BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

මහතීර් මොහොමඩ්ට අපරාධ චෝදනා

T

The Leader Desk

December 5, 2024 • 11:58 AM

මහතීර් මොහොමඩ්ට අපරාධ චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කෙරේ.
  • ඒ අනුව, අර්බුදයට තුඩු දී ඇති, සිංගප්පූරු සමුද්‍ර සන්ධියේ පිහිටි කුඩා දූපත් දෙකක අයිතිය පිළිබඳව ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් එම විමර්ශන ක්‍රියාත්මකය.
  • 2008 වසරේ ලබා දුන් එම අධිකරණ තීන්දුව මගින් පෙඩ්රා බ්‍රන්කා (Pedra Branca) දූපතේ ස්වෛරීතත්වය සිංගප්පූරුව සතු බවට ප්‍රකාශ කෙරිණි.
  • මේ වන විට හිටපු අග්‍රාමාත්‍යවරයා 99 වන වියෙහි පසුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට රාජකීය විමර්ශන කොමිසමක් විසින් එම චෝදනා විභාග කිරීමට නිර්දේශ කර ඇති අතර, ඒ පිලිබඳ වාර්තාවක් අද පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කෙරිණි. ඒ අනුව, අර්බුදයට තුඩු දී ඇති, සිංගප්පූරු සමුද්‍ර සන්ධියේ පිහිටි කුඩා දූපත් දෙකක අයිතිය පිළිබඳව ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් එම විමර්ශන ක්‍රියාත්මකය.

යුක්තිය පසිඳලීමේ ජාත්‍යන්තර අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් මහතීර් මොහොමඩ්, එරට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටි 2018 කාලයේ අභියාචනා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් සිදු කරන ලෙස එරට වත්මන් අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් විසින් මීට ඉහත දැනුම් දී තිබිණි. 2008 වසරේ ලබා දුන් එම අධිකරණ තීන්දුව මගින් පෙඩ්රා බ්‍රන්කා (Pedra Branca) දූපතේ ස්වෛරීතත්වය සිංගප්පූරුව සතු බවට ප්‍රකාශ කෙරිණි. හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් නොකිරීම පිළිබඳව ඔහුට එරෙහි චෝදනා එල්ලවේ.

2017 වසරේ එම අධිකරණ තීන්දුව වෙනස් කරන ලෙස සහ සවුත් ලෙජ් (South Ledge) නම් තවත් මතබේධාත්මක දූපතක් සම්බන්ධයෙන් අධිකරණයේ මතය ප්‍රකාශ කර සිටින ලෙස, මැලේසියාව ඉල්ලා සිටියේය.  එහෙත් ඊට වසරකට පසු 2018, හිටපු අග්‍රාමාත්‍යවරයා සිය දෙවන ධුරකාලයේ රැඳී සිටියදී එම අභියාචනා අයදුම්පත් අධිකරණයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කෙරිණි. 

එම වංචා සහගත ක්‍රියාවන් හා ඉන් මැලේසියාවේ භෞමික අඛණ්ඩතාවට සහ ස්වෛරීභාවයට හානි සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිය ධුරයේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් මහතීර් මොහොමඩ් ට එරෙහි විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බවට අද පර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මේ වන විට හිටපු අග්‍රාමාත්‍යවරයා 99 වන වියෙහි පසුවේ. ඔහුගේ කාර්යාලය, අදාළ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. 

අධිකරණයේදී ඔහුට එරෙහි චෝදනා ඔප්පු වුවහොත් හිටපු අග්‍රාමාත්‍යවරයාට සත් අවුරුදු සිර දඬුවමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් වීමට සිදුවේ. 

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...