BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

අල්ලස් ගැනීම සහ පක්ෂාධාර අවභාවිතා කළ හිටපු තායිපේ නගරාධිපතිවරයකුට නඩු

T

The Leader Desk

December 26, 2024 • 8:20 AM

අල්ලස් ගැනීම සහ පක්ෂාධාර අවභාවිතා කළ හිටපු තායිපේ නගරාධිපතිවරයකුට නඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිවාන නඩු පැවරුම් නිලධාරීහු, හිටපු තායිපේ නගරාධිපතිවරයකුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග වලට එළැඹෙති.
  •   තායිවාන මහජන පක්ෂය (TPP) නම්, සුළුතර  විපක්ෂයක  නායක ධුරයක් ද හොබවන කෝ වෙන්ජේ (Ko Wen-je) නම් ඔහු, 2014 -  2022 කාලයේ තායිපේ නගරාධිපති ධුරය හෙබවීය.
  • දේපල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, වෙළඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නගරාධිපති ලෙස ඔහුගේ අනුමැතිය හිමි විය.
  • පක්ෂ ආධාර ලෙස ලැබුණු  තායිවාන ඩොලර් මිලියන 18 ක මුදලක්  අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙන්ම  ඔහුගේ පක්ෂ සාමාජිකයින් පිරිසකට  ද චෝදනා එල්ල වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට අගනුවර ප්‍රධාන පෙළ දේපල සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර්  522,392 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සහ දේශපාලන ආධාර අවභාවිතා කිරීම  යටතේ ඔහුට එරෙහි එම නීතිමය පියවර ගෙන තිබේ.

 

තායිවාන මහජන පක්ෂය (TPP) නම්, සුළුතර  විපක්ෂයක  නායක ධුරයක් ද හොබවන කෝ වෙන්ජේ (Ko Wen-je) නම් ඔහු, 2014 -  2022 කාලයේ තායිපේ නගරාධිපති ධුරය හෙබවීය. ඔහු එම පක්ෂයේ නිර්මාතෘ ද වේ.

Ko Wen je කෝ වෙන්ජේ

පසුගිය  ජනවාරි මස පැවති එරට ජනපතිවරණයෙන්, ඔහු තෙවන ස්ථානය දිනාගත්තේය. තායිවාන විමර්ශන නිලධාරීහු ඔහුගේ නිවස සහ පක්ෂ කාර්යාලය දැඩි සෝදිසි කිරීමට ලක් කළ අතර පැය ගණනක  දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව, ඉකුත් අගෝස්තු මස ඔහුව අත්අඩංගුවට ගැනිණි.

 

එම දේපල සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව තමාට එල්ල වන චෝදනා සියල්ල ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. දේපල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, වෙළඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නගරාධිපති ලෙස ඔහුගේ අනුමැතිය හිමි විය. පක්ෂ ආධාර ලෙස ලැබුණු  තායිවාන ඩොලර් මිලියන 18 ක මුදලක්  අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙන්ම  ඔහුගේ පක්ෂ සාමාජිකයින් පිරිසකට  ද චෝදනා එල්ල වී තිබේ.


පසුගිය ජනපතිවරණයට අදාලව  මැතිවරණ  අරමුදල් ගණනය කිරීම් සම්බන්ධ වාර්තා සාවද්‍ය තොරතුරු මත පදනම් ව නිකුත් කර  ඇතැයි, ඔහු සහ එම පක්ෂ සාමාජිකත්වය චෝදනා කර සිටිති.    

 

ea35d250 c33a 11ef bce1 b954365dda8f.jpgපසුගිය ජනපතිවරණයට අදාලව  මැතිවරණ  අරමුදල් ගණනය කිරීම් සම්බන්ධ වාර්තා සාවද්‍ය තොරතුරු මත පදනම් ව නිකුත් කර  ඇතැයි, ඔහු සහ එම පක්ෂ සාමාජිකත්වය චෝදනා කර සිටිති.    

ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් කෝ හට  වසර 28ක සිර දඬුවම් පමුණුවන ලෙස නීතිවේදීහු අධිකරණයෙන්  ඉල්ලා සිටිති. තායිවාන ඩොලර් බිලියන ගණනක්,  කුඩා සාමූහිකයක් වෙනුවෙන් අනීතිකව පරිහරණය කර ඇති බවට  එම චෝදනා මගින් කරුණු දක්වා තිබේ. පක්ෂ ආධාර ලෙස ලද තායිවාන ඩොලර් මිලියන ගණනක් ඔහු විසින් අවභාවිතා  කර ඇති බවටද තායිපේ දිස්ත්‍රික් නඩු පැවරුම් නිලධාරී කාර්යාලය අද  නිවේදනය කළේය.

හිටපු නගරාධිපතිවරයා 2028 මීළඟ තායිවාන ජනපතිවරණ ජය අපේක්ෂාවෙන් කටයුතු කරමින් සිටී. එහෙත්, නව චෝදනා හමුවේ, ඔහු අපේක්ෂා භංගත්වයට පත්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. තායිවාන දේශපාලනයේ තෙවන බලවේගය බවට පත් වීමේ අපේක්ෂාවෙන්  2019 දී ඔහුගේ තායිවාන මහජන පක්ෂය ආරම්භ කෙරිණි. ආසන 113ක් සහිත එරට පාර්ලිමේන්තුවේ එම පක්ෂය දිනා ඇත්තේ ආසන 8ක් පමණි.


(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අල්ලස් ගැනීම සහ පක්ෂාධාර අවභාවිතා කළ හිටපු තායිපේ නගරාධිපතිවරයකුට නඩු | The Leader