BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

සටන් විරාමය උල්ලංඝනය කරමින් එල්ල කෙරෙන ඊශ්‍රායල-හිස්බුල්ලා ප්‍රහාර

T

The Leader Desk

December 4, 2024 • 4:36 AM

 සටන් විරාමය උල්ලංඝනය කරමින් එල්ල කෙරෙන ඊශ්‍රායල-හිස්බුල්ලා ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය සහ ලෙබනන හිස්බුල්ලා සංවිධානය අතර අත්සන් කෙරුණු කෙටි සටන් විරාමය දිගින් දිගටම උල්ලංඝනය කෙරෙමින් පවතී.
  • ලෙබනනයේ ස්ථාන කිහිපයක හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති.  සඳුදා එම ප්‍රහාරවලින් අවම වශයෙන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ලෙබනන බලධාරීහු කියා සිටියහ.
  • ඉන් එක් පුද්ගලයකු, රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකි.
  • ඊශ්‍රායල හමුදා, සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන බව පවසා, හිස්බුල්ලා සටන් කරුවන්, මතභේදයට තුඩු දී ඇති ෂෙබා ෆාර්ම්ස් (Shebaa Farms) හි ඊශ්‍රායල හමුදා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග එම නවතම ගැටුම් හට ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු ලෙබනනයේ තලෞසා සහ හැරිස් යන නගර වෙත ඉකුත් සඳුදා (02), නවතම ඊශ්‍රායල ප්‍රහාර එල්ල විය. ලෙබනනයේ ස්ථාන කිහිපයක හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති. 

සඳුදා එම ප්‍රහාරවලින් අවම වශයෙන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ලෙබනන බලධාරීහු කියා සිටියහ. ඉන් එක් පුද්ගලයකු, රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකි.

ඊශ්‍රායල හමුදා, සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන බව පවසා, හිස්බුල්ලා සටන් කරුවන්, මතභේදයට තුඩු දී ඇති ෂෙබා ෆාර්ම්ස් (Shebaa Farms) හි ඊශ්‍රායල හමුදා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග එම නවතම ගැටුම් හට ගෙන තිබේ. ආරක්ෂක අනතුරු ඇඟවීමක් ලෙස එම ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.

සඳුදා සන්ධ්‍යාවේ, බීරුත් අගනුවර පහළ ගුවන් කලාපයේ ඊශ්‍රායල ඩ්‍රෝන යානා පිසාර කරනු දුටු බව ප්‍රදේශවාසීහු රොයිටර්ස් පුවත් සේවය වෙත ප්‍රකාශ කර සිටියහ. 

ප්‍රංශයේ සහ එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් ගෙනා ඊශ්‍රායල-හිස්බුල්ලා සටන් විරාමය, සතියක් ඉකුත් වන්නට ද මත්තෙන් මෙසේ බිඳ වැටෙමින් පවතී. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...