BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

චීඩෝ චණ්ඩ මාරුතයෙන් ප්‍රංශයට අයත් මායොත් දූපත් හි දස දහස් ගණනක් මිය ගිය බවට සැක කෙරේ

T

The Leader Desk

December 16, 2024 • 11:12 AM

චීඩෝ චණ්ඩ මාරුතයෙන් ප්‍රංශයට අයත් මායොත් දූපත් හි දස දහස් ගණනක් මිය ගිය බවට සැක කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශත වර්ෂයකට පමණ පසු ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් මායොත් (Mayotte) දූපත් සමූහය වෙත ඊයේ (15) කඩා වැදුණු අතිශය චණ්ඩ සුළි කුණාටුවකින් පුද්ගලයින් සිය දහස් ගණනක් හෝ ඇතැම් විට දස දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක පල කෙරේ.
  • න්‍යෂ්ටික යුද්ධයක කෙළවර දක්නට ඇති ආකාරයේ අතිශය බිහිසුණු ඛේදවාචකයක දර්ශන පමණක් එහි ඉතිරිව ඇතැයි මායොත් වාසීහු පවසති.
  • එක් පෙදෙසක තාවකාලික කඳුකර නිවාස සියල්ල සුළඟට ඉදිරී කඳු පාමුල තෙක් ගසාගෙන පැමිණ ඇති ආකාරය ගුවනේ සිට ගත් ඡායාරූපවල දැක්වෙන බව රොයිටර්ස් පුවත් සේවය ප්‍රකාශ කරයි.
  • එය, අසල පිහිටි කොමොරොස් (Comoros) දූපත් හි සිට පැමිණෙන අනීතික සංක්‍රමණිකයින් වැඩි වශයෙන් පදිංචිව සිටින ප්‍රදේශයක් බව ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

චීඩෝ (Chido) චණ්ඩ මාරුතය ලෙස නම් කෙරුණු එම සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව පිලිබඳ කිසිදු නිශ්චිත සඳහනක් මෙතෙක් සිදු කළ නොහැකි යැයි, ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යංශය පැවසීය. 

පැයට සැතපුම් 124කට අධික වේගයෙන්, සුළි කුණාටුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ  මායොත් දූපත් සමූහය මත පතිත විය. කුණාටුවෙන්, එහි, නිවාස, රාජ්‍ය ගොඩනැගිලි රැසක් සහ රෝහලක් ද විනාශයට පත්ව තිබේ. වසර සියයකට පමණ පසු ඒ වෙත බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වේ. න්‍යෂ්ටික යුද්ධයක කෙළවර දක්නට ඇති ආකාරයේ අතිශය බිහිසුණු ඛේදවාචකයක දර්ශන පමණක් එහි ඉතිරිව ඇතැයි මායොත් වාසීහු පවසති. එක් පෙදෙසක තාවකාලික කඳුකර නිවාස සියල්ල සුළඟට ඉදිරී කඳු පාමුල තෙක් ගසාගෙන පැමිණ ඇති ආකාරය ගුවනේ සිට ගත් ඡායාරූපවල දැක්වෙන බව රොයිටර්ස් පුවත් සේවය ප්‍රකාශ කරයි. එය, අසල පිහිටි කොමොරොස් (Comoros) දූපත් හි සිට පැමිණෙන අනීතික සංක්‍රමණිකයින් වැඩි වශයෙන් පදිංචිව සිටින ප්‍රදේශයක් බව ද වාර්තා වේ.

අනතුරට පත් පොලිස් යාත්‍රා රැසක් වෙරළට ගොඩ ගසා  තිබේ. ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක වහල මතට පොල් ගස් කඩා වැටී පවතී. 

පැය කිහිපයක් තුළ සිදු වූ ඉමහත් විපත පිලිබඳ ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් ( Emmanuel Macron) ද කනස්සල්ලට පත්ව සිටී. 

පසුගිය දශක කිහිපය ඇතුළත, දහස් ගණන් කොමොරොස් වාසීහු, නැගෙනහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන්  අනීතිකව මායොත් දූපත් වෙත සංක්‍රමණය වීමට යත්න දැරූහ. වඩා උසස් ජීවන තත්ත්වයක්  සහිත එහි පවතින විශේෂ ප්‍රංශ සුබ සාධන වැඩපිළිවෙළ කෙරෙහි අපේක්ෂාවෙන් ඔවුහු එසේ සංක්‍රමණය වූහ. එසේ පැමිණි ලියාපදිංචි නොවූ සංක්‍රමණිකයින් 100,000කට අධික පිරිසක් මායොත් හි වාසය කරන බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 

 

කොරෝනා වෛරස් අර්බුදයේ චීන භූමිකාව ගැන ප්‍රංශයෙන් දැඩි විවේචනයක්...ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන්
කුණාටුවෙන් සිදු වූ සත්‍ය මරණ සංඛ්‍යාව තව දුරටත් තහවුරු කර නොමැත. මේ වන විට එහි විපතට පත් ජනතාව වෙත  ආහාර, පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය ද  අර්බුදයට ලක්ව තිබේ. මායොත් වාසීන් වැඩි සංඛ්‍යාවක් මුස්ලිම්  භක්තිකයෝ වෙති. මෘත දේහ පැය 24ක් තුළ භූමදානය කිරීමේ ඔවුන්ගේ ආගමික පිළිවෙත් හේතුවෙන්, මිය ගිය සංඛ්‍යාව නිවැරදිව ගණනය කිරීම තව දුරටත් අපහසුව ඇතැයි, ප්‍රංශ බලධාරීහු පවසති. 

පැරිසියට කිලෝ මීටර 8000ක් පමණ එපිටින් පිහිටි මුහුදු අශ්වයකුගේ හැඩය ගත්  මායොත් දූපත් සමූහය, ප්‍රංශයට සාපේක්ෂව දරිද්‍රතාවයේ පවතී. දශක ගණනක්  තිස්සේ, එහි මැර භීෂණය පැතිරෙමින් ඇත. බොහෝ තැන්හි සමාජ ප්‍රචන්ඩකාරීත්වය ද ව්‍යාප්තව තිබේ. එහි ජනගහනයෙන් තුනෙන් කොටසක් සිටින්නේ ද ප්‍රංශ දරිද්‍රතා රේඛාවට පහළිනි. වසර මුල, එහි ජල අර්බුදයක් ද හට ගත්තේය. 

මැඩගස්කරයට එපිටින් පිහිටි ප්‍රංශයට අයත් තවත් විදෙස් කලාපයක් වන, රීයූනියන් දූපත් හි සිට ඒ වෙත ගුවන් පාලමක් ද ඉදි කෙරෙමින් පැවතිණ.

 

000 36QG29T

මායොත් වෙත කඩා වැදුණු චීඩෝ සුළි කුණාටුව, අනතුරුව, ඊයේ, උතුරු මොසැම්බික් වෙත ද පතිත විය. එහි සිදුවී ඇති හානිය  පිළිබඳවද මේ දක්වා පූර්ණ අනාවරණයක් සිදු කර නොමැත. දැඩි සුළං හේතුවෙන්, විදුලිය සහ සන්නිවේදන යටිතල පහසුකම් සියල්ල බිඳ වැටී ඇති බැව් පමණක්  මෙතෙක් වාර්තා වේ. සුළි කුණාටුවෙන්, කොමොරොස් හි  පුද්ගලයින් දෙදෙනෙක් තුවාළ ලැබූහ. 24 දෙනෙක් අවතැන්ව සිටිති. විනාශයට පත් නිවෙස් සංඛ්‍යාව 21 කි.

මායොත් දූපත් සමූහය, 1843 දී ප්‍රංශ කොළණියක්  ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. 

එහි, 1974 පැවති  ජනමත විචාරයෙන්, ඊට සහභාගී වූ 95%ක්ම  වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කළහ. ප්‍රංශය යටතේ තව දුරටත් රැඳීමට හිමි වූයේ,  63% ක ඡන්ද ප්‍රතිශතයක්  පමණි. 1975 දී ඊට අයත් ග්‍රෑන්ඩ් කොමෝර්, අන්ජෝවාන් සහ මොහේලි, ස්වෛරී රාජ්‍යයන් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මායොත් පමණක් තව දුරටත් ප්‍රංශ පාලනය යටතේ පවතී.  

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...