BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

සිරියාවේ, දශක පහක අසාද් පාලනය අවසන් - ජනපති පලා යයි

T

The Leader Desk

December 8, 2024 • 1:55 PM

සිරියාවේ, දශක පහක අසාද් පාලනය අවසන් - ජනපති පලා යයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරියාවේ බෂාර් අල්-අසාද් පාලනය අවසන් වේ. කැරලිකරුවෝ අද ඩමස්කස් අගනුවර ආක්‍රමණය කිරීමත් සමග අසාද්, බලය අතහැර
  • දැන්, ඩමස්කස් අගනුවර  අසාද්ගෙන් නිදහස් බව කැරලිකරුවෝ කියා සිටිති.
  • ඩමස්කස් නගරබදව පිහිටි සෙඩ්නායා (Sednaya) හමුදා බන්ධනාගාරයේ සිටි දහස් ගණන්  රැඳවියන් ඉන් නිදහස් කර තිබේ.
  •   කැරලිකරුවන් අද ඩමස්කස් අගනුවර ආක්‍රමණය කිරීමත් සමග, එහි ගුවන්තොටුපොළින් , ගුවන් යානයක් පියාසර කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පලා ගියේය. ඔහු පලා ගියේ කුමන ස්ථානයකට දැයි මෙතෙක් අනාවරණය වී නැත.

දැන්, ඩමස්කස් අගනුවර  අසාද්ගෙන් නිදහස් බව කැරලිකරුවෝ කියා සිටිති. නගරය රජයේ හමුදාවන්ගෙන් ද තොරව පවතී.

ප්‍රදේශ වාසීන්  විශාල වශයෙන් මෝටර් රථ හා පෙළපාලි මගින් නගර චතුරශ්‍රය වෙත ඇදී එමින්  සිටිති. ඔවුහු,  නව නිදහස  සමරමින්, ප්‍රීති ඝෝෂා නගමින් සිටිති.

ඩමස්කස් නගරබදව පිහිටි සෙඩ්නායා (Sednaya) හමුදා බන්ධනාගාරයේ සිටි දහස් ගණන්  රැඳවියන් ඉන් නිදහස් කර තිබේ.  

කැරලිකරුවන් අද ඩමස්කස් අගනුවර ආක්‍රමණය කිරීමත් සමග, එහි ගුවන්තොටුපොළින් , ගුවන් යානයක් පියාසර කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. එය, එරට වෙරළබඩ කලාපය බලා පියාසර කර ඇතැයි ද වාර්තා වේ. එම කලාපය  සුළුතර අසාද් හිතවාදීන් රැඳී සිටින ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබේ. එහෙත්, ගුවන්යානයේ සිටි මගීන් පිලිබඳ කිසිත්, මෙතක් අනාවරණය වී නැත.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වෙන තෙක් එරට පරිපාලනය  හිටපු අග්‍රාමාත්‍ය මොහම්මෙද් ජලාලි ( Mohammed Jalali) වෙත පවරා තිබේ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

සබැඳි පුවත් :

'සිරියානු ගැටුමට අපි නම් නෑ' - ඩොනල්ඩ් ට්‍රම්ප්

ජනපති අසාද් ගේ සිරියානු රජය කැරලිකරුවන්ගේ ග්‍රහණය අබියස

සිරියාවේ, අලෙප්පෝ නුවර කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර

සිරියානු කැරලිකරුවන් අලෙප්පෝ නගරය වැටලීමට ආසන්නයි - ගුවන්තොටුපලත් වසා දැමේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...