BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

'ඔයාලා දැනටමත් මගේ දරුවෝ දෙන්නෙක් මරා ගත්තා, තුන්වෙනි දරුවත් මරා ගන්න ද හදන්නේ?': තුර්කිය කම්පා කළ ළදරු මරණ

T

The Leader Desk

November 24, 2024 • 3:35 PM

'ඔයාලා දැනටමත් මගේ දරුවෝ දෙන්නෙක් මරා ගත්තා, තුන්වෙනි දරුවත් මරා ගන්න ද හදන්නේ?': තුර්කිය කම්පා කළ ළදරු මරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවම වශයෙන් බිළිඳුන් 10 දෙනෙකුට මරු කැඳවීමට හේතු වූ බව කියන, එම බිළිඳුන් රෝහල් අතර හුවමාරු කළ සිදුවීමක්
  • 2016 නොවැම්බරයේදී ටොල්ගා ඔයිමාක්ගේ බිරිඳ නුකෙට් තුර්කියේ ප්‍රසිද්ධ රෝහලකදී තුන් නිවුන් දරුවන් බිහි කළා ය.
  • ශ්වසන අපහසුතා සහ වයස දින 90ට අඩු ළදරුවන් තුළ ඇති වන ආසාදනයක් වන සෙප්සිස් රෝගී තත්ත්වය නිසා මෙම මරණය සිදු වූ බව ඔහුට පැවසිණි.
  • නමුත් දින පහකට පසු වෛද්‍යවරයෙක් ඔහු අමතා ඔවුන් අතරින් එක් බිළිඳෙකු මීට පෙර මියගිය බිළිඳාට වැළඳුණු ශ්වසන ආබාධය ම වැළඳී අසනීප තත්ත්වයේ පසුවන බව පවසා ඉක්මනින් රෝහලට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි කම්පනයක් මෙන් ම තුර්කිය වෙත අපකීර්තියක් ද ගෙන දී ඇත්තේ, ඊට සම්බන්ධ ඉහළ නිලධාරීන් සේවයෙන් පහ කරන ලෙසට සහ සිද්ධිය ගැන වැඩිදුර විමර්ශනය කරන ලෙසට වන ඉල්ලීම් ද සමග ය.

තුර්කි සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි ලෙස අපවාදයට ලක් කළ සිදුවීම් අතරින් එකක් වන එහිදී අලුත උපන් බිළිඳුන් දිගු කලක් දැඩිසත්කාර ඒකකවල රඳවා තැබිය හැකි ලෙස පෞද්ගලික රෝහල් 19ක නව ජන්ම ළදරු ඒකක වෙත මාරු කිරීම සඳහා ව්‍යාජ ලෙස රෝග විනිශ්ච වාර්තා හැදූ බවට එරට වෛද්‍යවරුන්, හෙදියන් සහ ගිලන්රථ රියැදුරන් වෙත චෝදනා එල්ල වේ.

2016 නොවැම්බරයේදී ටොල්ගා ඔයිමාක්ගේ බිරිඳ නුකෙට් තුර්කියේ ප්‍රසිද්ධ රෝහලකදී තුන් නිවුන් දරුවන් බිහි කළා ය.

නියමිත දින වකවානුවලට පෙර එම දරුවන් උපත ලද අතර, ඒ වන විට එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඔවුන්ව රඳවා තැබීමට ඉන්කියුබේටර් යන්ත්‍ර ත්‍රිත්වයක් නොතිබිණි.

එබැවින් ඔවුන්ට කඩිනමින් තම දරුවන් වෙනත් රෝහලක් වෙත මාරු කිරීමට සිදුවිය.

"තුන්වෙනි දවසේ අපේ බබාලගෙන් එක්කෙනෙක් මැරුණා," ටෝල්ගා බීබීසී තුර්කි සේවය වෙත පැවසීය. ශ්වසන අපහසුතා සහ වයස දින 90ට අඩු ළදරුවන් තුළ ඇති වන ආසාදනයක් වන සෙප්සිස් රෝගී තත්ත්වය නිසා මෙම මරණය සිදු වූ බව ඔහුට පැවසිණි.

"අපිට ඉතුරු වුණේ දරුවන් දෙන්නෙක් විතරයි. දොස්තරලා දිගින් දිගට ම කිව්වා ඒ දෙන්නගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි කියලා," ඔහු පැවසීය.

නමුත් දින පහකට පසු වෛද්‍යවරයෙක් ඔහු අමතා ඔවුන් අතරින් එක් බිළිඳෙකු මීට පෙර මියගිය බිළිඳාට වැළඳුණු ශ්වසන ආබාධය ම වැළඳී අසනීප තත්ත්වයේ පසුවන බව පවසා ඉක්මනින් රෝහලට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේ ය.

"අපිට දැඩිසත්කාර ඒකකය ඇතුළට යන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි එදා අපි අපේ දරුවා මැරෙන හැටි ජනේලෙන් දැක්කා.

"ඔයාලා දැනටමත් මගේ දරුවෝ දෙන්නෙක් මරා ගත්තා, තුන්වෙනි දරුවත් මරා ගන්න ද හදන්නේ?' මම [සේවකයන්ට] කිව්වා. ඔවුන් මට කිව්වා සන්සුන් වෙන්න කියලා."

 

සමාජ ආරක්ෂාව අනතුරේ හෙළමින් වංචා කිරීම

පිටු 1,400කට ආසන්න චෝදනා පත්‍රයට අනුව, අදාළ රෝහල් 19න් එකකට ගෙන යන ළදරුවන්ට ඇතැම් විට අනවශ්‍ය ප්‍රතිකාර ලැබෙනු ඇති අතර එමගින් මෙම ජාවාරමට සම්බන්ධ අයට තුර්කියේ සමාජ ආරක්ෂණ පද්ධතියට වංචා කිරීමට ඉඩ සැලසේ.

තුර්කි මාධ්‍ය විසින් 'ළදරු ජාවාරම් කල්ලිය' ලෙස හඳුන්වනු ලබන, චෝදනාවට ලක් වූ මෙම ජාවාරමට සම්බන්ධ බව කියන සෞඛ්‍ය සේවක ජාලය දැඩි සත්කාර ඒකකයේ රඳවන සෑම ළදරුවෙකු පාසා ම දිනකට තුර්කි ලීරා 8,000ක් (ඇමෙරිකානු ඩොලර් 183) උපයනු ලැබ තිබිණි.

5435dsaචෝදනා එල්ල වූ මෙම ජාවාරමට සම්බන්ධ බව කියන සෞඛ්‍ය සේවකයින්ගේ ජාලය තුර්කි මාධ්‍ය විසින් 'ළදරු ජාවාරම් කල්ලිය' ලෙස හඳුන්වනු ලබයි

 

එම ජාලයට සම්බන්ධ සෞඛ්‍ය සේවකයින් අතින් සිදුවූ අතපසුවීම් හෝ අක්‍රමිකතා හේතුවෙන් අවම වශයෙන් ළදරුවන් 10 දෙනෙකු මිය ගොස් ඇති බවට චෝදනා එල්ල වේ.

මෙම සතියේ ඉස්තාන්බුල්හිදී ඇරඹි නඩු විභාගයට පුද්ගලයින් හතළිස් හත් දෙනෙකු කැඳවිණි. සැකකරුවන්ගෙන් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

විත්තිකරුවන් තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් තීරණ ගනු ලැබුවේ සද්භාවයෙන් බවට තරයේ පවසා ඇත.

අපරාධයක් කිරීමේ අරමුණින් සංවිධානයක් පිහිටුවීම, රාජ්‍ය ආයතනවලට වංචා කිරීම, නිල ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම සහ නොසැලකිලිමත්කමෙන් මනුෂ්‍ය ඝාතන සිදුකිරීම යන චෝදනා එල්ල වී ඇති ප්‍රධාන විත්තිකරු වන වෛද්‍ය ෆිරාත් සාරිට වසර 583ක සිර දඬුවමක් නියම වීමේ අභිමුව සිටී.

නඩු විභාගයේදී, මෙම ජාවාරමට සම්බන්ධ යැයි කියනු ලබන පෞද්ගලික රෝහල් කිහිපයක නව ජන්ම ළදරු දැඩි සත්කාර ඒකක පවත්වාගෙන ගිය වෛද්‍ය සාරි, ළදරුවන්ට හානියක් වන ලෙසට කටයුතු කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

"සියල්ල ක්‍රියා පටිපාටියට අනුකූලව කළේ," ඔහු අධිකරණය හමුවේ පැවසීය.

 

බලපත්‍ර අවලංගු කිරීම

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් හෙදියන්ගෙන් එක් අයෙකු වන ඩෝකාන් ටෂ්ච සමාජ ආරක්ෂණ සේවාවන්ගෙන් වංචාකාරී ලෙස මුදල් ලබා ගැනීමේ අරමුණින් ඖෂධ අලෙවී කිරීම, රෝගීන්ගේ වාර්තා කූඨ ලෙස සැකසීම ඇතුළු ඇතැම් අක්‍රමිකතා පිළිගත්තා ය.

"දැඩිසත්කාර ඒකකය පිරිලා තියෙනවා කියන්නේ, අපි උපයන මුදල වැඩි වෙනවා කියන එක," ඇය නඩු විභාගයේදී පැවසුවා ය.

xfte456මෙම 'ළදරු ජාවාරම් කල්ලිය' දැඩි සත්කාර ඒකකයේ සිටින සෑම දරුවෙකු පාසා ම දිනකට තුර්කි ලීරා 8,000 උපයනු ලැබ තිබිණි

 

මෙම නඩු විභාගය ඇරඹියේ 2023 මාර්තු මාසයේදී නිර්නාමික ඔත්තුවක් මත පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසුව ය.

එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස අදාළ රෝහල් 19න් 10ක, ආණ්ඩු පක්ෂයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකුට අයත්ව තිබූ රෝහලක් ද ඇතුළුව, බලපත්‍ර අවලංගු කෙරිණි.

රාජ්‍ය මාධ්‍යවලට අනුව, පවුල් 350කට අධික සංඛ්‍යාවක් මේ වන විට තම ආදරණීයයන්ගේ මරණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ඇත.

එමෙන් ම, සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ත් මෙම ජාවාරමට සම්බන්ධ බව කියන සියලු ම පෞද්ගලික රෝහල් ජනසතු කරන ලෙසට ත් ඉල්ලීම් කර තිබේ.

ජනාධිපති රිචෙප් තයිප් එර්දොවාන් කියා සිටියේ, මෙම මරණවලට වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන බව ය. නමුත් රටේ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියට දොස් පැවරීමට එරෙහිව ඔහු අදහස් පළ කළේ ය.

"කුණු වෙච්ච ඇපල් ගෙඩි කිහිපයක් නිසා අපේ සමස්ත සෞඛ්‍ය සේවා ප්‍රජාවට බැටකන්න අපි ඉඩ තියන්නේ නැහැ," ඔහු පැවසීය.

 

'ආපයක ජීවත් වීම'

අලුත උපන් බිළිඳු මරණ පිළිබඳ සිද්ධිය මතු වූ දා සිට, එම ජාවාරමට ගොදුරු වූ පවුල් තවත් බියකරු සිහිනයක් අත්දැකීම් ලබමින් සිටියි.

"මේ සිද්ධිය ගැන ප්‍රවෘත්තිය මුලින් ම කියවපු වෙලාවේ, මම ඒ ගැන මගේ වයිෆ් එක්ක කතා කළේ නැහැ," ටොල්ගා පැවසීය.

"නිව්ස් හෙඩ්ලයින් එකේ [අපේ දරුවෝ නැතිවුණ] හොස්පිටල් එකේ නම දැක්කා ම මගේ ඇඟේ ලේ නටන්න ගත්තා," ඔහු බීබීසී තුර්කි සේවය වෙත පැවසීය.

"එදා අපිට දැනුනේ සාධාරණ බයක් ද කියල මට දැන ගන්න ඕනේ. මට දැනගන්න ඕනේ අපේ දරුවෝ මැරුවා ද කියලා."

ටොල්ගාගේ ඉතිරි එක ම දරුවාට දැන් වයස අවුරුදු අටකි. ඔහු සහ ඔහුගේ බිරිඳ තවත් දරුවෙකු ගැන කිසි විටෙකත් නොසිතති.

"අපිට මේක ලොකු වේදනාවක්; මගේ බිරිඳට කවදාවත් [අපේ දරුවෝ දෙන්නගේ මරණය] පිළිගන්න බැරි වුණා. ඒ නිසා, අපිට ආයෙත් ආපයක ජීවත් වෙන්න වේවි කියලා බයයි," ඔහු පැවසීය.

අතිරේක වාර්තාකරණය එම්රේ ටෙමෙල් සහ ෆන්ඩනුර් ඔස්ටර්ක් විසිනි.


(සටහන - එගේ ටට්ලිජි)
බීබීසී පුවත් තුර්කි

 
* උපුටා ගැනීම - BBC සිංහල සේවය 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ඔයාලා දැනටමත් මගේ දරුවෝ දෙන්නෙක් මරා ගත්තා, තුන්වෙනි දරුවත් මරා ගන්න ද හදන්නේ?': තුර්කිය කම්පා කළ ළදරු මරණ | The Leader