BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතු බව ඇමෙරිකාව කියයි

T

The Leader Desk

December 28, 2024 • 2:46 PM

අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතු බව ඇමෙරිකාව කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් දෙසැම්බර් 25 වැනිදා කඩා වැටුණු අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය
  • එක්සත් ජනපදය "මූලිකව පෙනීයන දෑ" නීරීක්ෂණය කර ඇතැයි ඔහු කියා සිටියේ ය.
  • කිර්බි වැඩිදුර විස්තර හෙළි නොකළ නමුත් ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ අනතුර පිළිබඳ විමර්ශනයට සහාය දීමට එක්සත් ජනපදය ඉදිරිපත් වූ බවයි.
  • යානය කැස්පියන් මුහුද හරහා කසකස්තානයට හරවා යැවීමට පෙර චෙච්නියාවට ගොඩබෑමට උත්සාහ කිරීමේදී රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවල වෙඩි තැබීමට ලක්ව ඇතැයි සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බිම හෙළීමට රුසියාව වගකිව යුතු බව ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි පැවසීය.

එක්සත් ජනපදය "මූලිකව පෙනීයන දෑ" නීරීක්ෂණය කර ඇතැයි ඔහු කියා සිටියේ ය.

කිර්බි වැඩිදුර විස්තර හෙළි නොකළ නමුත් ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ අනතුර පිළිබඳ විමර්ශනයට සහාය දීමට එක්සත් ජනපදය ඉදිරිපත් වූ බවයි.

යානය කැස්පියන් මුහුද හරහා කසකස්තානයට හරවා යැවීමට පෙර චෙච්නියාවට ගොඩබෑමට උත්සාහ කිරීමේදී රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවල වෙඩි තැබීමට ලක්ව ඇතැයි සැලකේ.

ක්‍රෙම්ලිනය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත, නමුත් රුසියාවේ සිවිල් ගුවන් සේවා ඒජන්සියේ ප්‍රධානියා පැවසුවේ කලාපයට යුක්රේන ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් චෙච්නියාවේ තත්ත්වය "ඉතා සංකීර්ණ" බවයි.

කසකස්ථාන ගුවන් අනතුරින් පුද්ගලයින් 38 දෙනෙකු මරුට


කසකස්තානයේ ගුවන් අනතුර සිදුවූ ස්ථානයේ හදිසි සේවා කාර්ය මණ්ඩලය කටයුතු කරන ආකාරය


කසකස්ථානයේදී යානය කඩා වැටීමෙන් පුද්ගලයින් රැසක් දිවි බේරා ගෙන ඇතැයි එරට බලධාරීහු පවසති.

කසකස්ථාන බලධාරීන් පැවසුවේ මෙම ගුවන් අනතුරින් පුද්ගලයන් 38 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ගුවන් යානය ගමන් ආරම්භ කළ අසර්බයිජානයේ බලධාරීන් පවසන්නේ අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු දිවි බේරා ගෙන ඇති බවයි.

අසර්බයිජාන් ගුවන් සේවය (Azerbaijan Airlines) විසින් මෙහෙයවනු ලබන ගුවන් යානය අක්තාවු නගරය ආසන්නයේදී කඩා වැටීමත් සමග ගිනි ගෙන ඇති නමුත් පසුව ගින්න නිවා දමා ඇති බව බලධාරීහු පවසති.

රොයිටර් පුවත් ඒජන්සිය විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ යානය ගොඩබෑම සඳහා සූදානම් වන අවස්ථාවේ යානය අධික වේගයෙන් පොළව දෙසට පහත් කරන ආකාරයයි.

එය ගොඩබෑමට තැත් කිරීමට පටන් ගෙන තත්පර කිහිපයකට පසු විශාල ගිනි බෝලයක් ලෙස පුපුරා ගොස් තිබේ.

රුසියානු මාධ්‍ය වාර්තා පවසන්නේ යානය කඩා වැටීමට පෙර කුරුල්ලන් රංචුවක ගැටී ඇති බවය. එහෙත් එය මෙතෙක් තහවුරු වී නොමැත.

cfy5y6g
එම්බ්‍රේර් 190 ගුවන් යානයේ මගීන් 62 ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිටි බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

යානයේ සිටි අයගෙන් වැඩි දෙනෙක් බොහෝ දුරට අසර්බයිජානියානු ජාතිකයන් වූ නමුත් රුසියාව, කසකස්තානය සහ කිර්ගිස්තානය යන රටවලින් පැමිණි සමහර මගීන් ද එහි සිටි තිබේ.

අසර්බයිජාන් ගුවන් සේවයේ J2-8243 දරන ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන බකු සිට රුසියාවේ ග්රෝස්නි දක්වා පියාසර කරමින් තිබී ඇති අතර මීදුම නිසා එය වෙනත් නගරයකට හරවා යවා ඇති බව වාර්තා වේ.

අක්තාවු ගුවන් තොටුපළ විවෘතව පවතින අතර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.

අසර්බයිජානය සහ කසකස්තානය යන රටවල් දෙකම අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

යානය නිෂ්පාදනය කර ඇති එම්බ්‍රේර් සමාගම බීබීසීයට පැවසුවේ "අදාළ සියලු බලධාරීන්ට සහාය වීමට සූදානම්" බවයි.

(සටහන | සොෆියා ෆෙරේරා සැන්ටෝස්)
බීබීසී පුවත්
BBC සිංහල සේවය

සබැඳි ලිපියක් :
දකුණු රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් අතරේ අසර්බයිජාන මගී ගුවන් යානයක් කඩා වැටේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...