BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

'සනා ගුවන්තොට ප්‍රහාරය මරණාසන්න අත්දැකීමක්' - ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී

T

The Leader Desk

December 29, 2024 • 5:03 AM

'සනා ගුවන්තොට ප්‍රහාරය මරණාසන්න අත්දැකීමක්' - ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යේමනයේ සනා ගුවන්තොටුපොළට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජීවිතාශාව අත්හළ බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී තෙද්‍රොස් අධනොම් ගෙබ්‍රෙයේසස් (Tedros Adhanom Ghebreyesus) පවසයි.
  • ගුවන්තොටුපොළ වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් බෝම්බ ප්‍රහාරය කන් බිහිරි කරවනසුළු, අතිශය බිහිසුණු ප්‍රහාරයක් බව ගෙබ්‍රෙයේසස් කියා කියා සිටී.
  • දින කිහිපයකට පසුව තවමත් එහි දෝංකාරය දෙසවන "රැව් පිළිරැව්" දෙන බව ඔහු පවසයි.
  •      මුල් ප්‍රහාරයත් සමගම, ගුවන්තොටුපොළ දැවැන්ත ප්‍රහාරයකට ලක්වන බව වැටහී ගියැයි ඔහු කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල හමුදා නත්තලට පසු දින එනම්, පසු ගිය බ්‍රහස්පතින්දා, (26) ඉරාන හිතවාදී යේමනයේ හුති ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. සනා (Sanaa) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එහි ප්‍රධාන ඉලක්කයක් විය.

එරට අත්අඩංගුවේ පසුවන එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සහ අනෙකුත් සිවිල් පිරිස් මුදා ගැනීමේ සාකච්ඡා සහ එහි මානුෂීය තත්ත්වය පිරික්සීමට හිටපු ඉතියෝපියානු විදේශ අමාත්‍යවරයකු ද වන ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී, ගෙබ්‍රෙයේසස් ඇතුළු විශේෂ දූත පිරිසක් නත්තල් නිවාඩුවේ යේමනයට පැමිණ සිටියහ.  ඒ, දින දින වර්ධනයවන ගැටුම්කාරී වාතාවරණය හමුවේ එල්ල විය හැකි ජීවිත තර්ජනද නොතකමිනි.

ගුවන්තොටුපොළ වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් බෝම්බ ප්‍රහාරය කන් බිහිරි කරවනසුළු, අතිශය බිහිසුණු ප්‍රහාරයක් බව ගෙබ්‍රෙයේසස් කියා කියා සිටී. දින කිහිපයකට පසුව තවමත් එහි දෝංකාරය දෙසවන "රැව් පිළිරැව්" දෙන බව ඔහු පවසයි.   

 



මුල් ප්‍රහාරයත් සමගම, ගුවන්තොටුපොළ දැවැන්ත ප්‍රහාරයකට ලක්වන බව වැටහී ගියැයි ඔහු කියයි. එහි සිටි මගීන් ඇතුළු සියළු දෙනා හිස් ලූ ලූ අත පලා යන්නට වූ බවත්, "එක පිට එක" එල්ල කළ බෝම්බ ප්‍රහාර හතරෙන් එකක් තමා ඇතුළු පිරිස අසුන්ගෙන සිටි පිටත්වීමේ පර්යන්තයට ඉතා ආසන්නයේ, බිම  පතිත වී පුපුරා ගිය බවත් ඔහු පවසයි.

"ඒ අවස්ථාවේ මට ජීවිතය බේරාගැනීම ගැන තිබුණු 'අබ මල් රේණුවක' විශ්වාසයත් නැතිව ගියා. වෙනත් විදිහකින් කියනවානම්, ඒ තමයි මරණ බිය. තව පොඩ්ඩක් 'එහෙ මෙහෙ' වුණා නම් අපි ඉවරයි," ඔහු රොයිටර්ස් පුවත් සේවයට කියා සිටියේය.

ප්‍රහාරයෙන් පසු, ඉදිරි පැය කිහිපය ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපොළේ සිරවූ බව ගෙබ්‍රෙයේසස් පවසයි. ඉහළ අහසේ ඩ්‍රෝන යානා පියාසර කරනු ඇසුණු බවත්, තවත් ප්‍රහාරයක් අත ළඟ යැයි දැනුණු  බවත් ඔහු කියයි. බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර මිසයිල කොටස් හඳුනාගත හැකි වූ බවද ඔහු පවසයි. 

"කිසිවකුට මුවා වීමට සෙවණක් හෝ අන් පිළිසරණක් තිබුණේ නැහැ. සියල්ල එසැනින් විනාශව ගියා. අප සියළු දෙනා අනාරක්ෂිත නිරාවරණයකට පත් වුණා. ඕනෑම දෙයක් සිදු වීමට ඉඩ සලසා බලා සිටිනවා හැර කළ හැකි අන් කිසිවක් තිබුණේ  නැහැ," යි ඔහු කියා සිටී. 

 



ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පලකිරීමට යැයි පවසා, යේමනයේ හුති ත්‍රස්තයින්, ඊශ්‍රායලය දෙසට දිගින් දිගටම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම හමුවේ, ඊශ්‍රායලයේ කේන්තිය පුපුරා ගියේය. 

යේමන ගුවන් තොටුපොළට අමතරව, එරට බටහිර වෙරළේ පිහිටි හොදෙයිදා (Hodeidah), සාලිෆ් (Salif ) සහ  රාස් කැනටිබ් (Ras Kanatib) යන වරායයන්හි  හමුදා යටිතල පහසුකම් ද එදින ඊශ්‍රායල ප්‍රහාරවල  ඉලක්ක  විය. හෙස්යාස් (Hezyaz) සහ රාස් කැනටිබ් හි පිහිටි යේමන විදුලි බලාගාර ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් විනාශ කෙරිණි. 

"අපි මේ ගහන්න පටන්ගත්තා විතරයි. තොපි අන්න එක හොඳින් මතක තියා ගනිල්ලා," එදින ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ගුගුලේය. 

 

ඊශ්‍රායල අගමැතිවරයා හමාස් නායක ඝාතනය ජාත්‍යන්තරයට දැනුම් දෙයිඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු
එම ප්‍රහාර හමුවේ, පුද්ගලයින් 6 දෙනකු ජීවිතක්ෂයට පත්ව 40කට අධික පිරිසක් තුවාළ ලැබූ බව හුති මාධ්‍ය පසුව පැවසීය.

ප්‍රහාරයෙන් පසු දින (27) ජෝර්දානය බලා පියාසර කළ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ගෙබ්‍රෙයේසස්, ගුවන්තොටුපොළේදී ඊශ්‍රායල ප්‍රහාරයෙන් බරපතල තුවාල ලත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු වැඩි දුර වෛද්‍ය ප්‍රතිකාර පිණිස යොමු කළ බවත්, ගුවන්තොටුපොළ වෙත යළි ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් ඊශ්‍රායලය විසින් සිදු කර නොමැති බවත් දුරකථන ඇමතුමකින් පැවසීය. එක්සත් ජාතීන්ගේ මානුෂීය ගුවන් සේවාවේ  නිරත එම කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් ඇතැයි ද ඔහු එහිදී පැවසීය.

නත්තල් නිවාඩුවේ තමා ඇතුළු දූත පිරිස ගිය කාර්යය  පිලිබඳ සාකච්ඡා සාර්ථක වෙමින් පැවති පසුබිමෙක, ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූ බව ගෙබ්‍රෙයේසස් පවසයි. යේමන අත්අඩංගුවේ පසුවන එක්සත් ජාතීන්ගේ  සංවිධාන සාමාජිකයින් 16 දෙනකු, රාජ්‍යතාන්ත්‍රික සාමාජිකයින් සහ රාජ්‍ය නොවන සංවිධාන කාර්යමණ්ඩල කිහිපයක පිරිස් මුදා රැගෙන එම සම්බන්ධයෙන් එම සාකච්ඡා පැවැත්විණි. 

 

bca0300ebc6370b148315129cd14426aecbf4e69
ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් වෙත චෝදනා එල්ල නොකළ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී, සිය යේමන නිල සංචාර කාල සටහන, පූර්වයෙහිම  ප්‍රසිද්ධියට පත් කර සිදු කළ ගමන් වාරය අතරතුර, එරට සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ විමතිය පළ කරයි.

"කොටින් කියතොත්, කතාව මේකයි. මම එහි සිටියත් නොසිටියත්, සිවිල් ගුවන්තොටුපොළක් කිසිදු ප්‍රහාරයක ඉලක්කයක් නොවිය යුතුයි. අප මරණයෙන් බේරුණේ  'අනූ නවයෙන්' කියා  මා සමග සිටි ගමන් සගයෙක් ද පැවසුවා. අප සියළු  දෙනාට ඒ වෙලාවේ දැනුණ මරණ බිය එක සමානයි. අන් අයටද එසේමැයි මා විශ්වාස කරනවා. මම තවත් එක් මනුෂ්‍යයකු පමණයි. එහෙත්, මා වැනි තවත් විශාල පිරිසකට දෛනිකව අත්විඳීමට සිදුව ඇති ඒ මරණ බිය පිලිබඳ සහකම්පනයක් මට තිබෙනවා. අනිත් අතට, මේ සිද්ධිය,  ඔවුන් විඳින ඒ කටුක, අවාසනාවන්ත අත්දැකීම ඒ ලෙසටම අත්විඳීමට, ඉරණම විසින් මා යොමු කළ අවස්ථාවක් සේ  දකිනවා.

මට, අප ජීවත්වන  මේ ලෝකය ගැන කණගාටුයි.  අප මේ ගමන් කරන්නේ කොතැනකටද? කුමන දෙසකට ද? ලොව පුරා සියලු සටන් වහා නතර කරන ලෙස මම ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මම කිසිදා.....මට මතක ඇති කාලෙක....,මේ ලෝකය, මේ වගේ අති  බිහිසුණු තත්ත්වයකට වැටී ඇති අයුරු දැක නැහැ,"  ගෙබ්‍රෙයේසස් කියා සිටී. 


(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'සනා ගුවන්තොට ප්‍රහාරය මරණාසන්න අත්දැකීමක්' - ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී | The Leader