BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ නිදහස පිලිබඳ කොළ එළියක්

T

The Leader Desk

December 10, 2024 • 11:35 AM

හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ නිදහස පිලිබඳ කොළ එළියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ හමාස් අත්අඩංගුවේ පසුවන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම පිලිබඳ සුභවාදී ආකල්පයකින් කටයුතු කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩන් සාර් (Gideon Saar) ඊයේ (09) ප්‍රකාශ කළේය.
  • එහෙත්, ගාසා තීරයේ සටන් නැවත්වීමට නම්, ඊට පෙර හමාස් භාරයේ පසුවන සියළු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවට ඊශ්‍රායලයේ ස්ථාවරය තවදුරටත් එසේම පවතින බවද විදේශ අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබේ.
  • ඒ පිලිබඳ හමාස් සංවිධානය මෙතක් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැත.
  • 2023 ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ කිබුට්ස් හි සිදු කළ හමාස් ත්‍රස්ත ප්‍රහාරයේදී, ඊශ්‍රායල සහ විදෙස් ජාතිකයින් 250ක් හමාස් ප්‍රාණ ඇපයට පත්වූ අතර, 1200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය සංවිධානය විසින් ගාසා තීරයේ විවිධ ස්ථානවල රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පූර්ණ නාම ලේඛනයක් ලබා දෙන ලෙස හමාස් සංවිධානය සිය සාමාජිකයින් වෙත දන්වා යවා තිබේ. 

ප්‍රාණ ඇපකරුවන් 100 ක පමණ පිරිසක් නිදහස් කර ගැනීම පිලිබඳ නොනිල කතා බහ සිදුව ඇතැයි ද ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා තහවුරු කළේය.

 

සියළු කටයුතු වෙනදාට වඩා සුභවාදී ආකාරයකින් සිදුවෙමින් ඇතැයි, ජෙරුසෙලමේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ යැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි. එහෙත්, ගාසා තීරයේ සටන් නැවත්වීමට නම්, ඊට පෙර හමාස් භාරයේ පසුවන සියළු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවට ඊශ්‍රායලයේ ස්ථාවරය තවදුරටත් එසේම පවතින බවද විදේශ අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබේ.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙන තෙක්, ගාසා තීරයේ සටන් විරාමයක් නැතැයි, ඔහු ප්‍රකාශ කළේය. 

 

සටන් නතර කරන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නේ නෑ' - හමාස් සංවිධානය
සිරියාවේ බෂාර් අල්-අසාද් රජය බිඳ වැටීමත් සමග හමාස් සංවිධානය තව දුරටත් හුදෙකලා වී ඇතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ රාත්‍රී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම වැනි නම්‍යශීලී වෙනසකට ඔවුන් යොමුව ඇත්තේ ද එබැවින් වියහැකි යැයි, විශවාස කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය. එහි සාර්ථකත්වය පිලිබඳ අනාවැකි කීමට තවමත් කල් වැඩි යැයි ද හෙතෙම පැවසීය.

ගාසා තීරයේ විවිධ ස්ථාන රැසක රඳවා ඇතැයි පැවසෙන ඊශ්‍රායල සහ අන් රටවල ප්‍රාණ ඇපකරුවන් පිලිබඳ, ඔවුන් තවමත් ජීවතුන් අතර සිටීද නැද්ද යන කරුණු ද සඳහන් ලේඛනයක් ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස හමාස් සංවිධානය සිය සගයන්ට දැනුම් දී ඇතැයි, පලස්තීන නිලධාරියකු ප්‍රකාශ කළේ යැයි රොයිටර්ස් පුවත් සේවය විසින් ද තහවුරු කර තිබේ. ඒ පිලිබඳ හමාස් සංවිධානය මෙතක් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැත.

2023 ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ කිබුට්ස් හි සිදු කළ හමාස් ත්‍රස්ත ප්‍රහාරයේදී, ඊශ්‍රායල සහ විදෙස් ජාතිකයින් 250ක් හමාස් ප්‍රාණ ඇපයට පත්වූ අතර, 1200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් අනතුරුව හටගත් ඊශ්‍රායල-පලස්තීන ගැටුමින් මේ වන විට ගාසා තීරයේ, පලස්තීනුවන් 44,700කට අධික සංඛ්‍යාවක් මරු වැළඳ සිටිති. 

 

අග්‍රාමාත්‍ය නෙතන්යාහු ගාසා සංචාරයක - අදත් එහි දරුණු ඊශ්‍රායල ප්‍රහාරඅග්‍රාමාත්‍ය නෙතන්යාහු
හමාස් අත්අඩංගුවේ පසුවන ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනකුගේ පවුල් සාමාජිකයින් පසුගිය ඉරිදා (08) අග්‍රාමාත්‍ය නෙතන්යාහු හමු විය. ප්‍රාණ ඇපකරුවන් හමාස් ග්‍රහණයෙන් නිදහස් කර ගැනීම පිණිස ඉක්මන් සාකච්ඡා ආරම්භ කරන බව අග්‍රාමාත්‍යවරයා ඔවුන් හමුවේ ප්‍රකාශ කළේය. 

මෑතකාලීනව උද්ගතව ඇති තත්ත්වයන් සමග ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් හමාස් සංවිධානය දැරූ දැඩි මතයේ, යම් නම්‍යශීලී වෙනසක් දක්නට ඇතැයි, ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් ද තහවුරු කර තිබේ. දෙපාර්ශ්වය ඊට එකඟ වන්නේ නම්, ඒ පිලිබඳ ගිවිසුමකට එළැඹීමේ අවස්ථාව ද පවතින බව ඔහු කියා සිටී.

 

මේ අතර, ඊයේ දිනයේ ද ගාසා තීරයේ අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර ක්‍රියාත්මක විය. උදෑසන ඇරඹි එම ප්‍රහාර, මධ්‍යම රාත්‍රියෙන් පසුවද පැවතිණි. ගාසා උතුරු කෙළවර ජබාලියා සරණාගත කඳවුර ආසන්න ප්‍රදේශයකට එල්ල වූ එක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් දෙනකුවත් ජීවිතක්ෂයට පත් වී යැයි, පලස්තීන සෞඛ්‍ය අංශ පැවසීය.

ඊජිප්තුව ආසන්න  දකුණු ගාසා දේශසීමාවේ රෆා වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අවට ප්‍රදේශය වෙත ඊයේ රැය පුරා අඛණ්ඩ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බව ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් පවසති. 

මධ්‍යම ගාසා තීරයේ අල්-මඝාසි කඳවුරට ඊශ්‍රායල පාබල සේනාංක කඩා වැදීමත් සමග එහි පදිංචිකරුවන්ට පලා යාමට සිදු විය. ඒ වෙත පසුව එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලින් වයස අවුරුදු 4ත් 13ත් අතර කුඩා ළමුන් සිව් දෙනකු ඝාතනය වූ අතර උතුරේ බෙයිට් ලහියා වෙත එල්ල කෙරුණු   ප්‍රහාර වලින් පලස්තීනුවන් සය දෙනෙක් ඝාතනය වූහ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...