BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

සිරියාවේ සිදු වූයේ කුමක්ද?

T

The Leader Desk

December 9, 2024 • 4:34 AM

සිරියාවේ සිදු වූයේ කුමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති බෂාර් අල්-අසාද් රුසියාවට පලාගිය බව වාර්තා වීමෙන් පසුව සිරියානු කැරලිකාර සටන්කාමීන් ඩැමස්කස් හි නිදහස් සිරියාවේ ධජය අතැතිව එය සමරමින් (2024 දෙසැම්බර් 8)ඡායාරූප මූලාශ්‍රය, AFP
  • ඔහු වසර දහතුනකට පෙර, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීමක් ඉතා කුරිරු ලෙස පාගා දැමු අතර එය විනාශකාරී සිවිල් යුද්ධයක් බවට පත් විය.
  • එහිදී ලක්ෂ 05 කට වැඩි ජනතාවක් මිය ගිය අතර මිලියන 12 කට තම නිවෙස්වලින් පලා යාමට බල කෙරුණි.
  • ඇතැමුන් අනාගතය ගැන කනස්සල්ලට පත්ව සිටිය ද බොහෝ සිරියානුවන් පවසන්නේ ඔවුන්ට නව නිදහසක් දැනෙන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


අසාද් පවුල වසර 53ක් පුරාව සිරියාව පාලනය කළේ අයෝමය හස්තයකින් ය. එය දැන් අවසන් වී තිබේ.

ජනාධිපති බෂාර් අල්-අසාද් 2000 වසරේ දී බලයට පත් වූයේ ඔහුගේ පියා දශක තුනකට ආසන්න කාලයක් එරට පාලනය කිරීමෙන් පසුවයි.

ඔහු වසර දහතුනකට පෙර, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීමක් ඉතා කුරිරු ලෙස පාගා දැමු අතර එය විනාශකාරී සිවිල් යුද්ධයක් බවට පත් විය. එහිදී ලක්ෂ 05 කට වැඩි ජනතාවක් මිය ගිය අතර මිලියන 12 කට තම නිවෙස්වලින් පලා යාමට බල කෙරුණි.

නමුත් පසුගිය බදාදා, හයාත් තරිර් අල්-ෂාම් (HTS) නම් ඉස්ලාමීය රාජ්‍ය විරෝධී කණ්ඩායමක් මිත්‍ර කණ්ඩායම් සමඟ එක්ව වයඹ දෙසින් විශාල ප්‍රහාරයක් සාර්ථකව මෙහෙයවීය.


52728410 aef2 11ef 97e8 ed99cbe554d3.jpgකැරලිකරුවන් සිරියාවේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ අල්ලා ගත් අතර, සිරියානු හමුදාවේ බිඳවැටීමත් සමඟ දකුණු දෙසින් වූ අධිවේගී මාර්ගය ඔස්සේ ඩැමස්කස් අගනුවර දක්වා දිව යන ලදී.
කැරලිකරුවන් සිරියාවේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ අල්ලා ගත් අතර, සිරියානු හමුදාවේ බිඳවැටීමත් සමඟ දකුණු දෙසින් වූ අධිවේගී මාර්ගය ඔස්සේ ඩැමස්කස් අගනුවර දක්වා දිව යන ලදී.

ඇතැමුන් අනාගතය ගැන කනස්සල්ලට පත්ව සිටිය ද බොහෝ සිරියානුවන් පවසන්නේ ඔවුන්ට නව නිදහසක් දැනෙන බවය.

මෙතෙක් සිරියාව පාලනය කළේ කවුද?

රුසියාව, ඉරානය සහ ඉරානයේ පිටුබලය ලත් සන්නද්ධ කණ්ඩායම්වල සහාය ඇතිව අසාද්ගේ රජය සිරියාවේ බොහෝ නගරවල පාලනය නැවත ලබා ගැනීමෙන් පසු වසර ගණනාවක් පුරා සිරියාවේ පූර්ණ පරිමාණයේ යුද්ධය ඵලදායි ලෙස අවසන් වූ බවක් තිබුණි

ඉදිරි පෙළ බොහෝ දුරට නිහඬ වී තිබිණි. එහෙත් රටේ විශාල ප්‍රදේශ රජයේ පාලනයෙන් මිදී තිබුණි.

ඇමෙරිකා එක්සත් ජනපදය, සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව (SDF) විසින් සහාය දක්වන ලද කුර්දි නායකත්වයෙන් යුත් සන්නද්ධ කණ්ඩායම් සන්ධානයක් විසින් පාලනය කරන ලද උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ මේවාට ඇතුළත් විය.

efd91f70 b334 11ef 9f36 312e30430efa.jpg

කැරලිකරුවන්ගේ අවසාන බලකොටුව වූයේ තුර්කියට මායිම් වූ සහ මිලියන හතරකට අධික ජනතාවක් ජීවත් වන ඇලෙප්පෝ සහ ඉඩ්ලිබ් පළාත් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අවතැන් වූ පිරිස් විය.


එම භූමි කොටසෙහි ආධිපත්‍යය දැරුවේ හයාත් තරිර් අල්-ෂාම් (HTS) කණ්ඩායම වුවද, මිත්‍ර කැරලිකාර කණ්ඩායම් සහ ජිහාඩ් කණ්ඩායම් ගණනාවක් ද එහි විය.

සිරියානු ජාතික හමුදාව (SNA) ලෙස හැඳින්වෙන තුර්කි පිටුබලය ලබන කැරලිකාර කණ්ඩායම් ද තුර්කි හමුදාවන්ගේ සහාය ඇතිව එහි භූමිය පාලනය කළේය.

හයාත් තරිර් අල්-ෂාම් Hayat Tahrir al-Sham (HTS) යනු කුමක්ද?

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම 2012 දී අල්-නුස්රා පෙරමුණ ලෙස වෙනත් නමකින් පිහිටුවන ලද අතර ඊට පසු වසරේදී තමන් අල්-කයිඩාවට පක්ෂපාතී බවට ප්‍රතිඥා දෙන ලදී.

අල්-නුස්රා පෙරමුණ ජනාධිපති අසාද්ට එරෙහිව ක්‍රියාත්මක වූ කණ්ඩායම් අතරින් වඩාත් ඵලදායී සහ මාරාන්තික එකක් ලෙස සැලකෙයි. නමුත් එහි ජිහාඩ් මතවාදය විප්ලවවාදී වෙනසකට වඩා එහි ගාමක බලවේගය බව පෙනී ගියේය. එය නිදහස් සිරියානු හමුදාව ලෙස හැඳින්වෙන ප්‍රධාන කැරලිකාර සන්ධානයට පටහැනි ලෙස එකල දක්නට ලැබුණි.

2016 වසරේදී , අල්-නුස්රා කණ්ඩායම අල්-කයිඩාව සමඟ පැවති සබඳතා බිඳ දැමූ අතර වසරකට පසුව අනෙකුත් කන්ඩායම් සමඟ ඒකාබද්ධ වූ විට හයාත් තරිර් අල්-ෂාම් යන නම ලැබුණි.

GettyImages 1244636558

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය , ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ තවත් රටවල් ගණනාවක් හයාත් තරිර් අල්-ෂාම් සංවිධානය අඛණ්ඩව අල්-කයිඩාවට අනුබද්ධිත සංවිධානයක් ලෙස සලකන අතර එය අල්-නුස්රා පෙරමුණ ලෙස නිතර හඳුන්වයි. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එම කණ්ඩායමේ නායක අබු මොහොමඩ් අල්-ජව්ලානි විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇති අතර ඔහු අල්ලා ගැනීමට උපකාරී වන තොරතුරු සඳහා ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් පිරිනමන බව නිවේදනය කර තිබේ.


අල්-කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) කණ්ඩායම් ඇතුළු සිය ප්‍රතිවාදීන් විනාශ කරමින් හයාත් තරිර් අල්-ෂාම් සංවිධානය ඉඩ්ලිබ් සහ ඇලෙප්පෝ පළාත්වල සිය බලය තහවුරු කර ගන්නා ලදී. ඉස්ලාමීය නීතියට අනුව භූමිය පරිපාලනය කිරීම සඳහා ඊනියා සිරියානු ගැලවීමේ රජය ඔවුන් පිහිටුවීය.

සිකුරාදා CNN සම්මුඛ සාකච්ඡාවකදී ජව්ලානි පැවසුවේ "විප්ලවයේ ඉලක්කය මෙම රෙජීමය පෙරලා දැමීම" බවත්, රාජ්‍ය ආයතන සහ "ජනතාව විසින් තෝරා ගන්නා ලද සභාවක්" මත පදනම් වූ රජයක් නිර්මාණය කිරීමට තමා සැලසුම් කළ බවත්ය.


HTS හයාත් තරිර් අල්-ෂාම් Hayat Tahrir al-Sham (HTS) සහ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම් කියා සිටියේ තමන් ආණ්ඩුවේ "ආක්‍රමණකාරීත්වය වැලැක්වීමට" ප්‍රහාරය දියත් කළ බවයි

කැරලිකරුවන් ප්‍රහාරයක් දියත් කළේ ඇයි?


සිරියානු රජයේ හමුදා නැවත පාලනය ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ඉඩ්ලිබ් වසර කිහිපයක් පුරා සටන් බිමක් විය.

නමුත් 2020 දී, ඉඩ්ලිබ් නැවත අත්පත් කර ගැනීම සඳහා සිරියානු රජය විසින් කරන ලද ප්‍රයත්නය නැවැත්වීමට තුර්කිය සහ රුසියාව සටන් විරාමයක් ගෙන එනු ලැබීය. වරින් වර සටන් තිබියදීත් සටන් විරාමය බොහෝ දුරට පැවතුණි.

සිරියානු රජයට සහ ඔවුන්ගේ මිත්‍ර ඉරානයේ පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායම් වයඹ දෙසින් සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර උත්සන්න කරන බවට චෝදනා කළ හයාත් තරිර් අල්-ෂාම් ඇතුළු මිත්‍ර කණ්ඩායම් නොවැම්බර් 27 වෙනිදා කියා සිටියේ "ආක්‍රමණකාරීත්වය වැලැක්වීම සඳහා" තමන් ප්‍රහාරයක් දියත් කළ බවයි.

එහෙත් එය සිදුවූයේ වසර ගණනාවක යුද්ධයෙන්, සම්බාධකවලින් සහ දූෂණයෙන් ආණ්ඩුව දුර්වල වී තිබූ මොහොතක වන අතර ඔවුන්ගේ සහයක කණ්ඩායම් වෙනත් ගැටුම්වල නිරතව සිටි අවස්ථාවකයි.

යුද්ධයේ මුල් වසරවල කැරලිකරුවන් පසුපසට තල්ලු කිරීම සඳහා තීරණාත්මක මෙහයක් කළ ඉරානයේ පිටුබලය ලත් ලෙබනන් කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය, ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මෑතකදී පීඩා විඳිමින් සිටියි. ඊශ්‍රායල ප්‍රහාර මගින් සිරියාවේ ඉරාන හමුදා නායකයින් ද මියගොස් ඇති අතර ඉන් සිරියානු රජයට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම් වල සැපයුම් මාර්ග ද අවහිර වී ඇත. යුක්රේනයේ යුද්ධයෙන් රුසියාවේ අවධානය ද වෙනතකට යොමු වී ඇත.

ඔවුන් නොමැතිව අසාද්ගේ හමුදාව අනාරක්ෂිත විය.

භූමී ගැටුම දිග හැරුණේ කෙසේද?

හයාත් තරිර් අල්-ෂාම් ප්‍රමුඛ කැරලිකරුවන් ඔවුන්ගේ විස්මිත ප්‍රහාරය දියත් කර දින තුනකට පසුව එනම්, නොවැම්බර් 30 වන දින සිරියාවේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝවේ වැඩි කොටසක් සිය පාලනයට නතු කර ගත්හ. රජයේ හමුදා සහ ආරක්ෂක හමුදා වේගයෙන් ඉවත් කර ගැනීම හමුවේ කුඩා ප්‍රමාණයේ ප්‍රතිරෝධයකට මුහුණ දුන් බව ඔවුහු පැවසූහ.

තම සගයන්ගේ සහාය ඇතිව කැරලිකරුවන් "විනාශ කර දමන" බවට අසාද් සපථ කළේය. රුසියානු යුද ගුවන් යානා කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවලට ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කළ අතර ඉරානයේ පිටුබලය ලත් සන්නද්ධ කණ්ඩායම් සිය අතිරේක බලමුළු ඇලෙප්පෝ-ඩැමස්කස් අධිවේගී මාර්ගයේ දකුණින් පිහිටි ඊළඟ නගරය වන හමා වටා හමුදාවේ ආරක්ෂක පෙරමුණ ශක්තිමත් කිරීම සඳහා යොමු කරන ලදී.
AR3VF3L4QNNNLJ5EE26LE752NE සිරියාවේ තුන්වන විශාලතම නගරය වන හෝම්ස් අල්ලා ගැනීම

කෙසේ වෙතත්, දින කිහිපයක දරුණු සටන් වලින් පසුව අවසානයේ හමුදාව ඉවත් වීමත් සමග බ්‍රහස්පතින්දා වන විට හමා නගරය කැරලිකරුවන් අතට පත් විය.

කැරලිකරුවන් වහාම ඔවුන්ගේ මීළඟ ඉලක්කය සිරියාවේ තුන්වන විශාලතම නගරය වන හෝම්ස් අල්ලා ගැනීම බව ප්‍රකාශ කළ අතර දිනක සටනකින් පසුව සෙනසුරාදා රාත්‍රියේ එය සාක්ෂාත් කර ගනු ලැබීය.

ඒ අතරම, ජෝර්දානයට මායිම්ව පිහිටි රටේ නිරිතදිග ප්‍රදේශයේ ක්‍රියාත්මක අනෙකුත් කැරලිකාර කණ්ඩායම්, පැය 24 ක් ඇතුළත ඩෙරා සහ සුවෙයිදා නගරවල පාලනය අල්ලා ගැනීමෙන් පසු ඩැමස්කස් හි උපනගර වෙත ළඟා විය.

ඉරිදා අලුයම හයාත් ටරිර් අල්-ෂාම් ප්‍රමුඛ කැරලිකරුවන් නිවේදනය කළේ ඔවුන් ඩැමස්කස් වෙත ඇතුළු වූ බවත්, සිවිල් යුද්ධයේදී දහස් ගණන් විපක්ෂ ආධාරකරුවන් ඝාතනය කළ බවට විශ්වාස කෙරෙන රටේ වඩාත්ම කුප්‍රකට හමුදා බන්ධනාගාරය වන සිඩ්නායා හි සිටි රැඳවියන් නිදහස් කළ බවයි.
 
LYNXMPEA530TTබෂාර් අල්-අසාද්

"කෲර පාලක බෂාර් අල්-අසාද් පලා ගොස් ඇත." පැය දෙකකටත් අඩු කාලයකට පසුව, ඔවුන් නිවේදනය කර තිබුණි.

"බාත් පාලනය යටතේ වසර 50ක පීඩනයෙන් පසුවත්, වසර 13ක අපරාධ සහ කුරිරු පාලනයෙන් සහ [බලහත්කාරයෙන්] අවතැන්වීම්වලින් පසු... අපි අද ප්‍රකාශ කරන්නේ මේ අඳුරු කාල පරිච්ඡේදයේ අවසානය සහ සිරියාවේ නව යුගයක ආරම්භය" යැයි ඔවුහු පැවසූහ.

කැරලිකරුවන් පැමිණීමට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපතිවරයා හෙළි නොකළ ගමනාන්තයක් සඳහා අගනුවරෙන් පිටතට පියාසර කළ බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පවසනු ලැබ තිබේ.

අසාද්ගේ අගමැති මොහොමඩ් අල්-ජලාලි පසුව වීඩියෝවක් නිකුත් කරමින් නිවේදනය කළේ "සිරියානු ජනතාව විසින් තෝරා ගන්නා ලද" ඕනෑම නායකත්වයක් සමඟ "සහයෝගීව කටයුතු කිරීමට" තමන් සූදානම් බවයි.

ජව්ලානි තම හමුදාවන්ට නිල ආයතන වෙත නොපැමිණෙන ලෙස නියෝග කළේ ඒවා "නිල වශයෙන්" භාර දෙන තුරු අගමැතිගේ අධිකාරිය යටතේ පවතින බව පවසමිනි.

ලෝක සහ කලාපීය බලවතුන් ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද?

ධවල මන්දිරය පැවසුවේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ කණ්ඩායම "සිරියාවේ අසාමාන්‍ය සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර කලාපීය හවුල්කරුවන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වමින් සිටින" බවයි.


(සටහන - ඩේවිඩ් ග්‍රිටන්)
බීබීසී පුවත්
(BBC සිංහල සේවය)


සබැඳි ලිපි :


සිරියාවේ, දශක පහක අසාද් පාලනය අවසන් - ජනපති පලා යයි  

'සිරියානු ගැටුමට අපි නම් නෑ' - ඩොනල්ඩ් ට්‍රම්ප්

ජනපති අසාද් ගේ සිරියානු රජය කැරලිකරුවන්ගේ ග්‍රහණය අබියස

සිරියාවේ, අලෙප්පෝ නුවර කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර

සිරියානු කැරලිකරුවන් අලෙප්පෝ නගරය වැටලීමට ආසන්නයි - ගුවන්තොටුපලත් වසා දැමේ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...