BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

වසර අවසන තෙක් ඉන්දුනීසියාවට දරුණු කාලගුණ තත්ත්වයක්

T

The Leader Desk

November 28, 2024 • 2:44 PM

වසර අවසන තෙක් ඉන්දුනීසියාවට දරුණු කාලගුණ තත්ත්වයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දුනීසියාවේ අයහපත් කාලගුණයත් සමග හටගත් හදිසි ජල ගැල්මකින්, නාය ගිය මාර්ගයක මඩෙහි ගිලුණු බස් රථයක සහ
  • එරට උතුරු සුමාත්‍රාවේ හටගත් එම කාලගුණ අනතුරු හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  • ඊයේ (27) උතුරු සුමාත්‍රාවේ ඩෙලි සෙර්දාන් ( Deli Serdang) හි ගම්බද පෙදෙසක නාය යාමකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
  • අනතුරින් තවත් 20 දෙනකු තුවාළ ලබා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් මෝටර් රථවල ගමන් ගත් මගීන් සොයා සහන සේවකයෝ අද, වෙහෙසකර මෙහෙයුමක යෙදුනහ.

කඳුකර මාර්ගයක් ඔස්සේ ධාවනය වෙමින් පැවති එම මෝටර් රථ මතට මඩ සහිත නාය පතිත වී තිබේ.

එරට උතුරු සුමාත්‍රාවේ හටගත් එම කාලගුණ අනතුරු හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

පසුගිය සතියේ සිට ඉන්දුනීසියාවට දරුණු වැසි ඇද වැටෙමින් පවතී. ඒ හේතුවෙන් ඉන්දුනීසියාවේ දිස්ත්‍රික්ක හතරක හදිසි ජල ගැල්ම හටගෙන තිබේ.

ඊයේ (27) උතුරු සුමාත්‍රාවේ ඩෙලි සෙර්දාන් ( Deli Serdang) හි ගම්බද පෙදෙසක නාය යාමකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 20 දෙනකු තුවාළ ලබා තිබේ.

සහන කණ්ඩායම් අතුරුදන් තවත් පිරිස් සොයා මෙහෙයුම් සිදු කරමින් සිටිති. ඉකුත් සති අන්තයේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුම් වලදී පුද්ගලයින් 20 දෙනකුගේ මළ සිරුරු හමු වූ බව සහන කණ්ඩායම් ප්‍රකාශ කරති.

නාය ගිය ප්‍රදේශයන්හි මාර්ග පද්ධතීන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද ආරම්භ කොට තිබේ.

හදිසි ජල ගැල්මෙන් සහ නාය යාම්වලින් එම ප්‍රදෙශයන්හි, නිවාස, පල්ලි සහ කෙත්වතු ද විනාශයට පත්ව ඇත.

උතුරු සුමාත්‍රාවේ හටගත් එම හදිසි තත්ත්වයත් සමග ප්‍රාන්ත අගනුවර වන මේදාන් ( Medan) හි පළාත් මැතිවරණවලට ද බාධා පැමිණිනි.

කලාපයට බල පා ඇති ලා නිනා තත්ත්වය හේතුවෙන් මේ වසර අවසන තෙක් ඉන්දුනීසියාවට දරුණු අයහපත් කාලගුණික තත්ත්වයක් උදා වී ඇතැයි කාලගුණ අනාවැකි පළවී  තිබේ.  

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...