BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

අය වැයට එරෙහිව ඉතාලියේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්

T

The Leader Desk

November 29, 2024 • 2:32 PM

අය වැයට එරෙහිව ඉතාලියේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාලියේ, ජාතික අය වැයට එරෙහිව අද රට පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ විය.
  • ඇතැම් පාසල් ද වසා දැමුණු අතර සෞඛ්‍ය මධ්‍යස්ථාන සේවාද ඇණ හිට පවතී.
  • ඉතාලියේ, විශාලතම වෘත්තීය සමිති දෙකක් මගින් මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කර ඇත.
  • නව අය වැයෙන් සමාජ ආරක්ෂණ, පොදු මහජන සේවා සහ ආයෝජන උදෙසා වන ප්‍රතිපාදන  කප්පාදු කර ඇතැයි, ඔවුහු කියා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට සියලු, ගුවන් ගමන් බස් සහ දුම්රිය ප්‍රවාහන සේවා ද නතර කර  තිබේ. ඇතැම් පාසල් ද වසා දැමුණු අතර සෞඛ්‍ය මධ්‍යස්ථාන සේවාද ඇණ හිට පවතී.

ඉතාලියේ, විශාලතම වෘත්තීය සමිති දෙකක් මගින් මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

නව අය වැයෙන් සමාජ ආරක්ෂණ, පොදු මහජන සේවා සහ ආයෝජන උදෙසා වන ප්‍රතිපාදන  කප්පාදු කර ඇතැයි, ඔවුහු කියා සිටිති.

රට පුරා වැඩ බිම අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග, වැඩ බිම සේවක ආරක්ෂාව තර කිරීම පිණිස අය වැය මගින් ලබා දෙන ප්‍රතිපාදන තව දුරටත් වැඩි කළ යුතු බව ද ඔවුහු කියා සිටිති.

අද වැඩවර්ජනය දක්ෂිනාංශික අග්‍රාමාත්‍ය, ජ්යෝජියා මෙලනි (Giorgia Meloni) ගේ රජයට ඉමහත් අභියෝගයක් එල්ල කර ඇත.

යුරෝපීය සංගමයේ නියාමනයන්ට අනුව මහජන වියදම් 'තද' කිරීමට රජය ක්‍රියා කිරීමත් සමග ඊට එරෙහි වැඩ බිම උද්ඝෝෂණ නව මුහුණුවරක් ගෙන තිබේ.

එරට තෙවන විශාලතම වෘත්තීය සමිතිය අද වැඩවර්ජනයට සහාය නොදක්වයි.

ඉතාලියේ චතුරශ්‍ර සියල්ල, වැඩවර්ජනයට සහාය දක්වන්නන්ගෙන් පිරී පවතී. එය, මෙතෙක් එරට පැවති දැවැන්තම වැඩවර්ජනය සේ සැලකේ.

පසු ගිය මස අනුමත කරන ලද එරට නව අය වැයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 25.3 ක බදු කප්පාදුවක් සිදු කර තිබේ.

සියලු වියදම් ඉහළ දමා ඇති අතර අය වැය මගින්, ආදායම් බදු මෙන්ම, මධ්‍යම සහ අඩු ආදායම් ලාභීන්ට හිමි සමාජ ප්‍රතිලාභ ද කප්පාදු කර ඇත.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අය වැයට එරෙහිව ඉතාලියේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් | The Leader