BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ගාසා තීරයේ පලස්තීන ඇමෙරිකානුවන් ඉවත් කර නොගැනීම අපරාධමය වරදක් -දිස්ත්‍රික් අධිකරණයක නඩු

T

The Leader Desk

December 20, 2024 • 9:47 AM

ගාසා තීරයේ පලස්තීන ඇමෙරිකානුවන් ඉවත් කර නොගැනීම අපරාධමය වරදක් -දිස්ත්‍රික් අධිකරණයක නඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ සිරවී සිටින පලස්තීන ඇමෙරිකානුවන් 09 දෙනෙක්, තමන් ඇතුළු සිය පවුල් සාමාජිකයින්, මෙතෙක් ගැටුම් සහිත ප්‍රදේශ වලින් මුදා නොගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයට එරෙහිව ඊයේ (19) අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට පියවර ගත්හ.
  • ඔවුන් අතර පලස්තීන සම්භවයක් සහිත ඇමෙරිකානුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද වන බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • වොෂින්ටනය, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාවන්ට සහාය දැක්වීමට විරෝධය පා පසුගිය අඟහරුවාදා (17) ද පලස්තීන පවුල් සාමාජිකයින් පිරිසක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පැවරූහ.
  •   රොයිටර්ස් පුවත් සේවය විසින් සිදුකළ විමසීමකදී, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියකු අධිකරණය ඉදිරියේ පවතින නඩු කටයුතු පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල-හමාස්  ප්‍රහාර හමුවේ, මේ වනවිට පලස්තීනුවෝ සිය දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව සිටිති. ඔවුන් අතර පලස්තීන සම්භවයක් සහිත ඇමෙරිකානුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද වන බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ගාසා තීරයේ, ඊශ්‍රායල සහ හමාස් ප්‍රහාරවලට මැදිව සිටින පලස්තීන ඇමෙරිකානුවන් වහා මුදා ගැනීමට පියවර නොගැනීම, ඔවුන් යුද පිටියේ අතරමන් කර හුදෙකලා කිරීම, එම අලස පියවර මගින් පලස්තීන සහ වෙනත් සම්භවයන් සහිත ඇමෙරිකානු පුරවැසියන් අවමානයට ලක් කිරීම යන චෝදනා පෙරදැරිව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණයේ එම නඩු පවරා තිබේ.

 

ගාසා ගැටුම්වලට මැදිව සිටින පුද්ගලයින් ඉන් මුදා ගැනීමට කඩිනම් පියවර නොගැනීම පිළිබඳව, මෙම සතියේ එක්සත් ජනපද රජයට එරෙහිව නඩු පැවරුණු දෙවන අවස්ථාව මෙය වේ. වොෂින්ටනය, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාවන්ට සහාය දැක්වීමට විරෝධය පා පසුගිය අඟහරුවාදා (17) ද පලස්තීන පවුල් සාමාජිකයින් පිරිසක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පැවරූහ.  

රොයිටර්ස් පුවත් සේවය විසින් සිදුකළ විමසීමකදී, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියකු අධිකරණය ඉදිරියේ පවතින නඩු කටයුතු පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කළේය. එහෙත්, ලොව පුරා සිටින ඇමෙරිකානු පුරවැසියන්ගේ ජීවිතාරක්ෂාව අතිශය ප්‍රමුඛ  කටයුත්තක් සේ සලකා ක්‍රියා කරන බව ඔහු පැවසී යැයි රොයිටර්ස් පවසයි.

 

gaza1212312

එක්සත් ජනපදයේ ඉලිනොයිස් හි දිස්ත්‍රික් අධිකරණයක් ඉදිරියේ, ඇමෙරිකානු ඉස්ලාමීය සබඳතා පිලිබඳ උපදේශන කවුන්සිලය විසින්, ඊයේ නඩු පැවරීම සිදු කෙරිණි. එක්සත් ජනපද ව්‍යවස්ථාව මගින්, සියලු ඇමෙරිකානු පුරවැසියන්ට ජීවිතාරක්ෂාව පිලිබඳ පවතින සමාන අයිතිවාසිකම්, එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්, ගාසා තීරයේ සිරවී සිටින පලස්තීන සම්භවයක් සහිත ඇමෙරිකානුවන් සම්බන්ධයෙන් උල්ලංඝනය කර ඇතැයි, එමගින් චෝදනා එල්ල කර තිබේ.

4556330 593026536

 

ඇමෙරිකානු පුරවැසියන් ගාසා තීරයෙන් ඉවත් කර ගැනීමේදී, පලස්තීන සම්භවයක් සහිත ඇමෙරිකානුවන්ට සමාන ප්‍රමුඛතාවක් ලබා දී නැතැයි, එම චෝදනා මගින් අවධාරණය කර ඇත. 

ගැටුම් පවතින කලාප ලෙස නම් කර ඇති, ඇෆ්ඝනිස්තානය, ලෙබනනය සහ සුඩානයෙන් ද මීට සමාන සිදුවීම් වාර්තාවන බව නඩු පවරුම්හි දක්වා තිබේ. එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන්, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, නඩුවේ ප්‍රධාන විත්ති කරුවන් ලෙස නම් කර ඇත.

ගාසා ඇතුළු ලොව පුරා ගැටුම් පවතින සියලු කලාප වෙතින්, ඇමෙරිකානුවන් ඉවත් කරගැනීමට පියවර ගෙන ඇතැයි, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

 

යුද්ධය අවසානයේ ගාසා තීරයේ පූර්ණ ආරක්ෂාව ඊශ්‍රායල හමුදා යටතට

ගාසා සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව, එහි යුද්ධයෙන් මේ වන විට, පලස්තීනුවෝ 45,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති. 

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලදැයි පැවසෙන සියලු සමූල ඝාතන සහ යුද අපරාධ චෝදනා ඊශ්‍රායල රජය ප්‍රතික්ෂේප කරයි. අඛණ්ඩ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ මිලියන 2.3 ක සමස්ත ජනගහනයම අවතැන්ව සිටිති. එහි අතිශය දරුණු දුර්භික්ෂයක් ද හටගෙන තිබේ.


(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...