එල්ල කෙරුණු එම ප්‍රහාරයෙන් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මිය ගිය වැඩි පිරිස කාන්තාවෝ සහ කුඩා ළමෝ වෙති. ඇෆ්ඝනිස්තානයේ ප්‍රදේශ හතරක් ඉලක්ක කර එල්ල කෙරුණු එම ප්‍රහාර වලින් සය දෙනකු තුවාල ලැබීය.
පාකිස්ථාන රජය හෝ හමුදා බලධාරීන් ප්‍රහාරය පිලිබඳ කිසිවක් මෙතෙක් අනාවරණය කර නැත.
ප්‍රහාරයට විරෝධය පා ඉස්ලාමාබාද් අගනුවර වෙත විධිමත් ලිපියක් නිකුත් කරන ලෙස කාබුල් අගනුවර සිටින පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානියා වෙත දන්වා යැවූ බව ඇෆ්ඝන් රජය පවසයි.
ප්‍රහාරය, සියලු, ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කරමින් සිදු කළ බවට ද ඇෆ්ඝන් රජය චෝදනා කරයි. ඉස්ලාම් අධිරාජ්‍යය එම ප්‍රහාරය පිළිබඳව මුනිවත රැකීමට කිසිසේත් සූදානම් නැති බව එහි සඳහන්වේ.
ඇෆ්ඝනිස්තානයේ පිහිටි පාකිස්ථාන තලෙයිබාන් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක (TTP) කඳවුරක් ඉලක්ක කොට එම ප්‍රහාර එල්ල කළ බව නම් සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ පාකිස්ථාන රාජ්‍ය නිලධාරියකු පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය ප්‍රකාශ කරයි.
තලෙයිබාන්වරු ඇෆ්ඝනිස්තානයේ කළා මෙන්, පාකිස්ථානයේ ද දැඩි ඉස්ලාම් ආගමික නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් යට කී සන්නද්ධ කණ්ඩායම ක්‍රියාත්මක බව එම රාජ්‍ය නිලධාරියා විසින් ප්‍රකාශ කර තිබේ.
පසුගිය සෙනසුරාදා ( 21), එම සන්නද්ධ කල්ලිය විසින් ඇෆ්ඝනිස්තානයේ, පාකිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි සිය කඳවුරේ සිට එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්ථාන හමුදා සාමාජිකයින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී යැයි පාකිස්ථාන රජය පැවසීය.
පසුගිය මාර්තු මස පාකිස්ථාන ගුවන් ප්‍රහාර දෙකකින් ඇෆ්ඝනිස්තානයේ කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවට තලෙයිබාන් පාලනය විරෝධය ප්‍රකාශ කර සිටියේය. සිය රටට එරෙහි ත්‍රස්ත සංවිධාන පිලිබඳ බුද්ධි තොරතුරු මත එම ප්‍රහාර එල්ල කල බව පාකිස්ථාන රජය කියා සිටී.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)
පාකිස්ථානය ඇෆ්ඝනිස්තානයට බෝම්බ හෙලයි
T
The Leader Desk
December 26, 2024 • 2:57 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පාකිස්ථාන ගුවන් හමුදා යානා පෙරේදා (24) ඇෆ්ඝනිස්තානය වෙත බෝම්බ හෙලීය. එරට නැගෙනහිර කලාපයේ පිහිටි පක්ටිකා (Paktika) වෙත
- ප්‍රහාරයට විරෝධය පා ඉස්ලාමාබාද් අගනුවර වෙත විධිමත් ලිපියක් නිකුත් කරන ලෙස කාබුල් අගනුවර සිටින පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානියා වෙත දන්වා යැවූ බව ඇෆ්ඝන් රජය පවසයි.
- ප්‍රහාරය, සියලු, ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කරමින් සිදු කළ බවට ද ඇෆ්ඝන් රජය චෝදනා කරයි.
- ඉස්ලාම් අධිරාජ්‍යය එම ප්‍රහාරය පිළිබඳව මුනිවත රැකීමට කිසිසේත් සූදානම් නැති බව එහි සඳහන්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


