BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

බෝම්බ පිපිරීමකින් රුසියානු න්‍යෂ්ටික ආරක්ෂක බලකායේ ප්‍රධානියා මරුට

T

The Leader Desk

December 17, 2024 • 3:18 PM

බෝම්බ පිපිරීමකින් රුසියානු න්‍යෂ්ටික ආරක්ෂක බලකායේ ප්‍රධානියා මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙසැම්බර් 17 වන දින රුසියාවේ මොස්කව්හිදී හමුදා නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා වූ පිපිරීමක දර්ශන
  • ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් රුසියානු න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක, රසායනික ආරක්ෂක බලකායේ (NBC) ප්‍රධානියා වන අතර ඔහු අලුයම නේවාසික ගොඩනැගිල්ලෙන් පිටව යමින් සිටියදී ස්කූටරයක සඟවා තිබූ බෝම්බයක් පුපුරුවා හැර ඇති බව රුසියානු විමර්ශන කමිටුව පවසයි.
  •   එම ස්ථානයේ ඇති පින්තූරවල දැක්වෙන්නේ ගොඩනැගිල්ලකට ඇතුළු වන දොරටුව දැඩි ලෙස හානි වී ඇති අතර බිත්තිවල පිළිස්සුම් සලකුණු සහ ජනේල බිඳී ගොස් ඇති බවයි.
  • ඒ , ඔහු යුක්රේනයේ රසායනික අවි භාවිතය සහ ක්‍රෙම්ලිනයේ දුස්තොරතුරු ප්‍රචාරණ ව්‍යාප්ත කිරීම අධීක්ෂණය කළ බව පවසමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මොස්කව්හි සිදුවූ පිපිරීමකින් රුසියානු සන්නද්ධ හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයෙකු සහ ඔහුගේ සහයකයා මිය ගොස් තිබේ.

ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් රුසියානු න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක, රසායනික ආරක්ෂක බලකායේ (NBC) ප්‍රධානියා වන අතර ඔහු අලුයම නේවාසික ගොඩනැගිල්ලෙන් පිටව යමින් සිටියදී ස්කූටරයක සඟවා තිබූ බෝම්බයක් පුපුරුවා හැර ඇති බව රුසියානු විමර්ශන කමිටුව පවසයි.

 

එම ස්ථානයේ ඇති පින්තූරවල දැක්වෙන්නේ ගොඩනැගිල්ලකට ඇතුළු වන දොරටුව දැඩි ලෙස හානි වී ඇති අතර බිත්තිවල පිළිස්සුම් සලකුණු සහ ජනේල බිඳී ගොස් ඇති බවයි. මාර්ගයේ මළ සිරුරූ දැමූ බෑග් දෙකක් දැකගත හැකි විය.

 

ඔක්තෝම්බර් මාසයේදී, බ්‍රිතාන්‍යය විසින් කිරිලොව්ට සම්බාධක පැනවිය. ඒ , ඔහු යුක්රේනයේ රසායනික අවි භාවිතය සහ ක්‍රෙම්ලිනයේ දුස්තොරතුරු ප්‍රචාරණ ව්‍යාප්ත කිරීම අධීක්ෂණය කළ බව පවසමිනි.

සඳුදා, යුක්රේනයේ රහස් ඔත්තු සේවය වන SBU ඔහුට නොමැතිව නඩු පැවරීම උදෙසා ඔහුට එරෙහිව චෝදනා ගොනු කළ අතර "තහනම් රසායනික අවි විශාල වශයෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු" බව ටෙලිග්‍රාම් හි ප්‍රකාශ කර තිබේ.

රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

රුසියාවේ ප්‍රධාන විමර්ශන අධිකාරිය වන විමර්ශන කමිටුව ප්‍රකාශ කළේ "සේවා භටයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩුවක් ආරම්භ කර ඇති" බවයි.

"විමර්ශකයින්, අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සහ මෙහෙයුම් සේවා එම ස්ථානයේ රාජකාරී කරමින් සිටිනවා," එම කමිටුව පවසයි.

"අපරාධයේ සියලු තොරතුරු නිශ්චය කිරීම සඳහා විමර්ශන සහ සෝදිසි කිරීම් සිදු වෙමින් පවතී."

 

mli

කොළ පැහැති මිලිටරි ඇඳුම් ඇඳ සිටින ඊගෝර් කිරිලොව් මාධ්‍ය හමුවකදී කතා කරමින්

 

බ්‍රිතාන්‍යයේ සම්බාධක යටතේ, කිරිලොව් වත්කම් අත්හිටුවීම සහ සංචාරක තහනමකට මුහුණ දුන්නේය, විදේශ කාර්යාලය ඔහුව හැඳින්වූයේ "ක්‍රෙම්ලිනයේ සාවද්‍ය තොරතුරුවල ප්‍රධාන ප්‍රවර්ධකයෙකු" ලෙසිනි.

"යුද උපක්‍රමයක්" ලෙස රුසියාව යුක්රේනය තුළ රසායනික අවි යොදවන බවට අමෙරිකාව මැයි මාසයේදී චෝදනා කළේ ඒවා භාවිතය තහනම් කර ඇති ජාත්යන්තර නීති උල්ලංඝනය කරන බව පවසමිනි.

රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ රුසියාව යුක්රේනයට එරෙහිව "යුද පිටියේ ජයග්‍රහණ" උදෙසා හුස්ම සිරකරන ක්ලෝරොපික්‍රින් භාවිතා කළ බවයි.

 

ක්‍රෙම්ලීනය එකල එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ඒවා "පදනම් විරහිත" ලෙස හඳුන්වමිනි.

(BBC සිංහල සේවය )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...