BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

සීතලේ ගැහෙමින් අව්වේ කරවෙමින් මහපාරේ අනාථ වූ ඇමෙරිකානු කදුළු ! - (අශෝක ජයතුංග)

T

The Leader Desk

December 3, 2024 • 4:40 AM

සීතලේ ගැහෙමින් අව්වේ කරවෙමින් මහපාරේ අනාථ වූ ඇමෙරිකානු කදුළු ! - (අශෝක ජයතුංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව ප්‍රබලයන් පස්දෙනෙකි. ඉන් දේශපාලන හා ආර්ථික මෙන්ම තාක්ෂණ මට්ටමෙන් ඉදිරියෙන්ම සිටිනුයේ ඇමෙරිකාවය. එම වත්කම් සමග සෙසු රටවලට හැරෙන්නටවත් නොහැකි නිසා මිහිපිට දෙව් ලොව ලෙස බොහෝ අය දකින්නේ ද ඇමෙරිකාවය.
  • ඔවුන් හිගන්නන් ලෙස නොව Homeless people ලෙස අර්ථ දැක්වේ.
  • උෂ්නත්වය ඝෘණ 05- 10 දක්වා අඩුවෙන වාර අනන්තය.
  • අඩුම පඩිය වන්නේ මසකට ඩොලර් 3000 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලොව සිසාරා පවතින ප්‍රබලතම වෙළෙඳ සන්නාම 18 න් 12 කම අයිතිය පවතින්නේද එරටට ය. එහෙත් ඒ යටින් දිවෙන දැවැන්තම ශෝකාන්තයක් වන්නේ ඇමෙරිකාවේ සිටින හිසට සෙවණක් නැති ජනතාවය. ඔවුන් හිගන්නන් ලෙස නොව Homeless people ලෙස අර්ථ දැක්වේ.



දැන් ඇමෙරිකාවේ සීත සෘතුව ඇරඹී තිබේ. එය ලබන මාර්තු අප්‍රේල් දක්වා එය පවතී. උෂ්නත්වය ඝෘණ 05- 10 දක්වා අඩුවෙන වාර අනන්තය. සීතල ගින්දරට වඩා දරුණුය.එහෙත් ඇමෙරිකාවේ ඉහළ පරිභෝජන සමාජය මැද හිසට සෙවණක් නැතාව කල් ගෙවන අයගේ කඳුළු අසීමිතය.

 



ඇමෙරිකාවේ ආහාර මිල එරට වැසියන්ගේ ආදායම් අනුව ගත්කල ඉතා අඩුය. අඩුම පඩිය වන්නේ මසකට ඩොලර් 3000 කි. ආහාර සදහා ඩොලර් 50 ක් තිබුණොත් නොමැරී ජීවත්විය හැකිය.එහෙත් නිවසක් සදහා ඩොලර් 2500 – 3500 ක අවමයක් අවශ්‍ය වේ. ඩො 700 - 1000 ට අඩුවෙන් කාමරයක් ගැනීම අසීරුය.

 



ඒ තුළ පිලඩෙල්ෆියා වල 5400 ක් මහපාරේය. ඔවුන්ට හිසට වහළක් තබා සමහරුන්ට පොරවා ගන්නට බ්ලැන්කට් එකක් පවා නැත.ලොව සූදු අන්තුවන් ගෙන් උතුරායන ලාස් වේගාස් වල 5600 ක් ද ඔබාමාගේ උපන් නගරය වන චිකාගෝ වල එම සංඛ්‍යාව 6100 ක් ද වේ. ලොවම පාළනය කරන අගනගරය වොෂින්ටන් DC වල එය 6500 කි. ඉතා ක්‍රමිකව සැලසුම් කළ හා පවත්වා ගෙනයන ඇමෙරිකාවේ අලංකාරම උද්‍යානය ලෙස ගැනෙන වොෂින්ටන් DC වල ඔවුන් දකින්නට ලැබෙන්නේ නැත්තේ එම බළධාරීන් විසින් ඔවුන් හැකිතාක් සගවා තබන්නට හා දුටු සැනින් වාහන ගෙනැවිත් පටවා ගෙන යන්නට ක්‍රියාකරන බැවිනි.

469090466 2370767193256927 3045981721479487545 n

ලොව ප්‍රබලතම ජනපතිවරු අගමැතිවරු ඇමතිවරු හා ඉහළම ඝනයේ සුපිරි සංචාරකයන් වොෂින්ටනයේ ධවල මන්දිරය කොංග්‍රස් හා සෙනෙට් මණ්ඩල රැස්වන කැපිටල් හිල් ලොව ප්‍රබලතම ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගන් IMF ලෝක බැංකුව ලොව උසම හා ඉපැරණිම පෙන්සිල් කුළුණ චර්චිල් හා කෙනඩි මධ්‍යස්ථාන නැරඹීමට එන ලොව ප්‍රබල පිරිස් වසරේ දින 365 පුරාම වොෂින්ටන් වෙත ඒම ඊට හේතුවය.

468946728 2370766903256956 3347001133135873814 n
ඇරිසෝනා වල අසරණයින්ගේ ගණන 9200 කි. එම පුදේශයේ සීතල ට අමතරව උෂ්ණ කාලයේදී සෙල්සියස් 100 ට පවා එය ඉහළයන පසුබිමක් තිබීම ඛේදදවාචකයේ තරම කියාපායි. Golden gate city ලෙස විරුදාවලියලත් සැන්ප්‍රැන්සිස්කෝ නගරය ආශ්‍රිතව එය 8000 ඉක්මවන අතර කැලිෆෝනියා වේ සන්තියාගෝ වල 10,000 ක් අනාථය. කැලිෆෝනියා වට යාබද ලොව සුපතලම සමාගම් වන ඇමසන්, මයික්‍රොසොෆ්ට් වැනි දෑ තිබුණත් 13,200 ක් මහපාරේ ය.

 

469042446 2370767069923606 8239024645537462371 n

අගනගරය මෙන්ම ලොව සුපිරි බොලිවුඩය හා සුපිරි නළුනිළියන් ගායක ගායිකාවන් සිටින ලොස් ඇන්ජලීස් (LA) වල එය 69,200 කි. තවද ඇමෙරිකාවේ පැය 24 ම දිව්‍ය ලෝකයක් ලෙස විදුලිය හා විවිධ ක්‍රියාකාරකම් වලින් සරසා තිබෙන නිව්යෝර්ක් වල එය 74,000 තරම් ඉහළය.

 

469133039 2370767173256929 6496895041257758478 n

මෙම බොහෝ අය බස් නැවතුම් පොළවල් මහාමාර්ග යන බිංගෙවල් හා පුසිද්ධ උද්‍යාන හා තෝරාගත් මාර්ග සිය වාසස්ථාන ලෙස තෝරාගෙන සිටිති.

ඇමෙරිකානු රජය මොවුන්ගේ සුබසාධනයට විශාල කැපවීමක් කළ ද බොහෝ අය මෙම ජීවිතයෙන් මිදීමට අකමැතිය. තවද කෝටි 33කට අධික එරට දැවැන්ත ජනගහනයට සාපේක්ෂව ගත්කල මෙම පිරිස ඉතා අවමය. මත්ද්‍රව්‍ය මානසික ව්‍යාධි නිවසේ අය සමග කෝළාහල ආදී විවිධ හේතු ඊට බලපායි. සමහරු තම වාහන නිවහන ලෙස පවත්වාගෙන යති. ලංකාව හා දකුණු ආසියානු රටවල මෙන් ඔවුන්ට අනුකම්පා කරන ආහාර ඇදුම් වෛද්‍ය සහාය ලබාදෙන සංස්කෘතියක් ඇමෙරිකානුවන්ට නැතිවීම මේ ඛේදවාචකට තවත් තීව්‍ර කරයි. ලොවපුරා යුද වලට තත්පරයකට ඩොලර් මිලියන ගණන් පුච්චා විනාශ කළ ද මෙම ජනතාවට යුක්තිය ඉටුකරන්නට එම ඩොලර් උත්සාහ කරන්නේ නැත.

469071329 2370766993256947 2125754596604690940 n

 

Ashoka Jayathunga
(අශෝක ජයතුංග)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

 

 

 

උපුටා ගැනීම - අශෝක ජයතුංග ගේ ෆේස්බුක් පිටුවෙන්..

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...