ඉන් දස දෙනකුම ගාසා නගරයේ නිවසක් වෙත එල්ල කෙරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් මිය ගොස් ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ඊයේ ඒ වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් පලස්තීනුවන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පසුගිය ඉරු දින (15) එහි, ඛාන් යුනිස් (Khan Younis) හි ඉලක්කයක් වෙත ද ඊශ්‍රායල ගුවන් හමුදාව දැඩි ප්‍රහාර එල්ල කළේය. ප්‍රහාරයෙන්, කුඩා දරුවන් ඇතුළු 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඥාතීන් සහ හිතවතුන්ගේ සෝ සුසුම් මැද, සුදු රෙදිකඩින් වැසූ මිය ගිය සියලු දෙනාගේ දේහ පිලිබඳ අවසන් කටයුතු ඊයේ (16) සිදු කෙරිණි.
කලක්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන ගිය පාසලක වූ අවතැන් පවුල් පදිංචිව සිටි කඳවුරක් වෙත එම ප්‍රහාර එල්ල විය. එහි සිට සන්නද්ධ මෙහෙයුම් සිදු කළ හමාස් ත්‍රස්තවාදීන් පිරිසක් ඉලක්ක කර ගුවනින් පහර දුන් බව ඊශ්‍රායල හමුදා පැවසූහ. එම අවතැන් කඳවුරු භූමිය, ඊශ්‍රායල හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීමට පිඹුරුපත් සකසන සහ හමාස් සන්නද්ධ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කර තිබූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ. පාසල්, රෝහල් සහ මුස්ලිම් දේවස්ථාන වැනි සිවිල් වැසියන් රැඳී සිටින පොදු පහසුකම්, සන්නද්ධ ක්‍රියාකාරකම් පිණිස අවභාවිතා කිරීම පිලිබඳ ඊශ්‍රායල හමුදා හමාස් ත්‍රස්තවාදීන්ට චෝදනා කර සිටිති.
ගාසා තීරයේ බොහෝ ප්‍රදේශ වෙත ඊශ්‍රායල පාබල හමුදා විසින් සිදු කෙරෙන භූමි මෙහෙයුම් ද තීව්‍ර කර තිබේ.
මේ අතර හමාස් ත්‍රස්තයින් සහමුලින් වනසා ගාසා යුද්ධය අවසන් කළ පසු, සමස්ත ගාසා තීරයේ පූර්ණ ආරක්ෂාව සහ ඕනෑම අවස්ථාවෙක සනද්ධ හමුදා ක්‍රියාන්විත සිදු කිරීමේ බලය ඊශ්‍රායල හමුදා වෙත පවරන බව එරට ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කාට්ස් (Israel Katz) අද ප්‍රකාශ කළේය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)



