BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

පාකිස්ථානයේ න්‍යෂ්ටික වැඩසටහන ගැන ඇමෙරිකාවේ නොසතුට

T

The Leader Desk

December 20, 2024 • 3:16 PM

පාකිස්ථානයේ න්‍යෂ්ටික වැඩසටහන ගැන ඇමෙරිකාවේ නොසතුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථානයේ න්‍යෂ්ටික වැඩසටහන, ඉදිරි ගෝලීය තර්ජනයක් විය හැකි බවට ඇමෙරිකාව අනතුරු අඟවයි. එරට දිගු දුර බැලස්ටික්
  • එහි නව මිසයිල ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන දිගු දුර බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්, ආසියාවෙන් බැහැර වෙනත් ඉලක්ක වෙත පහරදීමේ අරමුණු පිලිබඳ සැක මතු කර ඇතැයි, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.
  • එය ඇමෙරිකාවට ද  ඉදිරි තර්ජනයක් බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
  • 2021 වසරේ, ඇමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්තානයෙන් ඉවත් කර ගැනීමට පියවර ගැනීමත් සමග, වොෂින්ටනය සහ ඉස්ලාමාබාද් අගනුවර අතර පැවති සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බොහෝ සෙයින් දුරස් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

මිසයිල ශක්‍යතා ප්‍රවර්ධනය අන්තරායකාරී යැයි, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර තිබේ.

පාකිස්ථානය මේ වන විට, න්‍යෂ්ටික ශක්තිය සතු ආසියාවේ ප්‍රබල රාජ්‍යයකි. එහි නව මිසයිල ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන දිගු දුර බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්, ආසියාවෙන් බැහැර වෙනත් ඉලක්ක වෙත පහරදීමේ අරමුණු පිලිබඳ සැක මතු කර ඇතැයි, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. එය ඇමෙරිකාවට ද  ඉදිරි තර්ජනයක් බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

2021 වසරේ, ඇමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්තානයෙන් ඉවත් කර ගැනීමට පියවර ගැනීමත් සමග, වොෂින්ටනය සහ ඉස්ලාමාබාද් අගනුවර අතර පැවති සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බොහෝ සෙයින් දුරස් විය.

ඉන්දීය ආරක්ෂක වැඩපිළිවෙළට එදිරිව ප්‍රවර්ධනය කෙරෙමින් පැවති පාකිස්ථාන න්‍යෂ්ටික අවි නිෂ්පාදන සහ බැලස්ටික් මිසයිල වැඩසටහන, මේ වන විට, එම අරමුණින් බැහැරව වෙනත් සාධක ඉලක්ක කොට සිදු කෙරෙමින් පවතින බවට එක්සත් ජනපදය සැක පළ කරයි.

1947 සිට ඉන්දියාව සහ පාකිස්ථානය අතර දරුණු යුද ගැටුම් තුනක් සිදු විය.

පාකිස්ථානයේ සංකීර්ණ න්‍යෂ්ටික අවි ප්‍රවර්ධන වැඩසටහන, දිගු දුර බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්හි  සිට ඉතා විශාල සහ ප්‍රබල වාහක රොකට් ඇන්ජින් නිෂ්පාදනය තෙක් ව්‍යාප්තව  ඇතැයි, ජාත්‍යන්තර සාමය පිණිස වන කාර්නගී  ප්‍රදාන (Carnegie Endowment for International Peace) වැඩසටහනේ දී අදහස් දැක්වූ එක්සත් ජනපද නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක, ජෝන් ෆිනර් ප්‍රකාශ කළේය. නව  න්‍යෂ්ටික  ප්‍රවර්ධන සාර්ථක වුවහොත්, පාකිස්ථානයට දකුණු ආසියාවෙන් එපිට පිහිටි එක්සත් ජනපදය වැනි දුර  ඉලක්ක වෙත පහසුවෙන් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමේ ශක්‍යතා බිහි වනු ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

දැනට ඇමෙරිකාව වෙත න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් රටවල් අතලොස්ස අතර, පාකිස්ථානය නැගී එන තර්ජනයක් බව ෆිනර් පැවසීය.

මේ වන විට පාකිස්ථානයේ බැලස්ටික් මිසයිල වැඩසටහනට එරෙහිව ඇමෙරිකාව විසින් නව සම්බාධක රැසක් පනවා තිබේ. එම වැඩසටහන නිරීක්ෂණය භාර රාජ්‍ය ආරක්ෂක ඒජන්සියට එරෙහිව ද ප්‍රථම වරට, එම සම්බාධක ක්‍රියාත්මකය.

එක්සත් ජනපදයේ පිහිටි පාකිස්ථාන තානාපති කාර්යාලය ඒ පිලිබඳ මෙතෙක්, කිසිවක් නිවේදනය කර නොමැත.

ඉදිරි ඉන්දීය ආරක්ෂක තර්ජනයන්ට ශක්තිමත්ව මුහුණ දීම සහ කලාපීය ස්ථාවරත්වය පිණිස සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ ශක්තිමත් කරන බව පාකිස්ථානය ප්‍රකාශ කරයි. එම වැඩපිළිවෙල පිබඳ දිගු කලෙක සිට එක්සත් ජනපදය විමසිල්ලෙන් පසුවෙයි.  

පාකිස්ථාන න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ එක්සත් ජනපද අවධානය යොමු වූයේ මීට දශකයක පමණ කාලයකට පෙර  සිටය. පාකිස්ථානයේ  බැලස්ටික් මිසයිල වැඩසටහන යටතේ වඩා විශාල රොකට් මෝටර නිෂ්පාදනයට පියවර ගැනීමත් සමග ඒ පිලිබඳ ඇමෙරිකානු අවධානය තවත් ඉහළ ගොස් තිබේ.

අපේක්ෂිත සීමාවන්ගෙන් ඔබ්බට ගිය න්‍යෂ්ටික සහ මිසයිල ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් පිළිතුරු දෙන ලෙස, එක්සත් ජනපද බලපෑම් හමුවේ, පාකිස්ථානය තවදුරටත් මුනිවත රකිමින් සිටී.

 එරට න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහනට එරෙහිව පැනවූ නව එක්සත් ජනපද සම්බාධක, ඉන්දියාවට එරෙහි පාකිස්ථාන න්‍යෂ්ටික ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පනවන ලද සම්බාධක ලෙස වරදවා වටහා පාකිස්ථානය, චෝදනා නගන බවද ෆිනර් පැවසීය.  

එක්සත් ජනපදය සහ පාකිස්ථානය දිගු කලක් තිස්සේ, ත්‍රස්තවාදය වැළක්වීමේ සහ ආරක්ෂාව තර කිරීමේ ද්වීපාර්ශ්වීය වැඩසටහනක සමීප හවුල් කරුවන් ලෙසද කටයුතු කළහ. එවන් පසුබිමක සිට, පාකිස්ථානය,  එක්සත් ජනපදයට තර්ජනයක් කෙරෙන ආකාරයේ ආරක්ෂක වැඩපිළිවෙළකට පිළිපන්නේ මන්දැයි ෆිනර් ප්‍රශ්න කර සිටී.

පාකිස්ථානයේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වන ඉන්දියාව සමග ඇමෙරිකානු බයිඩන් රජය ද්වීපාර්ශ්වීය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තර කිරීම සම්බන්ධයෙන් ද  පාකිස්ථානය කනස්සල්ලට පත්ව සිටී.

 ඉන්දියාවේ ප්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම් පිපිරීමට විසි වසරකට පසුව 1998 දී පාකිස්ථානය සිය පළමු න්‍යෂ්ටික අවි පරික්ෂාව සිදු කළේය. ඉන් පසු, න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකි අඛණ්ඩ බැලස්ටික් මිසයිල ප්‍රවර්ධනය එරට ආරක්ෂක වැඩපිළිවෙළේ මුඛ්‍ය අංගයක් විය.

මේ වන විට පාකිස්ථානය සතුව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් බැලස්ටික් මිසයිල 170කට අධික සංචිතයක් පවතින බව ඇමෙරිකාවේ  විශ්වාසයයි.

1979-89 කාල වකවානුව තුළ ඇෆ්ඝනිස්ථානයේ රුසියානු හමුදා රැඳී සිටි සමයේ, ඇෆ්ඝන් කැරලි කරුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ පාකිස්ථානය සම්බන්ධ සීතල යුද තත්ත්වයක් ද නිර්මාණය විය.

2001 සැප්තැම්බර 11 දා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වීමත් සමග අල් ඛයිඩා ත්‍රස්තවාදීන් මර්ධනය පිණිස පාකිස්ථානය, එක්සත් ජනපදයට වෙසෙස් සහායක් ලබා දුන්නේය. 2004 සිට පාකිස්ථානය නැටෝ (NATO) සංවිධාන සාමාජිකත්වය රහිත විශේෂ පාර්ශ්වකරුවෙක් වශයෙන්ද කටයුතු කරයි.

එහෙත්, 1996-2001 කාලයේ ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලනයට පාකිස්ථාන හමුදා කුමන්ත්‍රණකාරී ලෙස සහාය පළ කිරීමත්, එම හමුදා පාකිස්ථාන න්‍යෂ්ටික වැඩපිළිවෙළට රහසිගතව අත පෙවීමත් සම්බන්ධයෙන් යළිත් වරක් එක්සත් ජනපද-පාකිස්ථාන අර්බුද මතු විය.

(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...