෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටී.  

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරයන් ගෙන් හැකි තාක් වැළකී කටයුතු කරන ලෙසත්, දැනටමත් එරටට ගොස් සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ආරක්ෂාකාරීව, විමසිල්ලෙන් පසුවන ලෙසත් නව උපදෙස් නිකුත් කර තිබේ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...