BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

දකුණු කොරියානු ජනපතිට ගෙදර යන්න වෙන ලකුණු

T

The Leader Desk

December 4, 2024 • 10:39 AM

දකුණු කොරියානු ජනපතිට ගෙදර යන්න වෙන ලකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය දකුණු කොරියාවය. ජනපති යූන් සොක් යිඔල් (Yoon Suk Yeol) එරට මාර්ෂල් නීතිය පැනවීමත් සමග මේ වන විට දකුණු කොරියාව තුළ දශක ගණනකට පසු, දැවැන්ත දේශපාලන අර්බුදයක් හට ගෙන තිබේ.
  • ඊයේ (03) ජනපති විසින් පනවන ලද මාර්ෂල් නීතිය හමුවේ දකුණු කොරියාවේ, දේශපාලන ක්‍රියාකාරකම් තහනම් වූ අතර, මාධ්‍ය වාරණයක් ද පැනවිණි.
  • එරට නීතිය අනුව, පැය 72 ක් ඇතුළත ඒ පිලිබඳ පාර්ලිමේන්තු මත විමසුම සිදු කර අවසන් කළ යුතු  වේ.
  • දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ සහ එරට සියලු දේශපාලන පක්ෂ කටයුතු වහා තහනම් කෙරෙන බව හමුදාව ප්‍රකාශ කළ අතර, එරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියල්ලද මාර්ෂල් නීතිය යටතේ පාලනය කෙරෙන බව නිවේදනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම නීතිය පැනවීමත් සමග පාර්ලිමේන්තුවේ සියලු විපක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට එරෙහිව හඬ නගමින් එය ආපසු හරවා ගන්නා ලෙස බල කර සිටි අතර, එරට නීති සම්පාදකයෝ, අද ඔහුට එරෙහිව දෝෂාභියෝහයක් නිර්දේශ කළහ.

ඊයේ (03) ජනපති විසින් පනවන ලද මාර්ෂල් නීතිය හමුවේ දකුණු කොරියාවේ, දේශපාලන ක්‍රියාකාරකම් තහනම් වූ අතර, මාධ්‍ය වාරණයක් ද පැනවිණි. සියොල් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත වහා සන්නද්ධ හමුදා ඒකරාශී වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.mහමුදා ආරක්ෂක හිස්වැසුම් පැළඳි භට පිරිස්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වීදුරු ජනෙල් බිඳ දමා එහි වහලය මතට නැග සිටිනු දක්නට ලැබුණු අතර, පාර්ලිමේන්තුවට ඉහළ අහසේ හමුදා හෙලිකොප්ටර පියාසර කෙරිණි.

 

විපක්ෂ නීති සම්පාදකයින්ගෙන් සැදුම්ලත් සන්ධානයක් විසින් අද දින ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමට නියමිතය. එරට නීතිය අනුව, පැය 72 ක් ඇතුළත ඒ පිලිබඳ පාර්ලිමේන්තු මත විමසුම සිදු කර අවසන් කළ යුතු  වේ. දෝෂාභියෝගය සම්මත වීමත් සමග ජනපතිවරයාගේ රාජකාරි වහා අත්හිටුවමින් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවට බලය පැවරී තිබේ. 

දකුණු කොරියාවේ වත්මන් පාලන බලය, ජනපතිවරයා නියෝජනය කරන මහජන බලය පක්ෂය (People Power Party) සතුය. එරට ආරක්ෂක අමාත්‍ය කිම් යොන්ග්-හ්යුන් (Kim Yong-hyun) වහා බලයෙන් පහ කර කැබිනට් මණ්ඩලය විසුරුවා හළ යුතු යැයි එම පක්ෂ නායකයා විසින් ප්‍රකාශ කර තිබේ. 

න්‍යෂ්ටික ප්‍රහාර සම්බන්ධයෙන් තර්ජන එල්ල කරන උතුරු කොරියාවට සහ ඊට සහාය දක්වන දකුණු කොරියාවේ රාජ්‍ය විරෝධී හමුදා කණ්ඩායම්වලට එරෙහිව මාර්ෂල් නීතිය පණවන බව ඊයේ (03), ජනපති යූන්, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ සහ එරට සියලු දේශපාලන පක්ෂ කටයුතු වහා තහනම් කෙරෙන බව හමුදාව ප්‍රකාශ කළ අතර, එරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියල්ලද මාර්ෂල් නීතිය යටතේ පාලනය කෙරෙන බව නිවේදනය කළේය.

 

එහෙත් එම ප්‍රකාශය නිකුත් කිරීමත් සමග මාර්ෂල් නීතිය පැනවීමට එරෙහිව පාර්ලිමේන්තු යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂ කටයුතු කළහ. පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වෙමින් සිටි සභිකයින් 300ක පිරිසෙන් 190 ක වැඩි ඡන්දයෙන් එය වහා සම්මත කෙරිණි. ජනපතිවරයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීන් 18ක් ද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

දකුණු කොරියාව තුළ හටගෙන ඇති වත්මන් දේශපාලන අර්බුදය අද නව මුහුණුවරක් ගත්තේය. එරට විශාලතම වෘත්තීය සමිති සන්ධානය සියොල් අගනුවර දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර ඇති අතර, ජනපතිවරයා ඉල්ලා අස්වන තෙක්, රට තුළ අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බව ද  ප්‍රකාශ කර සිටී. විරෝධතා පවතින සියලු ස්ථාන වෙතින් ඉවත්ව සිටින ලෙස එරට එක්සත් ජනපද තානාපති කාර්යාලය, එහි සියලු ඇමෙරිකානු ජාතිකයින් වෙත දැනුම් දීමට පියවර ගත්තේය. ඇතැම් ආයතන සේවකයින්ට නිවෙස්හි සිට රාජකාරියේ නිරතවන ලෙස දන්වා තිබේ. 

 

000 36PD2TP
පවතින නොසන්සුන්කාරී දේශපාලන අර්බුදය හමුවේ දකුණු කොරියානු කොටස් වෙළඳපොළ ද 2%කින් පමණ කඩා වැටී ඇතැයි වාර්තා වේ.  එය යථාවත්  කර ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රේෂණ නිකුත් කරන බව එරට මුදල් අමාත්‍යංශය  පවසයි. 

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුය. එසේ සම්ම්මත වුවහොත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථා අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදු වේ. එහි විනිසුරුවරුන් නවයෙන් හයක තීරණය  අවසන් තීන්දුව වශයෙන් ප්‍රකාශයට පත් මෙරෙනු ඇත.

 

dims.apnews

ආසන 300ක් සහිත එරට පාර්ලිමේන්තුවේ, ජනපතිගේ පාලක පක්ෂය දිනා ඇත්තේ ආසන 108ක් පමණි. 1950-1953 අතර සිදු වූ කොරියානු යුද්ධයේදී ඇති කරගත්  ගිවිසුම් ප්‍රකාරව ඇමෙරිකානු හමුදා භට පිරිස් 28,500කට ආසන්න සංඛ්‍යාවක් එරට තව දුරටත් රැඳී සිටිති.

1948 වසරේ ජනරජයක් ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව, මීට පෙර ද කිහිප වතාවක් එරට මාර්ෂල් නීතිය පැනවීමට රජය පියවර ගත්තේය. 1980 ගණන්වල ද එරට විපක්ෂ, කම්කරු සහ ශිෂ්‍ය අරගල මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පිණිස, හමුදා බලපෑම මත මාර්ෂල් නීතිය පැනවීමට එවක රජයට සිදුවිය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණු කොරියානු ජනපතිට ගෙදර යන්න වෙන ලකුණු | The Leader