BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

සිරියාවේ, අලෙප්පෝ නුවර කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර

T

The Leader Desk

November 30, 2024 • 3:28 PM

සිරියාවේ, අලෙප්පෝ නුවර කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයඹදිග සිරියාවේ මේ වන විට පවතින දරුණු කැරැල්ලෙන් සිරියානු හමුදා භට පිරිස් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තාවේ.
  • ත්‍රස්තවාදීන් සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම් විසින් සිරියානු හමුදා වටකර පහර එල්ල කරන බව වාර්තා වේ.
  • සිවිල් වැසියන්ගේ සහ හමුදා භට පිරිස් හි ආරක්ෂාව පිණිස යුද පෙරමුණ අමතර හමුදා මගින් ශක්තිමත් කෙරෙන බව සිරියානු හමුදාව කියා සිටී.
  • සිරියානු හමුදාවල අඛණ්ඩ බෝම්බ ප්‍රහාර හමුවේ, කැරලිකරුවන්ට අලෙප්පෝ හි ස්ථාවර කඳවුරු ඉදි කරගැනීමට නොහැකි වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


කැරලි කරුවන් එරට අලෙප්පෝ නගරයේ සැලකිය යුතු ප්‍රදේශයක බලය අල්ලාගෙන සිටිති. ඒ අතර සිරියානු හමුදා යළි ස්ථාන ගත කෙරෙමින් පවතී.

 ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන හයාත් තහ්රිර් අල්-ෂාම් (Hayat Tahrir al-Sham),  රජයට එරෙහි සිරියානු අරගලයට නායකත්වය දෙමින් සිටී.  මෙම සතියේ ඔවුහු රට පුරා, රජයට එරෙහි දැවැන්ත  හදිසි අරගලයක් දියත් කළහ.

ත්‍රස්තවාදීන් සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම් විසින් සිරියානු හමුදා වටකර පහර එල්ල කරන බව වාර්තා වේ. සිවිල් වැසියන්ගේ සහ හමුදා භට පිරිස් හි ආරක්ෂාව පිණිස යුද පෙරමුණ අමතර හමුදා මගින් ශක්තිමත් කෙරෙන බව සිරියානු හමුදාව කියා සිටී.

සිරියානු හමුදාවල අඛණ්ඩ බෝම්බ ප්‍රහාර හමුවේ, කැරලිකරුවන්ට අලෙප්පෝ හි ස්ථාවර කඳවුරු ඉදි කරගැනීමට නොහැකි වී ඇත.

සිරියානු සහ රුසියානු ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මගින්, අද අලෙප්පෝ නගරය ආක්‍රමණය කරමින් සිටින කැරලිකරුවන් වෙත ප්‍රහාර එල්ල කෙරිණි.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)


සබැඳි පුවත් :

සිරියානු කැරලිකරුවන් අලෙප්පෝ නගරය වැටලීමට ආසන්නයි - ගුවන්තොටුපලත් වසා දැමේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...