BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

අමීර් ඛාන්: රහසේ ම සිනමාවෙන් විරාමයක් ගත් බොලිවුඩ් සුපිරි තරුව

T

The Leader Desk

December 17, 2024 • 2:42 PM

අමීර් ඛාන්: රහසේ ම සිනමාවෙන් විරාමයක් ගත් බොලිවුඩ් සුපිරි තරුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොලිවුඩයේ සුපිරි නළු අමීර් ඛාන් යනු ලගාන් සහ 3 Idiots වැනි ජනප්‍රිය චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවූ ජනප්‍රිය නළුවෙකි.
  • "මම මගේ පවුලේ අයට කිව්වා මම රංගනයෙන් සහ චිත්‍රපටවලින් ඉවත් වෙනවා කියලා," ඔහු බීබීසී පුවත් වෙත පවසයි.
  • මට අවශ්‍ය වුණේ පවුල එක්ක ඉන්න විතරයි." ඛාන් වැනි ප්‍රධාන තරුවක් සිනමා කර්මාන්තයෙන් ඉවත් වීමට තීරණය කිරීම චිත්‍රපට කේෂ්ත්‍ර කෙරෙහි මුළුමනින් ම උමතුව සිටින රටක් වන ඉන්දියාව තුළ ඇති කරන කම්පනය කොපමණ දැයි ඔබ සිතනු ඇත.
  • එහෙත්, ඔහු පැහැදිලි කර සිටියේ, කොවිඩ් වසංගතය හේතුවෙන් චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය වෙමින් තිබූ බැවින් ඔහුගේ තීරණය එකල අවධානයට ලක් නොවූ බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහුගේ ජනප්‍රියත්වය කෙතරම් ද යත්, පාරේ ඇවිදින විට පවා ඔහුට රසිකයින්ගෙන් මිදී එය සිදු කළ නොහැක.

නමුත් එතරම් ප්‍රසිද්ධ නොමැති දෙය නම්, කොවිඩ් වසංගතය අතරතුර ඔහු තම ආදරණීයයන් සමග වැඩි කාලයක් ගත කිරීම සඳහා රහසිගතව චිත්‍රපටවලින් ඉවත් වීම ය.

"මම මගේ පවුලේ අයට කිව්වා මම රංගනයෙන් සහ චිත්‍රපටවලින් ඉවත් වෙනවා කියලා," ඔහු බීබීසී පුවත් වෙත පවසයි.

"මට චිත්‍රපට නිෂ්පාදනය කරන්න, අධ්‍යක්ෂණය කරන්න, රඟ පාන්න අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ පවුල එක්ක ඉන්න විතරයි."

ඛාන් වැනි ප්‍රධාන තරුවක් සිනමා කර්මාන්තයෙන් ඉවත් වීමට තීරණය කිරීම චිත්‍රපට කේෂ්ත්‍ර කෙරෙහි මුළුමනින් ම උමතුව සිටින රටක් වන ඉන්දියාව තුළ ඇති කරන කම්පනය කොපමණ දැයි ඔබ සිතනු ඇත.

එහෙත්, ඔහු පැහැදිලි කර සිටියේ, කොවිඩ් වසංගතය හේතුවෙන් චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය වෙමින් තිබූ බැවින් ඔහුගේ තීරණය එකල අවධානයට ලක් නොවූ බව ය.

"කවුරුවත් ඒ ගැන දැන හිටියේ නැහැ," ඔහු පවසයි.

අමීර් ඛාන් යනු, බොලිවුඩයේ ජනප්‍රිය ම නළුවන්ගෙන් කෙනෙකි
කෙසේ වෙතත් රසිකයින්ට සැනසුම් සුසුමක් හෙළිය හැක.

ඛාන් වැඩි කලක් සිනමා කර්මාන්තයෙන් ඉවත්ව සිටියේ නැත. නැවත පැමිණි ඔහු තමන් නිෂ්පාදනය කළ Laapataa Ladies නැතිනම් Lost Ladies චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සිදු කරමින් සිටියි. එය ඔස්කාර් සම්මාන සඳහා හොඳ ම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපට කාණ්ඩය වෙනුවෙන් ඉන්දියාවේ නිල තේරීමයි.

නැවත චිත්‍රපට කර්මාන්තයට යාමට තමාව පෙළඹවුයේ තම දරුවන් බව ඛාන් පවසයි.

"එයාලා මෙහෙම කිව්වේ, 'අපිට ඔයත් එක්ක පැය 24 ම ගත කරන්න බැහැ. ඒ නිසා ඇත්ත තේරුම් අරගෙන ජීවිතය ගත කරන්න.' ඉතින් ඔවුන් මාව සියුම්ව නැවත චිත්‍රපටවලට යොමු කළා," ඔහු පවසයි.

59 හැවිරිදි ඛාන් දශක තුනක් පුරාවට නළුවෙකු, අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කර ඇත.

ඔහු "බොලිවුඩයේ ඛාන්" තිදෙනාගෙන් කෙනෙකු ලෙස හැඳින්වේ. අනෙක් මෙගා තරු වන්නේ ෂාරුක් සහ සල්මාන් ය.

සමාජ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අමීර්ගේ චිත්‍රපට විශාල වශයෙන් ප්‍රශංසාවට ලක්වන අතර බොක්ස් ඔෆිස් වාර්තා ද බිඳ දමයි.

ඔහු ඔස්කාර් සම්මාන උළෙලට ද ආගන්තුකයෙකු නොවේ. 19 වන සියවසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ ක්‍රිකට් ක්‍රීඩාව පසුබිම් කරගත් ලගාන් චිත්‍රපටිය 2002 වසරේ හොඳ ම විදේශ භාෂා චිත්‍රපටය සඳහා නිර්දේශ විය.

ඛාන් දැන් Laapataa Ladies සමග ඉතිහාසගත වීමට උත්සහ කරයි. එය සාර්ථක වුවහොත් එය එම ජාත්‍යන්තර ත්‍යාගය දිනාගත් පළමු ඉන්දියානු චිත්‍රපටය වනු ඇත. සිය චිත්‍රපටය තරගයට ඇතුළු වී ඇත්දැයි ඔහු අඟහරුවාදා දැන ගනු ඇත.

ඛාන් පැවසුවේ, "සිනමාව ගැන මිනිස්සුන්ගේ කියවීම වෙනස් නිසා සම්මානවලට කෙතරම් බැරෑරුම් ලෙස ගත යුතු ද යන්න තමාට විශ්වාස නොමැති බව" ය.

නමුත් ජයග්‍රහණය ඉන්දියාවට බොහෝ සෙයින් බලපානු ඇති බව ඔහු පිළිගනී.


drt4අමීර් ඛාන් රංගනයෙන් දායක වූ Lagaan චිත්‍රපටය අතිවිශාල ජනප්‍රියත්වයක් දිනා ගත්තේ ය
"මම හිතන්නේ ඉන්දියානුවන් චිත්‍රපට ගැන උන්මාදයෙන් ඉන්නේ සහ අපි ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නේ චිත්‍රපටය ඇකඩමි සම්මානයක් දිනා ගනීවි කියලා. ඒක තම වෙලා නැති දෙයක්. ඒක රටට ගොඩක් දැනේවි. ඔවුන්ට දරා ගන්න බැරි වේවි අපි දිනුවොත්," ඔහු පවසයි.

"ඉතින් අපේ රටේ ජනතාව වෙනුවෙන් සහ අපේ රට වෙනුවෙන්, අපි මේ සම්මානය දිනුවොත් මම ඇත්තට ම සතුටු වෙනවා."

ඉන්දියාවේ ග්‍රාමීය පසුබිමක් පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති Laapataa Ladies තරුණයෙකු වැරදි මනාලිය නිවසට ගෙන ඒම පිළිබඳ කතාව ගෙන හැර දක්වයි. ඒ අතරතුර, ඔහුගේ සැබෑ භාර්යාව අතරමං වන අතර ඒ හේතුවෙන් තමාගේ ආරක්ෂාව සලසා ගැනීමට ඇයට සිදු වේ.

එය ගෘහස්ථ හිංසනය පිළිබඳ සංවේදී කතිකාව ස්පර්ශ කිරීම ඇතුළුව කාන්තාවන්ට සලකන ආකාරය දෙස උපහාසාත්මකව බලන නිර්මාණයකි.

එයට හාස්‍යය සහ වැරදි අනන්‍යතා ඇතුළත් වන බැවින් ඛාන් මෙම කතා වස්තුව විස්තර කරන්නේ "තරමක් ෂේක්ස්පියරියානු නිර්මාණයක්" ලෙස ය.

එහෙත්, "කාන්තාවන්ගේ ප්‍රශ්න, ඔවුන්ගේ ස්වාධීනත්වය, ඔවුන්ට කිරීමට අවශ්‍ය දේ තාමාට ම තීරණය කිරීමට ඇති අයිතිය පිළිබඳ වැදගත් කරුණු රාශියක්" එහි ඇතුළත් බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

ඒ නිෂ්පාදනයට තමාට මුල් ම පෙළඹවීම ඇති කළේ මෙම ගැටලු බව ඔහු පැහැදිලි කරයි.

"සමාජයේ අප මුහුණ දෙන ඇතැම් ප්‍රශ්න ගැන මිනිසුන්ව දැනුවත් කිරීමට නිර්මාණශීලී පුද්ගලයෙකු ලෙස ඔබට සමහර වෙලාවට අවස්ථාවක් ලැබෙනවා," ඔහු පවසයි.

"ලොව පුරා සිටින කාන්තාවන් ඔවුන්ගේ ජීවිතවල අභියෝග රාශියකට මුහුණ දීලා තියෙන්නේ. කාන්තාවන්ට ජීවිතය තුළ තියෙන්නේ කටුක ගනුදෙනුවක්. ඒ නිසා ඉතාමත ලස්සන ලෙස ගෙන එන කතාවක් මෙහි තියෙනවා කියලා මට දැනුනා. ඒ නිසා මට ඒක නිෂ්පාදනය කරන්න අවශ්‍ය වුණා."

xft433 කිරන් රාඕ සහ අමීර් ඛාන් දික්කසාදයෙන් පසුව දිගට ම එකට වැඩ කර ඇත
ඔහුගේ හිටපු බිරිඳ වන කිරන් රාඕ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු දැකීමට ඛාන්ට "දැඩි උනන්දුවක්" තිබිණි.

2005දී විවාහ වූ මෙම යුවළ 2021දී ඔවුන්ගේ වෙන්වීම නිවේදනය කළහ. නමුත් ඔවුන් වෘත්තීමය වශයෙන් සහ පෞද්ගලිකව සමීපව සිටියහ.

"මම හිතන්නේ මම කිරන්ව තෝරා ගත්තේ ඇය ඒකට ඉතා ම අවංක වෙනවා කියලා මම දැනගෙන හිටිය නිසා. මට අවශ්‍ය වුණෙත් ඒක තමයි." ඔහු පවසයි.

"අපි ඇත්තට ම හොඳ සම්බන්ධයක් තියෙනවා, අපි එකිනෙකාට ඇත්තට ම ආදරෙයි, අපි එකිනෙකාට ගරු කරනවා."

"අපගේ සම්බන්ධය සුළු වශයෙන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. නමුත් එයින් අදහස් වන්නේ අපට එකිනෙකා ගැන දැනෙන දේ නැති වෙලා කියලා වගේ දෙයක් නෙවෙයි."

කෙසේ වෙතත්, ඒ සියල්ල සරලව සිදුවූ දෙයක් නොවෙයි.

දර්ශන තලයේදී තර්ක ඇතිවූ බව ඛාන් පිළිගත්තේ ය.

"තර්කයකින් තොරව අපට චිත්‍රපටයක් කරන්න බැහැ. ඒ නිසා අපි හැම දෙයක් ගැන ම තර්ක කරනවා, අපට දැඩි මත තිබෙනවා," ඔහු පවසයි.

"නමුත් අපගේ සංවේදීතාවන් බොහෝ දුරට සමානයි. අපි මූලික දේවල් ගැන කතා කළේ නැහැ. අපි උත්සහ කරන්නේ සමහර විට අනෙක් පුද්ගලයාට යමක් ප්‍රකාශ කිරීමට වඩා හොඳ ක්‍රමයකින් ඒ දේ ඒත්තු ගන්වන්න."

ගෝලීය වේදිකාව මත බොලිවුඩය

s44sws Laapataa Ladiesහි නව මනාලියන් දෙදෙනෙකු නොදැනුවත්ව ම මාරු වෙයි
බොලිවුඩය සෑම වසරක ම චිත්‍රපට සිය ගණනක් නිපදවන අතර ලොව පුරා ඉන්දියානුවන් අතර ඊට විශාල රසික පිරිසක් සිටී.

චිත්‍රපට සහ නළු නිළියන් ඔවුන්ගේ රසිකයින්ගේ පරිකල්පනයට කරන බලපෑම අතිමහත් ය.

එම කර්මාන්තය මෑතකදී ඇකඩමි සම්මාන උළෙලේදී සාර්ථක වූ ඇති අතර, RRRහි Naatu Naatu ගීතය හොඳ ම ගීතය ලෙස සම්මාන දිනාගත් අතර The Elephant Whisperers හොඳ ම වාර්තා කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.

එහෙත් බොලිවුඩය තවමත් ජාත්‍යන්තර චිත්‍රපට අංශයෙන් ජයග්‍රහණය කර නොමැති අතර, ඛාන් පවසන්නේ දැඩි තරගය එයට හේතු වී ඇති බව ය.

"ඉන්දියාව වසර ගණනාවක් පුරා විශිෂ්ට චිත්‍රපට නිර්මාණය කර තිබෙනවා. ඉඳහිට නිවැරදි චිත්‍රපටය නොයැවීම හෝ හොඳ ම චිත්‍රපටය නොයැවීම ප්‍රශ්නයක්," ඔහු පවසයි.

"නමුත් අනෙක් අතට ඔබ තරග කරන්නේ චිත්‍රපට පහකට හෝ හයකට එරෙහිව නොවෙයි. ඔබ තරග කරන්නේ ලෝකයේ හොඳ ම චිත්‍රපට 80 හෝ 90කට ආසන්න ගණනක් එක්ක බව අපි තේරුම් ගත යුතුයි."

බොලිවුඩ් චිත්‍රපටයකට යම් දිනක හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගත හැකි ද යන්න සම්බන්ධයෙන් විමසු විට, ඛාන් පවසන්නේ එය "කළ හැකි" බව ය.

නමුත් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින් ප්‍රථමයෙන් ගෝලීය වෙළෙඳපොළක් සඳහා චිත්‍රපට නිෂ්පාදනය ආරම්භ කළ යුතු බව ඔහු තවදුරටත් පවසයි.

"මම කවදාවත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් දෙස බැලුවේ නැහැ," ඔහු පවසයි. "අපට අපේ ම විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්න නිසා ඒක අපේ මනසට එන්නේ නැහැ.

"ඒක සිද්ධ වෙන්නේ ඉන්දියානුවන් ලෝකයේ ඉන්න ප්‍රේක්ෂකයින් සඳහා චිත්‍රපට නිර්මාණය කිරීමට පටන් ගත් විට පමණයි. නමුත් අපි තවමත් ඒ සඳහා සූදානම් නැහැ."

'මම 6න් පස්සේ වැඩ කරන්නේ නැහැ'

දැනට, ඛාන් Laapataa Ladies සමග ව්‍යාපෘති රාශියක් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, 2025දී නිකුත් කිරීමට නියමිත ඔහුගේ මීළඟ චිත්‍රපටය Sitaare Zameen Par ද ඊට ඇතුළත් වේ.

තවදුරටත් විමසා බලන විට, ඔහු වසරකට එක් චිත්‍රපටයක් කිරීමට බලාපොරොත්තු වන අතර ඔහුගේ "සිහින ව්‍යාපෘතිය" ලෙස පුරාණ ඉන්දියානු වීර කාව්‍යය වන මහා භාරතය නිර්මාණය කිරීමට ද අපේක්ෂාවෙන් සිටී.

නමුත් චිත්‍රපට කේෂත්‍රයෙන් විශ්‍රාම නොගත් නිසා ඔහු විවිධ දේ කිරීමට අදිටන් කරගෙන සිටියි. නැවතත්, මෙය ඔහුගේ දරුවන්ගේ බලපෑමට ලක් විය.

"මගේ පුතා කිව්වා, 'ඔබ අන්තවාදී පුද්ගලයෙක්'," ඔහු පවසයි.

"ඔහු කිව්වා, 'ඔයා හරියට ඔරලෝසුවක බට්ටෙක් වගේ. ඔයා කළේ චිත්‍රපට, චිත්‍රපට, චිත්‍රපට විතරයි. දැන් ඔයාට ඕනේ චිත්‍රපට නොකර පවුලක්, පවුලක්, පවුලක් එක්ක ඉන්න. මැද තැනක් තියෙනවා. ඔයාට හිතලා බලන්න පුළුවන්."

ඛාන් පවසන්නේ තම පුතා තම ජීවිතයට "උත්සහ කර යම් සමබරතාවයක් ඇති කර ගන්නා ලෙස" ඔහුට පැවසූ බව ය.

"ඒ වගේ ම මම හිතුවා ඔහු හරි කියලා. ඉතින් එදා ඉඳන් මම උත්සහ කළේ ඒක තමයි. මම ඇත්තට ම මහන්සි වෙලා වැඩ කරන සමබර ජීවිතයක් ගත කරනවා, ඇත්තට ම මම, මම කරපු වැඩවලට වඩා ගොඩක් වැඩ කරනවා, නමුත් මම හවස 6න් පස්සේ වැඩ කරන්නේ නැහැ."

ඛාන් පවසන්නේ මානසික සෞඛ්‍ය පිළිබඳ කටයුතු කරන ඔහුගේ දියණිය අයිරාගේ උපකාරයෙන් ඔහු මෑත වසරවලදී මානසික චිකිත්සාව ද ආරම්භ කළ බව ය.

"මම හිතන්නේ ඒක මට ඇත්තට ම උදව් වුණු දෙයක්. ඒක ඇත්තට ම මට මාව වඩා හොඳින් තේරුම් ගන්න උදව් කළා."

"ඇත්ත වශයෙන් ම මම රැකියාව සහ පෞද්ගලික ජීවිතය අතර සමබරතාව සොයා ගනිමින් ඉන්නේ. ඒ නිසා මම දැන් එම අවකාශයට ළඟා වෙලා කියලා මට හැඟෙනවා.

 
සටහන | නූර් නැන්ජි සහ සාදියා ඛාන්
බීබීසී පුවත්
(BBC සිංහල සේවය)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...