BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

උරුගුවේ රාජ්‍යයේ නව ජනපති ඔර්සි ලකුණ කියවමු

T

The Leader Desk

November 25, 2024 • 2:01 PM

උරුගුවේ රාජ්‍යයේ නව ජනපති ඔර්සි ලකුණ කියවමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැඩි ඒකාධිපතිවාදී පරිසරයක හැදී වැඩුණු, එහෙත්, එම අත්දැකීම් පාදක කොට සිය ආත්මීය ශක්තියත්, නොපසුබට උත්සාහයත් හමුවේ
  • ඔහු, සමස්ත චන්ද ප්‍රතිඵලයෙන් 49.8%ක් ලබා ජනපතිවරණ ජය තහවුරු කළේය.
  • මෙතෙක්, එරට පාලන බලය හිමි වූ මධ්‍ය-දක්ෂිණාංශික ජාතික පක්ෂ ජනපති ඇල්වාරෝ ඩෙල්ගාඩෝ (Alvaro Delgado) ට ලබා ගත හැකි වූයේ, 45.9%ක චන්ද ප්‍රතිශතයක් පමණි.
  •   57 හැවිරිදි ඔර්සි, හිටපු ගණිත ගුරුවරයකු සේම නගරාධිපතිවරයකු ද වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විශ්වාසය තහවුරු කර ගත්, පුළුල් පෙරමුණු සන්ධානයේ යමන්ඩු ඔර්සි (Yamandu Orsi) දකුණු ඇමෙරිකානු උරුගුවේ රාජ්‍යයේ, ජනපතිවරණයේ දෙවන වටයෙන්ද ජය ගෙන එරට නව ජනාධිපතිවරයා ලෙස ඊයේ (24) තේරී පත් විය.

ඔහු, සමස්ත චන්ද ප්‍රතිඵලයෙන් 49.8%ක් ලබා ජනපතිවරණ ජය තහවුරු කළේය.

මෙතෙක්, එරට පාලන බලය හිමි වූ මධ්‍ය-දක්ෂිණාංශික ජාතික පක්ෂ ජනපති ඇල්වාරෝ ඩෙල්ගාඩෝ (Alvaro Delgado) ට ලබා ගත හැකි වූයේ, 45.9%ක චන්ද ප්‍රතිශතයක් පමණි. ඒ අනුව, උරුගුවේ මීළඟ පාලන බලය, මධ්‍ය-වාමාංශික සන්ධාන රජයක් සතුවේ.  

57 හැවිරිදි ඔර්සි, හිටපු ගණිත ගුරුවරයකු සේම නගරාධිපතිවරයකු ද වේ.

තමා ජනපති වීමෙන් අනතුරුව, එකවර අංශක 360ක 'කරණමක්' නොගසන බවට, කලාපීය රටවලට සංසන්දනාත්මකව, එතරම් දරිද්‍රතාවයෙන් නොපෙලෙන ආර්ථිකයක් වන උරුගුවේ හි, මිලියන 3.4ක ජනගහනයට, ඔර්සි, ජනපතිවරණ තරග වේදිකාව මත පොරොන්දුවක් දී තිබේ.

xdrt454www
උරුගුවේ රාජ්‍යය වනාහි, මනරම් වෙරළ තීර, නීතිගත ගංජා මෙන්ම ස්ථාවර ආර්ථිකයකට ද හිමිකම් කියන රාජ්‍යයකි.

එරට, මෙවර ජනපතිවරණය, ඉතා සාමකාමී සහ සහෝදරාත්මක පරිසරයක පැවතියේය. ජනපතිවරයා සහ විපක්ෂය, 'කවුරු දිනුවත්'  ජනතා සුබ සිද්ධිය උදෙසා සිදු කෙරෙන කිසිඳු ක්‍රියාමාර්ගයක් නවතා නොදමන බවට මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළහ. තම ප්‍රතිවාදියාගේ මතු දකින ජය තහවුරු කරනු වස්, ඩෙල්ගාඩෝ, සාම්ප්‍රදායික මිතුරු තේ පැන් පානයට ද ඔර්සි ට ආරාධනා කළේය.

නිවෙස් අහිමි, දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව, ඔවුන්ගේ අපේක්ෂා මුදුන් පමුණුවමින්, වඩාත් යහපත් සමාජ තත්ත්වයකට ඔසවා තැබීම සහ අපරාධ මැඩලීම පිණිස ඉදිරියේදී, නූතන වාමවාදී පිළිවෙතක් අනුගමනය කරන බව නව ජනපති ඔර්සි පවසයි. එරට, ජනතාව ඔහුගේ ජනපතිවරණ ජය පතා මෙවර ඡන්දය ප්‍රකාශ කළේ ද   උදක්ම එම වෙනස සාක්ෂාත් කරගැනීමට ය.

උරුගුවේ රාජ්‍යයේ, පසු ගිය වසර කිහිපය තුළ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනවල පැහැදිලි වර්ධනයක් දක්නට ලැබිණි. ඒ, නීති විරෝධී කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කේන්ද්‍ර කොටගත් අපරාධ රැල්ල හේතුවෙනි.

කලාපයේ අනෙක් රටවල් හා සැසඳීමේදී එරට දරිද්‍රතා අනුපාතය බෙහෙවින් අඩු මට්ටමක පවතී. මේ වසරේ, එය කොවිඩ් - 19 වසංගතයට පෙර පැවති මට්ටම  තෙක්ම අඩු වී ඇත. එහෙත්, දරිද්‍රතාවයේ විෂම චක්‍රය එරට කුඩා ළමුන් කෙරෙහි තවදුරටත් බලපෑම් එල්ල කරයි.  

රටේ දෛවය සහ අනාගතය වෙනස් කළ යුතු යැයි පසුගිය ඔක්තෝබරයේ එරට අගනුවර, මොන්ටිවීඩියෝ (Montevideo) හිදී, රොයිටර්ස් පුවත් සේවය සමග පැවති  සම්මුඛ සාකච්ඡාවක දී ඔර්සි පැවසීය. සමාජ සුබ සාධනය සහ ආර්ථික වර්ධනය අතර වෙනස් සමතුලිත බවක් බිහි කිරීම ඔස්සේ එය සිදු කරන බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඔහුට, එරට කැපී පෙනෙන අන්ත වාමාංශික විප්ලවවාදියකු මෙන්ම, පසු කාලීන ජනාධිපතිවරයකු වූ ජොසේ මුජිකා ගේ ද සහාය හිමිය. එහෙත්, ඔර්සිගේ ව්‍යාපාරික ලැදි ආමන්ත්‍රණ ශෛලියට මධ්‍යස්ත මත ධාරීහු වඩාත් ප්‍රිය කරති.

කලාපයේ අන් බොහෝ රටවල මෙන් භේද භින්න ව සිදු කරන දේශපාලනයක් උරුගුවේ රාජ්‍යයෙහි නැත්තේය.

තමා, යළි යළිත් ජාතික කතිකාවක් උදෙසා කැපවන ජනපතිවරයකු යැයි ඔර්සි, නොවැම්බර් 24 සිදු කළ සිය ජයග්‍රාහී මැතිවරණ වේදිකා ආමන්ත්‍රණයේ දී ප්‍රකාශ කළේය.

එරට දෙවන විශාලතම ප්‍රාදේශිකය වන කැනිලෝන්ස්  (Canelones) හි නගරාධිපති ධුරය හෙබවූ කාලයේ, ඔහු, සිය බල ප්‍රදේශයේ උන්නතිය පිණිස සාර්ථක ආයෝජන රැසක් සිදු කළේය. නව ව්‍යාපාරික අවස්ථා බිහි කිරීමේ අරමුණින්, ඔහු පෙර පැවති නිලධාරිවාදය පිටු දැකීමට කටයුතු කිරීමට පියවර ගැනීමත් සමග, ගූගල් වැනි ජාත්‍යන්තර සමාගම් රැසක් එහි සිය ව්‍යාපාර ඇරඹීමට පැමිණියහ.

බදු  ඉහළ නැංවීම වෙනුවට, සීඝ්‍ර ආර්ථික වර්ධනයකට සාර්ථක ආයෝජන ඔස්සේ මග පැදීම ඔහුගේ අරමුණයි.

ඔර්සිගේ පුළුල් පෙරමුණු සන්ධාන රජය මෙවර, පාර්ලිමේන්තු සෙනෙට් ආසන 30න් 16ක ජය හිමි කරගත්තේය. එහෙයින්ම එය, ජනතා සුබ සිද්ධිය සහ රටේ ආර්ථික උන්නතිය උදෙසා වන සැලසුම් වරදා ගතහොත්, නව රජය සැණින්  'දොට්ට විසිවන' ජයක් ද වන්නේය.    

ඔර්සි, සැම විටම පැහැබර කතිකාවකට ආරාධනා කරන්නකු බව බහුතර උරුගුවේ ජනතා මතයයි.

drt56345d

ඔහු නව දේශපාලන පරපුරක් බිහි කරනු ඇතැයි ඒ බොහෝ දෙනා පවසති. එය, සාමාන්‍යයෙන් දේශපාලනික වශයෙන්, වාමවාදී ස්වරූපයක් ගන්නා ලතින් ඇමරිකානු රාජ්‍යයක් තුළ, ව්‍යාපාරික අවශ්‍යතා සහ සමාජ සුබ සාධනය අතර වෙනස්ම ආකාරයක සාධනීය සමතුලිතතාවක් බිහි කරනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කරති.

ඔර්සි, ඒ පිලිබඳ ප්‍රායෝගික අත්දැකීමෙන් පොහොසත් බව, 89 හැවිරිදි හිටපු ජනපති මුජිකා පවසයි. වෙනස්ම ආකාරයේ යහ පාලනයක් උදෙසා ඔහු සාර්ථක පාලක පන්තියක් සහ ඊට සහාය ලබා දෙන කණ්ඩායමක් තමා වටා ඒකරාශී කරගනු ඇතැයි, ඔහු කියා සිටී.

ඔර්සි ද මුජිකා මෙන් ඉතා සරල සහ චාම් දිවිපෙතකට නිරන්තරයෙන් ඇළුම්  කරන්නෙකි. හිටපු ජනපති මුජිකා, 2010-2015 සිය ජනපති ධුර කාලයේ, ඔහුගේ වොක්ස් වැගන් බීට්ල්ස් වර්ගයේ මෝටර් රථය ඔහු විසින්ම පදවාගෙන රාජකාරියට ගියේය. ඔර්සිද, නිරන්තරව, සාම්ප්‍රදායික උරුගුවේ තේ බඳුනක් අතින් ගත්, සාමාන්‍ය  ඇඳුමින් සැරසී සිය බලු සුරතලා ද කැටුව ඇවිදින සරල මිනිසකු ලෙස ප්‍රකටය.

ජනපතිවරණයෙන් ජය ලදහොත්, ජනපති මන්දිරයේ වාසයට නොයන බව ඔහු මැතිවරණයට පෙර සිටම ප්‍රකාශ කළේය.

ඉදිරියේදී, එරට සිපිරි පද්ධතිය ප්‍රවර්ධනය උදෙසා අරමුදල් රැස් කරන බවත්, යුරෝපය සමග සහයෝගය වැඩි දියුණු කරන බව සහ මත්ද්‍රව්‍ය අපරාධ මැඩලන බවත් ඔහු කියා සිටී.

දේශපාලනය කිසිවිටකත් ඔහුගේ පවුලේ 'බූදලයක්' නොවීය. පසු කලෙක  ඔහු නගරාධිපති ධුරය හෙබවූ කැනිලෝන්ස් හි දුෂ්කර ගම් පියසෙක ඔර්සි උපත ලැබීය.  ඔහුගේ දෙමාපියන්ට එහි කුඩා සිල්ලර කඩයක්  විය. පවුලේ දිවි සරි කෙරුනේ එමගිනි. එහෙත්, 1984, එරට මැතිවරණයෙන් පසු උරුගුවේ රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පිවිසීමත් සමග, ඔහු ලෝකය දුටුවේය.

වෙනත් දකුණු ඇමරිකානු රාජ්‍යයන්හි මෙන්, උරුගුවේ රාජ්‍යයේද, මිලිටරි ඒකාධිපති පාලනයක් පැවති 1973-1985 වකවානුව පිලිබඳ ඔර්සි පවසන්නේ දැඩි පිළිකුලෙනි. එරට නව මාවතකට පිවිසෙන විට ඔහුගේ වයස අවුරුදු 17කි.

"එදා මවෙත ගලා ආ ඒ නැවුම් හුස්ම පොද අදටත් එසේම පවතී," යි ඔහු හැඟුම්බරව කියා සිටී.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...