BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

කවුද මේ දකුණු කොරියාවේ නව වැඩ බලන ජනපති?

T

The Leader Desk

December 15, 2024 • 7:47 AM

කවුද මේ දකුණු කොරියාවේ නව වැඩ බලන ජනපති?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියානු ජනපති යූන් සුක් යියෝල් ට එරෙහි දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුවේ දෙවන වරටත් සම්මත වීමෙන් පසු, ඔහු තවදුරටත් එරට ජනපති ධුරයේ රැඳී සිටීම අත්හිටවීමට රජය පියවර ගත්තේය.
  • ඔහු එරට කීර්තිමත් වෘත්තීය තාක්ෂණවේදියකු ලෙස ප්‍රකට දේශපාලඥයෙකි.
  • හිටපු ජනපති යියොල් තව දුරටත් එම ධුරයේ කටයුතු කිරීම සුදුසු ද නැද්ද යන්න එරට ව්‍යවස්ථා අධිකරණයෙන් තීරණය කරන තෙක්, හැන් ඩක්-සූ ට තවත් මාස කිහිපයක් වැඩ බලන ජනපති ලෙස කටයුතු  කිරීමට සිදු වේ.
  • ඊට නව වැඩ බලන ජනපතිවරයාගේ කිසියම් හෝ සම්බන්ධයක් පැවතී ද යන්න ද එහිදී විමර්ශනයට ලක්  වේ.  75 හැවිරිදි නව වැඩ බලන ජනපතිවරයා, මීට පෙර එරට ජනපතිවරුන් පස් දෙනකු යටතේ විවිධ තලයේ නායකත්ව ධුර හෙබවූවෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව දකුණු කොරියානු අග්‍රාමාත්‍ය, හැන් ඩක්-සූ (Han Duck-soo) එරට වැඩ බලන ජනපතිවරයා වශයෙන් පත් කෙරිණි. ඔහු එරට කීර්තිමත් වෘත්තීය තාක්ෂණවේදියකු ලෙස ප්‍රකට දේශපාලඥයෙකි.  

දකුණු කොරියානු ව්‍යවස්ථාවට අනුව, ජනපති ධුරය යම් නෛතික අර්බුදයකට ලක්වූ අවස්ථාවෙක, අග්‍රාමාත්‍යවරයා, කෙටිකාලීනව, ජනපති ධුරයේ කටයුතු පිණිස  පත් කෙරේ. හිටපු ජනපති යියොල් තව දුරටත් එම ධුරයේ කටයුතු කිරීම සුදුසු ද නැද්ද යන්න එරට ව්‍යවස්ථා අධිකරණයෙන් තීරණය කරන තෙක්, හැන් ඩක්-සූ ට තවත් මාස කිහිපයක් වැඩ බලන ජනපති ලෙස කටයුතු  කිරීමට සිදු වේ.

 

දකුණු කොරියාව, දශක හතරක මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ අර්බුදකාරීම අවස්ථවක පසු වේ. එරට මේ වන විට අසල්වැසි උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනයට ද මුහුණ පා සිටී. එහි, දේශීය ආර්ථික ප්‍රගමනය ද, වෙනත් වසර වලට සාපේක්ෂව හීන වර්ධනයක පවතී. 

පසුගිය දා, දකුණු කොරියාව තුළ හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කෙරේ. ඊට නව වැඩ බලන ජනපතිවරයාගේ කිසියම් හෝ සම්බන්ධයක් පැවතී ද යන්න ද එහිදී විමර්ශනයට ලක්  වේ. 

75 හැවිරිදි නව වැඩ බලන ජනපතිවරයා, මීට පෙර එරට ජනපතිවරුන් පස් දෙනකු යටතේ විවිධ තලයේ නායකත්ව ධුර හෙබවූවෙකි.

ඔහු වරක්, එක්සත් ජනපදයේ, දකුණු කොරියානු තානාපති ලෙස ද කටයුතු කළේය. හැන්, දකුණු කොරියාවේ මුදල් සහ වෙළඳ අමාත්‍යධුර ද හෙබවීය. එරට ප්‍රතිපත්ති සම්බන්ධීකරණ කටයුතු පිලිබඳ ජනපති ලේකම් ලෙස ද ඔහු කටයුතු කළේය. තව ද, ඔහු දකුණු කොරියානු අග්‍රාමාත්‍ය ධුරය ට අමතරව ප්‍රතිපත්ති සැලසුම් ශක්‍යතා මණ්ඩල කිහිපයක ද මුලසුන දැරූ දේශපාලඥයෙකි.

sk898

 

ඔහු, ආර්ථික විද්‍යාව පිලිබඳ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ධරයෙක්  වේ. ඔහු, 2022 වසරේ සිට දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරයි. 2007 සිට 2008 දක්වා ඔහු එරට සිය ප්‍රථම අග්‍රාමාත්‍ය ධුර කාලයේ සේවය කළ අතර 2022 වසරේ ඔහු එහි දෙවන ධුර කාලය ආරම්භ කළේය. 

නව වැඩ බලන ජනපති, දකුණු කොරියාවේ හිතවතකු වන එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කිරීමේ හැකියාව ඇත්තෙකි. තවද, එක්සත් ජනපද- දකුණු කොරියා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේ වෙසෙස් කාර්ය භාරයක්  ඉටු කළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. 

ඉංග්‍රීසි බස හැසිරවීමේ ව්‍යක්ත හැකියාවෙන් යුත් ඔහු, 2009 වසරේ එක්සත් ජනපදයේ දකුණු කොරියානු තානාපති ලෙස පත් කෙරිණි. වත්මන්, එක්සත් ජනපද නායක ජෝ බයිඩන් එරට උප ජනපති ධුරයේ කටයුතු කරන සමයේ හැන්, එරට දකුණු කොරියානු තානාපති ධුරයේ සේවය  කළේය. ඔහු, සෞදි ඇරම්කො තෙල් සමාගමට අයත්, දකුණු කොරියානු පිරිපහදුවේ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වූ  අතර එරට රාජ්‍ය සේවයේ ද කටයුතු කළේය.

 

Han Duck-soo, South Korea's prime minister, center, arrives at the National Assembly in Seoul, South Korea, on Wednesday, Dec. 11, 2024. South Korean President Yoon Suk Yeol looks set to fight on rather than step down early as probes deepen into his martial law declaration and another likely impeachment bid looms. Photographer: SeongJoon Cho/Bloomberg

කෙසේ වෙතත්, හිටපු ජනපතිවරයා විසින් එරට හමුදා නීතිය ප්‍රකාශ කිරීම වැලැක්වීමට පියවර නොගැනීම හේතුවෙන්, හැන් දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ චෝදනාවට ලක්ව සිටී. ඒ සම්බන්ධයෙන්, එම පක්ෂය ඔහුට එරෙහි චෝදනා ගොනු  කර තිබේ. යම් හෙයකින්, එරට පාර්ලිමේන්තුවේ, ඔහුට ද විරුද්ධ දෝෂාභියෝගයක් හමුවේ, හැන් පරාජය වුවහොත්, දකුණු කොරියාවේ මීළඟ වැඩ බලන ජනපතිවරයා වන්නේ එරට මුදල් අමාත්‍යවරයාය.

එරට ව්‍යවස්ථාවෙන්, දකුණු කොරියානු නායකත්වයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට පැවරී ඇති බලතල සෘජුව විග්‍රහ නොකෙරේ. ඔහු සීමා සහිත බල ගැන්මක පිහිටා කටයුතු කළ යුතු බව දේශපාලන අධිකාරිය පවසයි. දෛනික රාජ්‍ය කටයුතු කිසිදු අඩපනවීමකින් තොරව, සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම ඔහු සතු වගකීම වේ. එහෙත්, වැඩ බලන ජනපතිවරයා ලෙස, ජනපති ධුරයේ සියලු බලතල සහ වගකීම් දැරීමට ඔහුට ව්‍යවස්ථාවෙන් බාධාවක් නැතැයි,  එරට දේශපාලන විශ්ලේෂකයෝ පවසති. 

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...