BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

කලාපයේ රටවල් තුනකට දරුණු කාලගුණ තත්ත්වයක්

T

The Leader Desk

December 1, 2024 • 6:11 AM

කලාපයේ රටවල් තුනකට දරුණු කාලගුණ තත්ත්වයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්තය සහ උතුරු මැලේසියාව දශක කිහිපයකට පසු දරුණුතම ගංවතුර තත්ත්වයකට මුහුණ පා සිටී.
  • ගංවතුරින් වැඩිම හානිය සිදුව ඇත්තේ, තායිලන්තයේ සොන්ග්ඛ්ලා ප්‍රාන්තයේ, චානා දිස්ත්‍රික්කයටය.
  • පසුගිය වසර 50ක කාලයට පසුව ඒ වෙත බලපෑ දරුණුම ගංවතුර තත්ත්වය මෙයය.
  • ජල ගැල්මෙන්, එහි ප්‍රාන්ත නවයක, පුද්ගලයින් 139,000ක් අවතැන්ව සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (30) එම රටවල ආපදා තත්ත්වයන්ගෙන් මිය ගිය ගණන 12තෙක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 

ඉකුත් තෙදින ඇතුළත ජල ගැලීම් පිලිබඳ අනතුරු අඟවා තිබූ ප්‍රදේශ වෙතින් දහස් ගණන් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගැනිණි. 

දකුණු තායිලන්තයේ පමණක් නිවාස 534,000ක් ජල ගැල්මට හසුව තිබේ. දහස් ගණන් නිවැසියෝ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 200ක් වෙත යොමු කර ඇත. ගංවතුරින් වැඩිම හානිය සිදුව ඇත්තේ, තායිලන්තයේ සොන්ග්ඛ්ලා ප්‍රාන්තයේ, චානා දිස්ත්‍රික්කයටය. පසුගිය වසර 50ක කාලයට පසුව ඒ වෙත බලපෑ දරුණුම ගංවතුර තත්ත්වය මෙයය.

 

අසල්වැසි මැලේසියාවේද තත්ත්වය ඊට නොදෙවෙනිය. ජල ගැල්මෙන්, එහි ප්‍රාන්ත නවයක, පුද්ගලයින් 139,000ක් අවතැන්ව සිටී. ජීවිත හානි තුනක් ද වාර්තා වේ. 

තවත් අසල්වැසි රටක් වන ෆිලිපීනයද පසු ගිය දා දරුණු ස්වභාවික ආපදා තත්වයන්ගෙන් බැට කෑවේය. ඉකුත් මස පමණක්, එරට දැඩි කුණාටු හයක ට මුහුණ දුන්නේය.  ඉන්, රට පුරා ඉමහත් විනාශයක් ද සිදු විය.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...