BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඊශ්‍රායල හමුදා ගාසාහි කාමල් අද්වාන් රෝහල වනසති

T

The Leader Desk

December 28, 2024 • 5:55 AM

ඊශ්‍රායල හමුදා ගාසාහි කාමල් අද්වාන් රෝහල වනසති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා ඊයේ (27) උතුරු ගාසා තීරයේ කාමල් අද්වාන් රෝහල යළිත් වරක් ආක්‍රමණය කළහ. එය උතුරේ පවතින වෛද්‍යාධාර මධ්‍යස්ථාන තුනෙන් එකක් වේ.
  • ගාසා තීරයේ වෙනත් ප්‍රදේශ වල සිදු කළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ 25 දෙනකුට අධික පිරිසක් ද ජීවිතක්ෂයට පත් වූහ.
  • ඉන්, 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූයේ එකම නිවෙසක් තුළය.
  • උතුරේ බෙයිට් ලහියා හි පිහිටි කාමල් අද්වාන් රෝහල් කාර්යමණ්ඩලය සමග සබඳතා මේ වන විට ඇණහිට ඇතැයි, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


රෝගීන් ඇතුළු එහි රැඳී සිටි සිය ගණනක් පුද්ගලයින්ට වහා ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදා අණ කළ අතර පසුව එහි එක් කොටසකට ගිනි ලෑහ.

ගාසා තීරයේ වෙනත් ප්‍රදේශ වල සිදු කළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ 25 දෙනකුට අධික පිරිසක් ද ජීවිතක්ෂයට පත් වූහ. ඉන්, 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූයේ එකම නිවෙසක් තුළය.

උතුරේ බෙයිට් ලහියා හි පිහිටි කාමල් අද්වාන් රෝහල් කාර්යමණ්ඩලය සමග සබඳතා මේ වන විට ඇණහිට ඇතැයි, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. රෝහල් අධ්‍යක්ෂ, අබු සෆියා (Abu Safiya) අතුළු කාර්ය මණ්ඩලය ඊශ්‍රායල හමුදා රැඳවුම් භාරයේ පසුවන බව වාර්තා වේ.

 



ඊශ්‍රායල හමුදා එම රෝහල ගිනි බත් කරමින් ඇතැයි, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂ මුනීර් අල්-බර්ෂ් ( Munir Al-Bursh ) පැවසීය.

රෝහල් මෙහෙයුමට පෙර එහි සහ අවට සියලු සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කළ බවත්, බාධා නොවන පරිදි  එහි නේවාසික රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුළු අනෙකුත් සිවිල් ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බවත්, ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.

මීට පෙර ගාසා තීරය පාලනය කළ පලස්තීන සන්නද්ධ සටන්කරුවන් දැන්, එම රෝහල තුළ රැඳී සිටිමින් ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල හමුදා පවසති. යුද්ධය පුරාවට එම පරිශ්‍රය ඔවුන්ගේ බල ප්‍රදේශයක්ව පැවති බව එම හමුදා චෝදනා කරති.

හමාස් සංවිධානය එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඊයේ, රෝහල් පරිශ්‍රය ආක්‍රමණය කළ ඊශ්‍රායල හමුදා එහි ශල්‍යාගාරය, වෛද්‍ය පර්යේෂණාගාරය සහ ඖෂධ ගබඩාව ද ගිනි තබා විනාශ කළ බව හමාස් සංවිධානය විසින් පත් කළ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය යූසෙෆ් අබු එල්-රිෂ් (Youssef Abu El-Rish) පැවසීය.


kamal hospital

 


එය අසත්‍යයක් බවත්, රෝහල තුළ වූ හිස් ගොඩනැගිල්ලක හටගත් සුළු ගින්නක් මේ වනවිට, පාලනය කර ඇති බවත්, ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරති. හමුදා වෙඩි ප්‍රහාර වලින් ගින්න හටගත් බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන එම හමුදා, එවැනි වෙඩි තැබීමක් සිදු නොවූ බව අවධාරණය කරති.

ගාසා තීරයේ පිහිටි ඉන්දොනේසියන් (Indonesian) සහ අලවුදා (Al-Awda) රෝහල් පරිශ්‍ර මෙන්, කාමල් අද්වාන් රෝහලද නිරන්තර ඊශ්‍රායල ප්‍රහාරවලට සහ ආක්‍රමණයට ලක්වූවකි. පසු ගිය සති කිහිපය පුරාවට උතුරු ගාසා තීරය අඛණ්ඩ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලට නතුව පවතී.

ඊයේ, කාමල් අද්වාන් රෝහල වෙත ඊශ්‍රායල හමුදා කඩා වැදීමත් සමග, එහි නේවාසික රෝගීන් 75 දෙනෙක්, ඔවුන් සමග සිටි පවුල් සාමාජිකයින් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 185 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 350කට අධික පිරිසකට වහා ඉන් ඉවත්ව, අසල පාසලක පහිටි අවතැන් මධ්‍යස්ථානයකට පලා යන ලෙස එම හමුදා අණ කළහ.

ඊශ්‍රායල හමුදාව,  ඇතැම් නේවාසික රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ඉන්දොනේසියන් රෝහල වෙත මාරු කර යැවීමට ද පියවර ගත බව පලස්තීන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. එහෙත්, ඊට පෙර දින (26) එම හමුදා ප්‍රහාර වලට ලක්ව දැඩි අලාභ හානියට පත් එම රෝහලද, මේ වන විට අක්‍රීයව පවතී.


කාමල් අද්වාන් රෝහල් පරිශ්‍රයෙන් විශාල කළු දුමාරයක් ඉහළට නැගෙන වීඩියෝ දර්ශන පලස්තීන සහ අරාබි මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

 


උතුරු ගාසා තීරයේ ජබාලියා, බෙයිට් හැනෞන් සහ බෙයිට් ලහියා යන නගර මුළුමනින්ම ජන ශුන්‍ය කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් එය ඉතා විධිමත්ව සිදු කළ උපක්‍රමික මෙහෙයුමක් බවත්, යුද්ධයේ අවසන, එම සමස්ත කලාපය හුදෙකලා සහ  මුක්ත කලාපයක් බවට පත් කිරීම ඔවුන්ගේ එකම අභිලාශය බවත්, පලස්තීන මාධ්‍ය පවසයි.

හමාස් සටන්කාමීන් යළි ඒකරාශී වීම වැලැක්වීම පිණිස, එසේ සිදු කළ බව සහ, යුද්ධය කෙළවර එම සියලු කලාපය ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවත්වා ගැනීමට පියවර ගන්නා බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරති.

ඉකුත් බ්‍රහස්පතින්දා (26), උතුරේ කාමල් අද්වාන් රෝහල වෙත එල්ල කළ ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාර වලින්, ළදරු විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලයේ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එහෙත්, එවැනි වෙඩි තැබීමක් පිලිබඳ අවබෝධයක් නැතැයි පැවසූ ඊශ්‍රායල හමුදා, ඒ පිලිබඳ වෙනම විමර්ශනයක් සිදු කරන බව ද කියා සිටියහ.

gettyimages 2190765680 restricted

රෝහල විනාශ කිරීම පිලිබඳ හමාස් සංවිධානය, ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට චෝදනා එල්ල කර සිටී.  

වසරක පමණ ගාසා යුද්ධයෙන් මේ වනවිට, පුද්ගලයින් 45,300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව එහි, මිලියන 2.3 ක සමස්ත ජනගහනයම අවතැන්ව සිටිති.


(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...