BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

අත්අඩංගුවේ සිටින පාකිස්ථානු හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගෙන් තර්ජන

T

The Leader Desk

December 6, 2024 • 2:36 PM

අත්අඩංගුවේ සිටින පාකිස්ථානු හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගෙන් තර්ජන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි සතිය තුළ දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාරයක් කැඳවන බව අත්අඩංගුවේ සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තර්ජනය කර සිටී.
  • ඛාන්  නිදහස් කරන ලෙස ඉල්ලා  ඔහුගේ දේශපාලන ආධාරකරුවෝ පසුගිය දා එරට ඉස්ලාමාබාද් නුවර මාරාන්තික උද්ඝෝෂණයක් පැවැත්වූහ.
  •   ලබන 13 වනදා වයඹදිග පාකිස්ථානයේ පෙෂාවර් නුවරදී නව විරෝධතා අරඹන ලෙස, හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් එක්ස් (X ) පණිවුඩයක් මගින්, සිය ආධාරකරුවන්ට දන්වා තිබේ.
  • අත්අඩංගුවට පත් සියළු දේශපාලන ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙසද රජයට බලපෑම් එල්ල වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා ජනතාව ඒකරාශී කරන ලෙස ඔහු සිය ආධාර කරුවන්ට දන්වා සිටියේය. ඛාන්  නිදහස් කරන ලෙස ඉල්ලා  ඔහුගේ දේශපාලන ආධාරකරුවෝ පසුගිය දා එරට ඉස්ලාමාබාද් නුවර මාරාන්තික උද්ඝෝෂණයක් පැවැත්වූහ.

 

release imran khan

ලබන 13 වනදා වයඹදිග පාකිස්ථානයේ පෙෂාවර් නුවරදී නව විරෝධතා අරඹන ලෙස, හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් එක්ස් (X ) පණිවුඩයක් මගින්, සිය ආධාරකරුවන්ට දන්වා තිබේ. එම නගරය අයත් ඛයිබර් පඛ්තුන්ක්වා (Khyber Pakhtunkhwa) ප්‍රාන්තය ඔහු නියෝජනය කරන පී.ටී.අයි.(PTI) පක්ෂයේ පාලනය යටතේ පවතී.

ඔහුගේ පාක්ෂිකයන් විසින් පසුගිය නොවැම්බර් 25 දා දියත් කළ මාරාන්තික උද්ඝෝෂණයේ දී හටගත් ගැටුම් වලින් 25 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර ඉකුත් වසරේ මැයි මස පැවති ජන අරගලයේදී 8 දෙනකු මරණයට පත්විය. 

එම මරණ සම්බන්ධයෙන් වහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඛාන්, රජයට බල කර සිටී. අත්අඩංගුවට පත් සියළු දේශපාලන ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙසද රජයට බලපෑම් එල්ල වී තිබේ.

 

එහෙත්, නොවැම්බර් 25 දින උද්ඝෝෂණ හමුවේ කිසිවකු මිය ගොස් නැතැයි රජය ප්‍රකාශ කරයි. පසුගිය වසරේ මැයි මස පැවති ජන අරගලයේදී, ඊට සහභාගී වූවන්, හමුදා දේපල ඉලක්ක කර පහර දුන් බව ට රජය කියා සිටී.  එම ප්‍රහාර මෙහෙයවීම සම්බන්ධයෙන් රජය ඛාන්ට චෝදනා එල්ල කළ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

72 හැවිරිදි ඉම්රාන් ඛාන්ට, පසුගිය වසරේ අධිකරණය සිර දඬුවම් පැනවීය. 

මේ අතර, ඔහුගේ බිරිය වන 50 හැවිරිදි බුෂ්රා බිබී අත්අඩංගුවට ගැනීමට පාකිස්ථාන අධිකරණයක් ඊයේ (5) වරෙන්තු නිකුත් කළේය. 2018 සිට 2022 දක්වා සිය සැමියා එරට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටි කාලයේ රාජ්‍ය ත්‍යාග භාණ්ඩ නීති විරෝධීව අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය මීට පෙර මාස නවයක සිර දඬුවමට ලක් විය. පසුගිය ඔක්තෝබර මස ඇයව නිදහස් කෙරිණි. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...