BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ජනපති අසාද් ගේ සිරියානු රජය කැරලිකරුවන්ගේ ග්‍රහණය අබියස

T

The Leader Desk

December 7, 2024 • 10:12 AM

ජනපති අසාද් ගේ සිරියානු රජය කැරලිකරුවන්ගේ ග්‍රහණය අබියස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරියාව පුරා පැතිර යන රාජ්‍ය විරෝධී කැරැල්ල, මේ වන විට අතිශයින් දරුණු අතට හැරෙමින් පවතී.
  •  2011 වසරේ, ජනපති  බෂාර් අල්-අසාද් (Bashar al-Assad) ට එරෙහි සන්නද්ධ කැරැල්ල මුලින්ම හටගත්තේ ද එහිදීය.
  • කිලෝ මීටර 100ක් පමණ උතුරු දෙසට වන්නට පිහිටි ඩමස්කස් අගනුවර වෙත ක්‍රමානුකූලව පසු බැසීමට සිරියානු හමුදා එකඟ වී ඇතැයි කැරලිකරුවෝ පවසති.
  • නගර වැසියෝ නගර චතුරශ්‍රයේ ජය සමරන අයුරුද එහි දක්වෙතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කැරලිකරුවෝ අද, එරට දකුණුදිග නගරය වූ දරා (Daraa) ආක්‍රමණය කර බලය තහවුරු කර ගත්හ.  

සතියක් තුළ සිරියානු රාජ්‍ය විරෝධීන් විසින් අත්පත් කරගත් සිව් වන නගරය එය වේ.  2011 වසරේ, ජනපති  බෂාර් අල්-අසාද් (Bashar al-Assad) ට එරෙහි සන්නද්ධ කැරැල්ල මුලින්ම හටගත්තේ ද එහිදීය.

කිලෝ මීටර 100ක් පමණ උතුරු දෙසට වන්නට පිහිටි ඩමස්කස් අගනුවර වෙත ක්‍රමානුකූලව පසු බැසීමට සිරියානු හමුදා එකඟ වී ඇතැයි කැරලිකරුවෝ පවසති.

කැරලිකරුවන් යතුරුපැදි මත නැගී නගරයේ ඔබ මොබ සැරිසරන සහ නගරවාසීන් හා එක්ව කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යය වෙත මුදා හැර තිබේ. නගර වැසියෝ නගර චතුරශ්‍රයේ ජය සමරන අයුරුද එහි දක්වෙතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

 



සිරියානු හමුදාව හෝ අසාද් රජය එරට නවතම තත්ත්වය පිලිබඳ, සිය පාර්ශ්ව වෙතින් මෙතෙක් කිසිත් ප්‍රකාශ කර නැත.

සතියක් තුළ සිරියානු නගර හතරක් එරට හමුදා ග්‍රහණයෙන් ගිලිහී ගොස් තිබේ.

මීට වසර 13 කට පමණ ඉහත පළමු වරට එරට සිවිල් අරගලයක් හටගැන්මට පෙර, අද කැරලිකරුවන් අත්පත් කරගත් දරා නගරයේ 100,000ක පමණ ජනගහනයක් වාසය කළහ. එය, ජෝර්දාන දේශසීමාවේ පිහිටි, මිලියනයක පමණ ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයක අගනුවර ද වේ.

දරා නගර ආක්‍රමණයත් සමග, කැරලිකරුවෝ එරට මධ්‍යම නගරය වන හොම්ස් (Homs) ආසන්නයටම ලඟා වී සිටිති. එහි, එරට, ඩමස්කස් අගනුවර සහ මධ්‍යධරණී වෙරළ තීරය අතර ප්‍රධාන හරස් මාර්ග පද්ධතිය පිහිටා තිබේ.

LYNXMPEA530TT

කැරලිකරුවන් හොම්ස් නගරය අල්ලා ගැනීමත් සමග ජනපති අසාද්ට පක්ෂපාතී සුළුතර කොටස් වෙසෙන වෙරළබඩ බල ප්‍රදේශය සහ අගනුවර අතර සබඳතා මුළුමනින්ම බිඳ වැටේ. එමෙන්ම, ඒ සමග, එහි රුසියානු මිත්‍ර හමුදා රඳවා සිටින නාවුක සහ ගුවන් හමුදා කඳවුරු දෙකද පූර්ණ ලෙස හුදෙකලා වේ.


හොම්ස් නගරයේ තවදුරටත් රැඳී සිටින ජනපති අසාද් ගේ හමුදාවන්ට වහා නිෂ්ක්‍රීය වන ලෙස කැරලිකාර සන්ධානයේ ඉස්ලාමීය හයාත් තහ්රිර් අල්-ෂාම් ( Hayat Tahrir al-Sham) හි සන්නද්ධ නායකයින් විසින් දන්වා තිබේ.

හොම්ස් නගරය කැරලිකරුවන්ගේ ග්‍රහණයට නතුවෙමින් ඇති මේ මොහොතේ, ප්‍රදේශවාසීහු, තවමත් රජයේ හමුදා පාලනය යටතේ පවතින වෙරළබඩ කලාපය වෙත පලා යමින් සිටිති.

 

siriya 24.11.30

පසුගිය මස 27 දා, කැරලිකරුවන්ගේ ආක්‍රමණයත් සමග එරට අලෙප්පෝ සහ හාමා නගර හමුදා ග්‍රහණයෙන් ගිලිහී ගියේය. නැගෙනහිර සිරියාවේ ඇතැම් ප්‍රදේශ ද මේ වන විට කුර්දි කැරලිකරුවන්ගේ ග්‍රහණයට නතුව පවතී.

අසාද් පාක්ෂිකයිට දැන් ඉතිරිව ඇත්තේ සිය ජීවිත මරණයෙන් ගලවා  ගැනීම පිණිස පමණක් වන සටනකැයි ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පවසති.

ඊයේ, හාමා ග්‍රාමීය ප්‍රදේශයේ පිහිටි කැරලිකරුවන්ගේ මූලස්ථානය, ඉඩ්ලිබ් සහ අලෙප්පෝ ඉලක්ක කර සිදුකළ සිරියානු සහ රුසියානු හමුදා ඒකාබද්ධ ප්‍රහාරවලින් සන්නද්ධ කැරලිකරුවන් 200ක් පමණ ජීවිතක්ෂයට පත්වූ බව සිරියානු රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේය.


සිරියානු හමුදාවල සහාය පිණිස ඉරාන සහාය හිමි හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම්, හොම්ස් නගරය වෙත පැමිණ ඇතැයි ද වාර්තා වේ.

සතුරු පාර්ශ්ව වෙත දිගින් දිගටම සිරියානු සහ රුසියානු ඒකාබද්ධ ගුවන්, මිසයිල සහ පාබල හමුදා  ප්‍රහාර එල්ල කෙරෙමින් පවතී.

2011 - 2022 අතර පැවති සිරියානු ගැටුම්වලින් පුද්ගල ජීවිත 305,000ක් විනාශයට පත් විය.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)


සබැඳි පුවත් :

සිරියාවේ, අලෙප්පෝ නුවර කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර

සිරියානු කැරලිකරුවන් අලෙප්පෝ නගරය වැටලීමට ආසන්නයි - ගුවන්තොටුපලත් වසා දැමේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...