BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා ජනමාධ්‍යවේදීන් පස් දෙනෙක් මරුට

T

The Leader Desk

December 26, 2024 • 9:39 AM

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා ජනමාධ්‍යවේදීන් පස් දෙනෙක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද හිමිදිරි උදෑසන ගාසා තීරයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ජනමාධ්‍යවේදීන් පස් දෙනකු ඇතුළු දස දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එහි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.
  • ප්‍රහාර හේතුවෙන් ඔවුන් ගමන්ගත් මෝටර් රථය විනාශයට පත්ව තිබේ.  ඔවුන් අල්-ඛඩ්ස් අල්-යොවුම් (Al-Quds Al-Youm) රූපවාහිනියට අයත් ජනමාධ්‍යවේදී කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසක් බව වාර්තා වේ.
  • ගුවන් ප්‍රහාරයෙන් විනාශයට පත් ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් හේතුවෙන්, මරණ  සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
  • ගාසා තීරයේ සටන් විරාම ප්‍රවර්ධනය  කඩාකප්පල් කිරීම පිළිබඳව ඊයේ (25) පලස්තීන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකිනෙකාට චෝදනා එල්ල කළහ.  (Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)
අකුරු ප්‍රමාණය (Font Size):
මධ්‍යම ගාසා තීරයේ නුසෙරත් හි අලවුදා රෝහල් පරිශ්‍රය ආසන්නයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ එම ජනමාධ්‍යවේදීන් පිරිස මරණයට පත්විය. ප්‍රහාර හේතුවෙන් ඔවුන් ගමන්ගත් මෝටර් රථය විනාශයට පත්ව තිබේ. 


ඔවුන් අල්-ඛඩ්ස් අල්-යොවුම් (Al-Quds Al-Youm) රූපවාහිනියට අයත් ජනමාධ්‍යවේදී කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසක් බව වාර්තා වේ.

 

ඔවුන් ගමන් කළ මෝටර් රථයේ "මාධ්‍යය" (PRESS) යනුවෙන් පැහැදිලිව සටහන් කර තිබූ බවත්, රෝහලේ සහ නුසෙරත් කඳවුරේ සිට තොරතුරු වාර්තා කිරීම පිණිස ජනමාධ්‍යවේදීන් විසින් එම රථය භාවිතා කරමින් පැවති බවත්, පලස්තීන මාධ්‍ය සහ ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියා සිටිති. 

journalists3445

 

එහෙත්, එම රථය තුළ වූ ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ සටන් කරුවන් ඉලක්ක කොට ගුවනේ සිට ඒ වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ. 

ගාසා නගරයට එල්ල කළ තවත්  ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, පුද්ගලයින් පස් දෙනෙක් මියගොස් 20කට අධික පිරිසක් තුවාල ලදහ. ගුවන් ප්‍රහාරයෙන් විනාශයට පත් ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් හේතුවෙන්, මරණ  සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ගාසා තීරයේ සටන් විරාම ප්‍රවර්ධනය  කඩාකප්පල් කිරීම පිළිබඳව ඊයේ (25) පලස්තීන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකිනෙකාට චෝදනා එල්ල කළහ. 

(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා ජනමාධ්‍යවේදීන් පස් දෙනෙක් මරුට | The Leader