BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

ඉම්රාන් ඛාන්ගේ නිදහස ඉල්ලා පාකිස්ථානයේ උද්ඝෝෂන - පාර්ලිමේන්තු වටරවුමට ජනයා රොක්වෙති

T

The Leader Desk

November 26, 2024 • 3:20 PM

ඉම්රාන් ඛාන්ගේ නිදහස ඉල්ලා පාකිස්ථානයේ උද්ඝෝෂන - පාර්ලිමේන්තු වටරවුමට ජනයා රොක්වෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර අරගලකරුවන්ට යටවී ආරක්ෂක භටයෝ සිව් දෙනෙක්, අද ජීවිතක්ෂයට පත් වූහ.
  •   තමා නිදහස් කරන තෙක් පාර්ලිමේන්තුව අසල අඛණ්ඩ අරගලයේ යෙදෙන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, එම පිරිස් එහි පැමිණියහ.
  • ඛාන් වහා නිදහස් කරන ලෙසත්, රජයට ඉල්ලා අස්වන ලෙසත් උද්ඝෝෂකයෝ හඬ නගති.
  •   මේ නම්, සාමකාමී උද්ඝෝෂණයක් නොව අන්තවාදී ක්‍රියාවක් බව අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරිෆ් (Shehbaz Sharif) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්අඩංගුවේ පසුවන එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් අඛණ්ඩ උද්ඝෝෂණවල නිරතව සිටිති. 

ඛාන් ආධාරකරුවෝ දහස් ගණනක් මුරකාවල් බිඳ දමමින් අද අගනුවරට පා ගමනින් පැමිණියහ.

 

dims.apnews

තමා නිදහස් කරන තෙක් පාර්ලිමේන්තුව අසල අඛණ්ඩ අරගලයේ යෙදෙන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, එම පිරිස් එහි පැමිණියහ. ඛාන් වහා නිදහස් කරන ලෙසත්, රජයට ඉල්ලා අස්වන ලෙසත් උද්ඝෝෂකයෝ හඬ නගති.

 

මේ නම්, සාමකාමී උද්ඝෝෂණයක් නොව අන්තවාදී ක්‍රියාවක් බව අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරිෆ් (Shehbaz Sharif) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. එය ලේ පිපාසිත අන්තවාදීන්  පිරිසකගේ දේශපාලන අයිතීන් දිනා ගැනීම පිණිස සිදු කෙරෙන අනීතික ක්‍රියාවක් යැයි, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන්ය.

 

17324480481082536 pakistan lockdown 91368

ඉම්රාන් ඛාන්ගේ බිරිඳ, බුෂ්රා බිබී (Bushra Bibi) අරගලකරුවන්ට නායකත්වය දෙමින් අගනුවර වෙත පාගමනට එක්ව සිටී.  ආණ්ඩු විරෝධී පා ගමන අද උදෑසන පඛ්තුන්ඛ්වා ප්‍රාන්තයෙන් ආරම්භ විය. ඛාන්ගේ ප්‍රධාන ආධාරකරුවකු වන අලි අමින් ගන්දපුර් (Ali Amin Gandapur) ද ඊට එක්ව සිටී.

පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටට රැස්වන ලෙස ඛාන් විසින් විරෝධතාකරුවන්ට දන්වා තිබේ. අධිකරණ බලතල කප්පාදුව පිණිස ගෙනෙන ලද නව ව්‍යවස්ථා සංශෝධන හකුළුවා ගන්නා ලෙස ද උද්ඝෝෂකයෝ රජයට බල කර සිටිති.
 
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...